Tuesday, June 9, 2015

               

                      තාත්තගේ මළ ගම අහවර කරලා භූමිදානය කරපු සොහොන දිහා බලන් ඉද්දි පපුකැවුත්ත පිච්චිලා යනවා. ගොම්මනේ කඩා වැටුණූ වැස්සට සොහොන මතට දාලා ගොඩකරපු පස් උඩ තිබ්බ ගල් කැට එහෙමම තියෙද්දි වටේ තිබ්බ පස් යටට ගිහින්. හරියට මාව උඩට ගනින් පුතේ කියලා තාත්තා අත් දෙක උස්සන් කෑගහල කියනව වගේ. ජීවතුන් අතර ඉන්න කාලේ තාත්තත් එක්ක ගොම්මනේ ලන්තෑරුම් එළියෙන් පේර ගහ යට බංකුවට වෙලා දාං ඇද්ද දාං ළැල්ලෙ එදා හිටිය ඉත්තො අද සී සීකඩ විහිරිරා ගිහින්. හිතේ ගින්දරත් එක්ක ඇස් දෙකෙන් කඩා වැටෙන කඳුලු දෙකම්මුල් පුච්චගෙන දාං ළෑල්ල උඩට වැටෙනව වගේ මට දැනෙනා.
                  කල්පනා ලෝකයක ගිළිලා හිටිය මම  පුරං විච්ච කුඹුර මැද තියෙන පන් ගොල්ල දිහායින් ඇසුන උලමෙක් හූල්ලන හඬට තිගැස්සුණා. ඝන අන්ධකාරෙත් එක්ක ඔට්ටු අල්ලන කනාමැදිරියො රොත්ත පිටින් එහා මෙහා පියාඹනවා. ගොරණාඩු කරපු අහසෙ කලු විච්ච වලා ගුළි හරියට කලු ගල් වගේ. කිසිම හිතක් පපුවක් නෑ. හිල් විච්ච ටකරම් වහලෙට දොඹ ගෙඩි වගේ වැස්ස කඩන්පාත් වෙද්දි මං කුස්සියට දිව්වෙ තැටි කබලක්වත් අරන් ඇවිත් තාත්තගෙ පෙට්ට ගම උඩින් තියන්න. වහලෙ සිදුරු අතරින් වැටුණ වැහි බිංදු පෙට්ට ගම උඩට සට සට ගගා වටෙනවා. ගෙයි වටිනා කියලා තඹ දොයිතුවක්වත් තිබුණනම් තිබුණෙ ඔය පෙට්ට ගම අස්සෙ. තාමත් ඒ පෙට්ට ගමේ තාත්තගෙ කමිස කඩ මලු දෙක තුනම තාත්ත නමලා තියු විදිටම තියෙනවා. කමිස කඩමලු ටික අතට ගත්තු මම දැක්කෙ නිල් පාට ඉරිළ ගිය ෆයිල් එකක්. ඒ ෆයිල් එක ඇතුළෙ තිබුණෙ වෛද්‍ය වාර්තාවක් .තාත්තාගෙ පපුවෙ නහරවල් තුනක ලේ කැටි හිරවෙලා.  කාෂ්ට ගෙන්දගම් පොලොවත් එක්ක ඔට්ටුවෙලා යන්තම් බඩවියත තුනී කරගන්න තාත්තාත් අම්මා එක්ක එකතු වෙලා වින්දෙ පුදුම දුකක්. එහෙව් අපට කොයින්ද ඔපරේෂන් එකක් කරන්ඩ තරම් ඔච්චර සල්ලි කන්දරාවක්්. ඒත් ඉන්න හිටින්න කියලා තිබුණු පැලත් උකසට තියල රටට ලෝකෙට ණය වෙලා තාත්තගෙ පණ කෙන්ද රැකගන්න අම්ම විඳින දුක බලා ඉන්න තරම් මගෙ හිතට හයියක් තිබුණෙ නෑ. කෙල්ලගෙ කනි දෙක පාලුවට අරින්න හොඳ නෑ කියලා තාත්තාම ගෙනත් දැපු අරුංගල් දෙක ගලෝලා මම අම්මට දුන්නෙ මට මගෙ පණටත් වඩා මම තාත්තාගෙ පණට ආදරේ කරන හින්දා.
දවසින් දවස ඔහොම ගෙවිල ගියා. ඉංගිරීසි බෙහෙත් බලෙන් තාත්තා යන්තම් පණ අඳිනවා. ඒත් හිටි හැටියෙ පාන්දර තාත්තා කෙදිරි ගාන හඩක් ඇහුණූ. මායි අම්මයි දුවලා ගියේ තාත්තා නිදන් හිටිය පැදුර ගාවට. තාත්තේ කියල මම කතා කළා. ඒත් වෙනදා මයෙ පුතේ කියල මගෙ ඔලුව අත ගැපු තාත්ත මගේ මූණ දිහා බලල එක වචනයක් වත් කතා කළේ නෑ. බලා ඉන්න බැරිම තැන සිද්ධාර්ථ තෙල් ටිකක් අතර අරන් තාත්තගෙ පපුවෙ ගාලා පිරි මැඳ්දෙ අන්තිම හුස්ම පොදවත් ඉතුරු කර ගන්න හිතාන. ඒත් තාත්තා හෙල්ලුනේවත් නෑ. වරිච්චි බිත්ති අතරින් අම්මගෙ අදෝනාව දුර ඈතට ඇඳිලා ගියා.
               ගම්මු එකතු වෙලා ගේ ඉස්සරහින් පාර දිගේ ගොක් රෑන් ඇඳ්දා. රතු පාට ඇන්තූරියන් මලින් පිරුණු මල් වඩමක් ගේ ඇතුළෙ තියන්න ඉඩක් නැති තැන දොරකොඩ තියල තියෙනවා. කවදාවත් අලුත් අඳුමක් නොඇන්ඳ තාත්තා පාන්කඩ විච්ච කමිසෙට සමුදීල නොඑන ගමනක් යන්න ලස්සනට ඇඳගෙන දෑත් බැඳගෙන නිහඩවම බලා ඉන්නවා. වෙනද වගේ මාත් එක්ක කතා කළේ නෑ. පේර ගහයට බංකුව උඩට වෙළා ගම්මු දෙතුන් දෙනෙක් බුලත් විට කතා තාත්තාගේ හොඳ කියෝනව මට ඇහුණා. ගමේ වෙන  ඕනිම කෙනෙකුට සල්ලි බලෙන් නැතත් ඇෙග් පතේ හයියෙන් උදව් උපකාර කරපු තාත්තට කවුරුත් නරකක් කියන් නෑ. පාංශකූලෙ දීලා සුදු පාට පාඩව මැඳින් තාත්තා යන්න ගියා. ආයෙ කවදාවත් තාත්තා එන්නෑ කියලා හිත හඳාගන්න මට බෑ. ගෙයි හතර වටෙන් තාත්තගෙ කට හ`ඩඇහෙනවා. චූටි පුතේ හොඳට ඉගෙන ගනින් කියලා තාත්තා මට කියනවා. තාත්තගෙ මළ ගම අහවර වෙලා උඹලා බය වෙන්න එපා  ඕනැ එහෙකට අපි ඉන්නව කියපු නෑදෑ සනුහරේ උන් එකා එකා අතුරු දහන්වෙලා යද්දි මං හාවක් හුවක් නැතිව ඔහේ බලා ගෙන උන්නා. මං දන්නව ඔය කියන උන් ඔක්කොම ආවේ තාත්තා ඉන්නකම් අපේ තියෙන දේ සූර කන්ඩ කියලා. උන්ට දැන් මහ වත්තට එන පාරවත් මතකද දන්නෑ.
              දෛවයත් හරියට අපේ ජීවිතත් එක්ක සෙල්ලම් කරනවා වගේ. තාත්ත නැතිවුණ දා ඉදන් අම්මා කූලී වැඩ කරන්න ගත්තෙ වෙන කරන්න දෙයක් නැති කමට. වැඩ කරල ආපු අම්ම ? මටත් හොරෙන් අත් දෙකේ තෙල් ගානව. මම නිදි කියල අම්ම හිතුවට මම අම්මටත් හොරෙන් අම්ම දිහා බලන් හිටියෙ. ඉස්කෝලෙන එක නතර කරල අම්ම එක්ක කුළි වැඩට උදව් කරන්න යන්න හිතුවත් අම්ම ඒක ඉඩක් දුන්නෙ නෑ. මොනව නැතත් ඉගෙන ගිනින් පුතේ කියලයි අම්මා කිවුවේ. දින සති මාස ගෙවිල කාලය ගත වුණා. සාමාන්‍ය පෙළ විභාගෙත් ඉහළින් පාස් වෙලා උසස් පෙළ කරන්න මට පුලුවන් වුණා. දෙයියනේ මම උසස් පෙළත් පාස්. දැන් මොකද කරන්නෙ ? කැම්පස් යන්න අපට කොයින්ද අම්මෙ සල්ලි?   

බොරඳියෙන් නිල් දියට



                            මෙලොව ජනිත වන අන්  ඕනෑම සත්ත්‍වයෙකු මෙන්ම මිනිසාද ජීව විද්‍යාත්මක වශයෙන් කිසියම් බෙඳිමකට ලක්කර ඇත. පුමිතිරි භාවය හෙවත් ස්ත‍්‍රී පුරුෂ බව ලෙස හඳුන්වනු ලබන්නේ එම බෙඳීමයි. නමුත් මානව සමාජය තුළ ගොඩ නැඟී ඇති අහේතුක සමාජ  පිළිගැනීම් හමුවේ ස්ත‍්‍රී පුරුෂ භේදය වර්ධනය වී ඇති ආකාරයක් පෙනී යයි. ආසියානු කලාපය තුළ සංස්කෘතික පදනමට සිරිවී මෙම තත්වය වඩාත් උග‍්‍ර ලෙසින් හඳුනා ගැනීමට හැකිවේ.සකල විධ පුරුෂාර්ථයන්ට නතුවී බැට කන කාන්තාවන්ගේ භූමිකාව කිසිසේත්ම සාධු සම්ම ජන සමාජයකට ගොචර නොවේ.
                නවීන විද්‍යාව හා ජාතීන් පිළිබඳ ප‍්‍රශ්නය නම්වූ පරිවර්තන කෘතියෙහි විද්‍යාඥයින්ගේ පර්යේෂණ මත පදනම්ව ෙඡ්. එච් කෝල් බෲක් විසින් රචිත ලිපියක බුද්ධිය පිහිටා ඇතැයි සිතන මොළයේ ඉදිරිපස කොටසේ බර ස්ත‍්‍රී පුරුෂ දෙපාර්ෂවයේම එක හා සමාන බවත් එය මොළයේ මුලු බරින් 44‍්‍ % පමණ වන බවත් සඳහන්ව ඇත. මෙය සැබෑවක් නම් ස්ත‍්‍රියගේ නුවණ හැඳිමිටේ වැනි කියමන් අප සමාජ ගතවූයේ කෙසේ දැයි විමසා බැලිය යුත්තකි. නමුතු මෙම යල් පැන ගිය වාගාලාප සමඟ හරඹ කිරීමට වඩා සමාජමය වශයෙන් කාන්තාවට දෙවැනි තැන හිමිවන්නේ මන්දැයි විමසා බැලීම වටී.
                අතීතෙයේ පටන්ම විවිධ සමාජ පිළිගැනිම් පාදක කොට ගෙන පුතාගේ වර්ධනය කෙරෙහි මොපියන් වැඩි අවධානයක් යොමු කරයි. ලංකාවේ ඇතැම් පළාත් වල පිරිමි දරුවාට බත් දංකුඩ නොදෙන අතර, පවුල් කුටුම්භය තුළ පවා අඩුලුහුඩුකම් වලට මැඳිවූයේ ගැහැනු දරුවායි. ආදිකාලීන භාරතිය ජනසමාජය තුළ පවා කාන්තාව අවතක්සේරුවට ලක්වු බව පුන පුනා කිවයුත්තක් නොවේ. මාවතේ නිරුපද්‍රිතව ගමනක් ගොස්  යළි පැමිණිය හැකිය යන විශ්වාසය පා`ඵදුවූ යුගයක කාමාතුරයින්ගේ රස නහර පිනවන මාංෂ පිණ්ඬයක්සේ මිරිකී හපවූ කාන්තාවන් එදා මෙන්ම අදත් සිටී. නුතන සමාජයේ  කාන්තාව පුරුෂයා තරමටම සිය කාය ශක්තිය වර්ධනයකරගනිමින් සෑම කාර්යයක්ම ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව කිරීමේ ශක්‍යතාවයෙන් සිටී. කාලයේ ඇවෑමෙන් තාක්ෂණය දියුණුවී කාය ශක්තිය වෙනුවට තාක්ෂණික ශක්තියද ආරෝපණ කරගනිමින් පහසුවෙන් කාර්යයන් ඉටුකර ගැනීමට මානවයාට හැකීවී ඇත. මෙම තාක්ෂණික  දියුණුව හමුවේ එතෙක් කාන්තාව තාය ශක්තිය අතින් පිරිමියාට පිටු පසින් සිටියද මේ වන විට දෙපාර්ශවයට සම තත්වයකට පත්ව ඇති බව කිව හැක.
            නමුත් පුරුෂාධිපත්‍ය හමුවේ ගැහැනිය නිවසට සීමා වීමක් දැකිය හැක. එංගල්ගේ වර්ණනාවන්ට අනුව අතීතයේ කාන්තාවන්ගේ සෞභාග්‍යමත් කාලයේදී පවා කාන්තාවන්ට නිවසේ ආධිපත්‍යහිමිවූ බව සඳහන් කිරීම තුළින් ගම්‍ය වන්නේ ඇය එකලද ගෘහයට සීමා වී සිටියාය යන්න නොවේද? කෙසේ නමුත් නූතන විශ්ව විද්‍යාල පද්ධතිය තුළ පවා විද්‍යාර්ථයින්ගෙන් අති බහුතරය පුරුෂයන් නොව ස්ත‍්‍රීන්ය. මේ අනුව කාන්තාවන් අධ්‍යාපනයෙහිලාද මුල්තැන ගෙන සිටින බව පෙනේ. කෙසේ නමුත් විවාහයෙන් පසු දරුවන් ලැබීමත් කරණකොටගෙන ඇය පවුල් කුටුම්භය තුළ වගකීම් පොදියකට සිරවී සිටී. මේත් සමගම ඇය රැුකියාවට තිත තැබීමට පෙළඹෙන්නේ රස්සාවට නොව පරස්තාවට මුල්තැන දෙමිනි. ? පහන් වනතුරු පාඩම්කරමින් විභාග ජය ගෙන ලබා ගන්නා උපාධියට වටිනාකමක් තිබේද යන්න මෙහිදි මතු වන ගැටලුවයි. එසේම නෙක සමාජ පිළිගැනීම් හමුවේ කාන්තාවන්ගේ නිදහස පවා දුර්මුඛයට ඇඳදමා ඇති බව සඳහන් කළ යුතුය . රාත‍්‍රියෙහි කාන්තාවකට ගමන් කිරිමට සමාජය තුළින් නිදහස් අවකාශයක් ලබාදී නැත. මෙලෙසින් කාන්තාවක් රැුයෙහි ගමන් කලහොත් ඇය වෙසඟනක් යැයිද අනාචාරයේ යන කාන්තාවක් යැයි සමාජයා විසින් හංවඩු ගසනු ඇත. තවත් දෘෂ්ටි කෝණයකින් බැලූ කල කාන්තාවකට තනිවම රාත‍්‍රීයෙහි පමණක් නොව දහවහපවා ගමන් කිරීමට නොහැකි තරම් කාමාෂවෙන් මැඩුණු මිනිස් වෙස් ගත් අමනයින් මඟතොට මාන බලමින් සිටී. මෙවැනි කාරණා පදනම් කොට ගෙන කාන්තාවන්ගේ නිදහස බිත්ති හතරකට කොටු වී ඇත. ඒ අනුව සමාජයේ කාන්තාවන් විෂයෙහිලා රෝපණය වී ඇති අනර්ථකාරී දෘෂ්ටීන් සිඳ බිඳ දැමීමට සියල්ලෝම වගබලා ගතයුතුවේ. කාන්තාවන්ට සම තැන ඉළ්ලා හඬ නඟන රාජ්‍ය නෙවන සංවිධානවල නෝනලා හඬ නැඟිය යුත්තේ කාන්තාවන්ට සමතැන ගැනීමටද නිසි තැන ලබාගැනීමටද යන්න  සිතා බැලිමට කාලය එළඹ ඇත.