Tuesday, July 14, 2015

     බොරඳියෙන් නිල් දියට


 

                   මෙලොව ජනිත වන අන්  ඕනෑම සත්ත්‍වයෙකු මෙන්ම මිනිසාද ජීව විද්‍යාත්මක වශයෙන් කිසියම් බෙඳිමකට ලක්කර ඇත. පුමිතිරි භාවය හෙවත් ස්ත‍්‍රී පුරුෂ බව ලෙස හඳුන්වනු ලබන්නේ එම බෙඳීමයි. නමුත් මානව සමාජය තුළ ගොඩ නැගී ඇති අහේතුක සමාජ  පිළිගැනීම් හමුවේ ස්ත‍්‍රී පුරුෂ භේදය වර්ධනය වී ඇති ආකාරයක් පෙනී යයි. ආසියානු කලාපය තුළ සංස්කෘතික පදනමට සිරිවී මෙම තත්වය වඩාත් උග‍්‍ර ලෙසින් හඳුනා ගැනීමට හැකිවේ.සකල විධ පුරුෂාර්ථයන්ට නතුවී බැට කන කාන්තාවන්ගේ භූමිකාව කිසිසේත්ම සාධු සම්ම ජන සමාජයකට ගොචර නොවේ.
                නවීන විද්‍යාව හා ජාතීන් පිළිබඳ ප‍්‍රශ්නය නම්වූ පරිවර්තන කෘතියෙහි විද්‍යාඥයින්ගේ පර්යේෂණ මත පදනම්ව ෙඡ්. එච් කෝල් බෲක් විසින් රචිත ලිපියක බුද්ධිය පිහිටා ඇතැයි සිතන මොළයේ ඉදිරිපස කොටසේ බර ස්ත‍්‍රී පුරුෂ දෙපාර්ෂවයේම එක හා සමාන බවත් එය මොළයේ මුලු බරින් 44‍් % පමණ වන බවත් සඳහන්ව ඇත. මෙය සැබෑවක් නම් ස්ත‍්‍රියගේ නුවණ හැඳිමිටේ වැනි කියමන් අප සමාජ ගතවූයේ කෙසේ දැයි විමසා බැලිය යුත්තකි. නමුතු මෙම යල් පැන ගිය වාගාලාප සමඟ හරඹ කිරීමට වඩා සමාජමය වශයෙන් කාන්තාවට දෙවැනි තැන හිමිවන්නේ මන්දැයි විමසා බැලීම වටී.
                අතීතෙයේ පටන්ම විවිධ සමාජ පිළිගැනිම් පාදක කොට ගෙන පුතාගේ වර්ධනය කෙරෙහි මොපියන් වැඩි අවධානයක් යොමු කරයි. ලංකාවේ ඇතැම් පළාත් වල පිරිමි දරුවාට බත් දංකුඩ නොදෙන අතර, පවුල් කුටුම්භය තුළ පවා අඩුලුහුඬුකම් වලට මැඳිවූයේ ගැහැනු දරුවායි. ආදිකාලීන භාරතිය ජනසමාජය තුළ පවා කාන්තාව අවතක්සේරුවට ලක්වු බව පුන පුනා කිවයුත්තක් නොවේ. මාවතේ නිරුපද්‍රිතව ගමනක් ගොස්  යළි පැමිණිය හැකිය යන විශ්වාසය පලුදු වූ යුගයක කාමාතුරයින්ගේ රස නහර පිනවන මාංෂ පිණ්ඬයක්සේ මිරිකී හපවූ කාන්තාවන් එදා මෙන්ම අදත් සිටී. නුතන සමාජයේ  කාන්තාව පුරුෂයා තරමටම සිය කාය ශක්තිය වර්ධනය කර ගනිමින් සෑම කාර්යයක්ම ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව කිරීමේ ශක්‍යතාවයෙන් සිටී. කාලයේ ඇවෑමෙන් තාක්ෂණය දියුණුවී කාය ශක්තිය වෙනුවට තාක්ෂණික ශක්තියද ආරෝපණ කරගනිමින් පහසුවෙන් කාර්යයන් ඉටුකර ගැනීමට මානවයාට හැකීවී ඇත. මෙම තාක්ෂණික  දියුණුව හමුවේ එතෙක් කාන්තාව තාය ශක්තිය අතින් පිරිමියාට පිටු පසින් සිටියද මේ වන විට දෙපාර්ශවයට සම තත්වයකට පත්ව ඇති බව කිව හැක.
            නමුත් පුරුෂාධිපත්‍ය හමුවේ ගැහැනිය නිවසට සීමා වීමක් දැකිය හැක. එංගල්ගේ වර්ණනාවන්ට අනුව අතීතයේ කාන්තාවන්ගේ සෞභාග්‍යමත් කාලයේදී පවා කාන්තාවන්ට නිවසේ ආධිපත්‍ය හිමිවූ බව සඳහන් කිරීම තුළින් ගම්‍ය වන්නේ ඇය එකලද ගෘහයට සීමා වී සිටියාය යන්න නොවේද? කෙසේ නමුත් නූතන විශ්ව විද්‍යාල පද්ධතිය තුළ පවා විද්‍යාර්ථයින්ගෙන් අති බහුතරය පුරුෂයන් නොව ස්ත‍්‍රීන්ය. මේ අනුව කාන්තාවන් අධ්‍යාපනයෙහිලාද මුල්තැන ගෙන සිටින බව පෙනේ. කෙසේ නමුත් විවාහයෙන් පසු දරුවන් ලැබීමත් කරණකොටගෙන ඇය පවුල් කුටුම්භය තුළ වගකීම් පොදියකට සිරවී සිටී. මේත් සමගම ඇය රැකියාවට තිත තැබීමට පෙළඹෙන්නේ රස්සාවට නොව පරස්තාවට මුල්තැන දෙමිනි. ? පහන් වනතුරු පාඩම්කරමින් විභාග ජය ගෙන ලබා ගන්නා උපාධියට වටිනාකමක් තිබේද යන්න මෙහිදි මතු වන ගැටලුවයි. එසේම නෙක සමාජ පිළිගැනීම් හමුවේ කාන්තාවන්ගේ නිදහස පවා දුර්මුඛයට ඇඳදමා ඇති බව සඳහන් කළ යුතුය . රාත‍්‍රියෙහි කාන්තාවකට ගමන් කිරිමට සමාජය තුළින් නිදහස් අවකාශයක් ලබාදී නැත. මෙලෙසින් කාන්තාවක් රැයෙහි ගමන් කලහොත් ඇය වෙසඟනක් යැයිද අනාචාරයේ යන කාන්තාවක් යැයි සමාජයා විසින් හංවඩු ගසනු ඇත. තවත් දෘෂ්ටි කෝණයකින් බැලූ කල කාන්තාවකට තනිවම රාත‍්‍රීයෙහි පමණක් නොව දහවලෙහිපවා ගමන් කිරීමට නොහැකි තරම් කාමාෂවෙන් මැඩුණු මිනිස් වෙස් ගත් අමනයින් මඟතොට මාන බලමින් සිටී. මෙවැනි කාරණා පදනම් කොට ගෙන කාන්තාවන්ගේ නිදහස බිත්ති හතරකට කොටු වී ඇත. ඒ අනුව සමාජයේ කාන්තාවන් විෂයෙහිලා රෝපණය වී ඇති අනර්ථකාරී දෘෂ්ටීන් සිඳ බිඳ දැමීමට සියල්ලෝම වගබලා ගතයුතුවේ. කාන්තාවන්ට සම තැන ඉළ්ලා හඬ නඟන රාජ්‍ය නොවන සංවිධානවල නෝනලා හඬ නැඟිය යුත්තේ කාන්තාවන්ට සමතැන ගැනීමටද නිසි තැන ලබාගැනීමටද යන්න  සිතා බැලිමට කාලය එළඹ ඇත.








Monday, July 13, 2015

මුහුණු පොතේ වගතුග



විද්‍යාවේ හා තාක්ෂණයේ  දියුණුවත් සමග සන්නිවේදන මාධ්‍යයේද පුළුල් සංවර්ධනයක් සිදුවුණි. සාම්ප‍්‍රදායක හා නූතන සන්නිවේදන යුග පසු කරමින් වර්තමානය වන විට නව සන්නිවේදන අවධියකයට පා තබා තිබේ. නව මාධ්‍යයේ දියුණුවත් සමග ලෝකය විශ්ව ගම්මානයක් බවට පත්ව ඇතැයි මාෂල් මැලූහන් සඳහන් කළද, නූතන සන්නිවේදනඥයින්ගේ අදහස වන්නේ නව මාධ්‍යයේ  දියුණුවත් සමග ලෝකය විශ්ව ගම්මානයක් නොව එය විශ්ව පවුලක් බවට පත්ව ඇති බවයි.නව මාධ්‍ය තාක්ෂණය ක‍්‍රමයෙන් පරිණාමයට පත්වීමත් සමග ගෝලියකරණය සිදුවිය. විද්‍යුත් සන්නිවේදනය පුලුල් වීමෙන් ජාතීන් අතර පවතින දුරස්ත භාවය නිිමාවී ගෝලීයකරණය හටගත් බව කෙයාලි 1992 පවසයි. ඔහු දක්වන ආකාරයට මෙම වර්ධනීය තත්වය දුරස්ථතාවයේ මළ ගම” ලෙස හඳුන්වයි.අන්තර්ජාලය සමග විවිධ සබඳතා ගොඩනැගීම වර්තමානය තුළ වර්ධනය වී තිබේ. මෙහිදී අන්තර්ජාලය සතු වේගවත් බව මීට හේතුවී ඇත. මේ අනුව තාක්ෂණික දියුණුවත් සම`ග කාලය හා අවකාශය පහසුවෙන් ජය ගැනීමට  නව මාධ්‍යයට හැකිවිය.
ගෙවුණු වසර 25 ක කාලය තුළ ලෝකය පුරා වෙබ් අඩවි විශාල ප‍්‍රමාණයක් නිර්මාණ විය. ඒවා වඩා දියුණු ජාල භාෂා උපයෝගී කරගෙන විවිධ වර්ග යටතේ ජාලගත වී තිබෙන අයුරු දක්නට ලැබේ.

 සමාජ ජාල වෙබ් අඩවි
 ඡායා රුප වෙබ් අඩවි
bolg
Reference
මේ වන විට නිර්මාණය වී ඇති වෙබ් අඩවි ප‍්‍රමාණය ගණනින් ආසන්න වශයෙන් මිලියන 800 ක් පමණ වේ. නමුත් ක‍්‍රියාකාරීව පවතින්නේ මිලියන 200 වැනි ප‍්‍රමාණයකි.මෙහිසමාජ මාධ්‍ය පිළිබඳව විමසීමේදී සමාජ මාධ්‍ය රැසක් හඳුනා ගත හැක.
අන්තර්ජාලය පදනම් වූ අයදුම්පතක් මගින් බිහි කරනු ලබන සංකල්පමය හා තාක්ෂණික පදනමක් සහිත WEB2සංකල්පය හරහා භාවිත කරන්නන් විසින් බිහිකරනු ලබන අන්තර්ගතයන් ඇත. ඉන් විවිධ නිර්මාණයන් හා හුවමාරු කිරීම් සිදුවන සමූහයන් භාවිත කරන මාධ්‍ය සමාජ මාධ්‍ය වේ.”
                                                           Andreas Kaplan and Michael Haenlein (2010)
                                                                                   
සමාජ ජාලා වෙබ් අඩවි අතරින් ලංකාවේ කැපී පෙනෙන වෙබ් අඩවිය වන්නේ facebookවෙබ් අඩවියයි. ලංකාවේ මිලියන 21 ක් වූ ජනගහනයෙන් 5.7% කට ෆේස් බුක් ගිණුම් තිබෙන බව දත්ත වාර්තාවල දැක්වේ. විශාල පිරිසක් සමග එකවර සම්බන්ධතා පැවැත්වීමේ ශක්‍යතාවක් සමාජ ජාලා සතුවේ. නූතන සමාජය දෙස විමසා බැලූ විට අන්තර්ජාලය තුළ ඇති ෆේස් බුක් සමාජ ජාලා වෙබ් අඩවිය පිළිබඳ නොදන්නා කිසිවෙකුත් නොමැති තරම්ය.
”ෆේස් බුක් යනු නොමිලේ ලබාදෙන ජනප‍්‍රිය සමාජ ජාලා වෙබ් අඩවියකි. එය තමන්ට පැතිකඩක් නිර්මාණය කර ගැනිමට හා ඡුායා රූප හා වීඩියෝ දර්ශන නිකුත් කිරිමටද යහලුවන් සිය පවුල හා හවුල්කරුවන් සම`ග පණිවුඩ හුවමාරුකර ගැනීමටද ඉඩ සළසා දී තිබේ.”
                                                                
”ෆේස් බුක්  යනු සමාජ ජාල වෙබ් අඩවියකි. එමගින් පවුල හා මිතුරන් සමග පහසුවෙන් සම්බන්ධතාවන් ගොඩ නගා ගැනීමට හා බෙඳා ගැනීමට හැකී.”
”ෆේස්බුක් මගින් ලෝකයට විවර වීමටත් සම්බන්ධ වීමටත් තොරතුරු බෙදා හැරිමටත් අවස්ථාව ලබාදී ඇත. මේ අනුව පුද්ගලයින්ට ෆේස් බුක් මගින් පවුල හා මිතුරන් සමග සම්බන්ධ වීමටත් ලෝකයේ තොරතුරු බෙදා ගැනීමටත්,ප‍්‍රකාශ කිරිමටත් හැකියාව ලැබේ.”
                                                                                                  
පවතින දුර්වලතා හඳුනාගනිමින් නිරන්තරයෙන් ප‍්‍රතිසංස්කරණයට ලක්වන ෆේස් බුක් සමාජ ජාලය විශේෂයෙන්ම තරුණ තරුණියන් අතර ජනපි‍්‍රය අංගයක් බවට පත්ව ඇත.මෙය ලෝක ව්‍යාප්ත බහු මාධ්‍ය සමාජ සේවා ජාලයක් ලෙසින් හඳුනා ගත හැක.ෆේස් බුක් ආරම්භ වීමට පෙර එම තැන හිමිකරගෙන තිබුණේ මයි ස්පේස් හා හයිෆයිව් යන සමාජ ජාලා දිවිත්වයයි.ෆේ්ස් බුක් සමාජ ජාලයක් ලෙස දියත් කරනු ලැබූවේ 2004 අපේ‍්‍රල් 4 වැනි දින සිටයි.ෆේස් බුක් 2013 සැප්තැම්බර් මාසය වන විට බිලියන 1.19 ක පරිශීලකයන් ගණනකින් සමන්විත විය.මෙහි ලියාපදිංචි විය හැක්කේ අවම වශයෙන් වයස අවුරුදු 13ක් වයසැති පරිශීලකයන්ට පමණි. ඒ අනුව වයස අවුරුදු 13ට අඩු වූවන්ට ෆේස්බුක් සාමාජිකත්වය හිමි නොවේ.
                        ෆේස් බුක් සමාජ ජාලය නිර්මාණය කරනු ලැබූවේ මාක් සකර්බර්ගේ මූලිකත්වයෙනි. ආරම්භයේදී නිර්මාතෘවරුන් විසින් ෆේස් බුක් වෙබ් අඩවිය හාර්වඞ් සරසවියේ සිසු  සිසුවියන් ඒකරාශ‍්‍රි කිරිම සඳහා ආරම්භ කර ඇත.කෙසේ නමුත් පසුව මෙම සමාජ ජාලය අවට පාසල් අතරද බොස්ටන් ප‍්‍රදේශයේ හා ස්ටැන්ෆෝඞ් සරසවිය අතරද ව්‍යාප්තවී ඇත. මෙලෙස පසුකාලීනව එම ප‍්‍රාථමික බලාපොරොත්තුව ඉක්මවා යාමට ෆේස් බුක් සමාජ ජාලයට හැකිවූයේ මිලියන 500ක පරිශීලකයන් ප‍්‍රමාණයක් එය හා එක් රැස් කර ගැනීමත් සම`ගිනි. දැනට ලෝකයේ අංක එකේ සමාජ ජාලා වෙබ් අඩවිය ලෙස කිරුළ හිමි කර ගත් ෆේස් බුක් උන්මාදයක් ලොව පුරා පවතී.මේ අනුව ෆේස් බුක් සමාජ ජාලයේ ආරම්භය, ආරම්භක අරමුණු ,එහි ශීඝ‍්‍ර ව්‍යාප්තිය පිළිබඳ යම් අවබෝධයක් ඔබට ලැබෙන්නට ඇත.
දන්නා මිතුරන්ට සිය සම්බන්ධතා වඩා වර්ධනය කර ගැනීමටත්,නොදන්නා මිතුරන් හඳුනා ගැනීමටත් , නොදන්නා අයට දැන ගැනීමටත් දන්නා අයගේ දැනුම තව තවත්  වැඩි දියුණු කර ගැනිමත් හැකියාව ලැබුණු නූතන තාක්ෂණයේ ප‍්‍රාතිහාරයක් ලෙසින් ෆේස් බුක් හඳුනාගත හැක. කෙසේ නමුත් 2004 පෙබරවාරි මාසයේ ලෝකයාට හඳුන්වා දුන් මෙම සමාජ ජාල වෙබ් අඩවිය තුළමේ වන විට ALEXAශ්‍රේණිගත කිරිමට අනුව සාමාජිකත්වය ලබා ඇති පිරිස මිලියන 600 ඉක්මවා ගොස් තිබේ.  මොහොත වනවිටත් Internet live stats web side අනුව ලෝකයේ ෆේස් බුක් පරිශීලකයන් ප‍්‍රමාණය 1410763550 කි.මේ වන විට ෆේස් බුක් භාවිත කරන 213ක් වු රටවල් අතුරෙන් ලංකාව 76 වන ස්ථානය හිමිකරගෙන ඇත.මෙම සටහනලියන අවස්ථාව වන විටලංකාවේ ෆේස් බුක් පරිහරණය කරන සංඛ්‍යාව 852500ක් වන අතර එය සමස්ත ජන ගහණයෙන් 4% ක ප‍්‍රමාණයකි. ALEXA ශ්‍රේණිගත කිරිමට අනුව ලංකාවේ වෙබ් අඩවි අතරින් ෆේස් බුක් සමාජ ජාලය පළමු තැන හිමිකරගෙන ඇත. ලංකාවේ අන්තර්ජාලය පරිහරණය කරන්නන් අතර ඉකුත් මාස 6 ක කාලයේ ෆේස් බුක් සමාජ ජාලයට අලුතින් එකතු වූණු පිරිස  142,820 කි.
 
සශීප්‍රභා පියුමාලී 

Thursday, July 9, 2015


        

 පුවත් පත් කාටූන්

                  පුවත් පත් කාටූනය පිළිබදව මහත් උනන්දුවක් වර්තමානයේ ඇතිවී ඇත. අද වන විට කාටූන් මුද්‍රිත මාධ්‍යයට පමණක් සීමා නොවී විද්‍යුත් මාධ්‍ය මගිනද ප‍්‍රචාරණය වන්නේ  එබැවිනි.  සමාජයේ සිදු වන යම් සිදුවීමක් හාස්‍ය උපහාසය මුසුකර අඳිනු ලබන චිත‍්‍රය කාටූන් චිත‍්‍රයක් ලෙස සරළව අර්ථ කතනය කළ හැක. කාටූන් චිත‍්‍රයද ජනප‍්‍රිය සංස්කෘතියේ ලක්ෂණයක් වන බැවින් අන් කලාවන්හි මෙන්ම කාටූන් කලාවෙහිද අඩු ලුහු`ඩු කම් ස්මතු වීමද නොවැළැක්විය හැකි ය. සාක්ෂරතාවක් නොමැති ජනතාවට පවා නරඹා පැහැඳිලි අවබෝධයක් ලබා ගැනීමට තරම්  ප‍්‍රබල මාධයයක් ලෙසින් මෙය හඳුනා ගත හැක. එසේම සමාජ විරෝධී කාරණාවක් වුවද කාටූන් හරහා උපහාසය හාස්‍යය මුසුකර ඉදිරිපත් කිරීමේ ශක්‍යතාවය කාටූන් නිර්මාණ ශිල්පියා සතුව ඇත.

                කාටූන් චිත‍්‍ර කලාවේ ඉතිහාසය ඉතා ඈත අතීතයකට දිව යන්නකි. එය අවම වශයෙන්මීට ශත වර්ෂ හතකට පමණ පූර්වයෙන් බිහි වන්නට ඇතැයි මත පල කරයි.චිත‍්‍ර කලාව ඈත අතීතයේ සිටම අදහස් ප‍්‍රකාශ කිරීම සඳහා යොදා ගත්මාධ්‍යයක් බව ලැස්කෝ හා ඇල්ටර්මීරා වැනි ගුහාශ‍්‍රිත චිත‍්‍ර වලින් හඳුනාගත හැක. කාටූන් චිත‍්‍ර කලාවේ ඉතිහාසය පිළිබඳව විමසීමේදී හාස්ේ‍යා්ත්පාදන ලක්ෂණ සහිත චිත‍්‍ර කිහිපයක්  පොම්පෙයි නුවරින්ද හමුවී ඇත. එසේම යුරෝපයේ ඇතැම් පල්ලිවලින්ද හමුවූ ගාර්ගොයිල්ස් යනුවෙන් හැඳින්වෙන නිර්මාණද විකට ස්වරූපයක් ගන්නා බව චිත‍්‍රකලා ඉතිහාසඥයන් පවසයි. මෙම කාටූන්කලාවද චිත‍්‍ර කලාවෙන් පෝෂණය වූ මාධ්‍යයකි.

                    මෙම චිත‍්‍ර කලාව අනිබාල් හා අගොස්තිනො යන ස්පාඤ්ඤ ජාතික දෙසොහොයුරන් අතින්ඉදිරියට වඩාත් පැමිණි බව පිළිගැනේ. 16 වන සිය වසේදී ඔවුන් නූතන කැලි කේදරය නිමවා ඇත. නව කලාවක් ලෙසින්කාටූන් කලාවේ මූලික පසු බිම මෙලෙස සැකසුනද මෙම කලාව ජනතාව අතරට පැමිණියේ ජාතික සටන් හා බැඳි පුවත් පත් ඇසුරිනි. 1754 මැයි 9 වන දින බෙංජමීන් ෆ්රැුන්කිලීන් නම් ඇමරිකානු කාටූන් නිර්මාණ ශිල්පියා පෙන්සිල්වියා ගැසට් පත‍්‍රයට සුවිශේෂී කාටූනයක් ඇද ඇත. එනම් එය කොටස් අටකට වෙන්වුණු නාගයෙකු ගේ රූපයකි. මෙම කාටූනය එක් වෙනු නැත් නම් මිය යනු ලෙස නම් කර ඇත.(න්‍දසබ දර ෘසැ*ග

 කාටූන් කලාව දකුණු ඇසියාවට පැමිණියේ 1900 කාලවකවැනුවේ බව හඳුනාගත හැක. මෙහිදි දේශපාලන කාටූන් ලංකාවට හා ඉන්දියාවට රැුගෙනවින් ඇත්තේ ඉංශ‍්‍රීසීන් විසිනි. නමුත් නිදහස ලැබීමට පුර්වයෙන් දේශපාලන කාටුන් කලාවක් තිබුණු බවට සාධක ලැබී නැත. ලංකාවේ පුවත්පත් කාටූනයක් මුල් වරට පළවූයේ 1930 දශකයේ ය. එය ””මුදලාලි නමින් දිනමිණ පත‍්‍රයේ පළවී ඇත. මේ දශකයේම එම් එස් පෙරේරා විසින් ස්වදේශ මිත‍්‍රයා පුවත් පතට පළමු දේශපාලන කාටූනය එක් කර ඇත. එය ඩොනමෝර් කොමිසමේ වාර්තා විවේචනය කර අදින ලද්දකි. ශ‍්‍රී ලංකාව නිදහස ලැබීමත් සම`ගම ඔබ්රි කොලට් ජි එස් ප‍්‍රනාන්දු අමිත අබේසේකර ජෙෆ්රි යූනූස් එබ්ලිව් ආර් විජේසෝම වැනි කලාකරුවන් කාටූන් කලාව නොයෙක් පරාසයන් කරා දියත්කරන්නට  විය.

            සාමාන්‍ය පුවත්පතක කිහිප ආකාරයෙකින්ම කාටූන් දැකගත හැකි වුවද මෙහිදී වඩාත් ප‍්‍රචලිත වී ඇත්තේ දේශපාලන කාටූන්ය. මෙම කාටූන් සඳහා බොහෝ විට සමකාලීන සිදුවීම් පාදක වී ඇති එම කාටූන් කතු වැකකි පිටුවේ හෝ වෙනත් කලු සුදු පිටුවක පළවීම හඳුනා ගත හැකි විය. එසේම කාටූන් කතු වැකකි තරමටම ප‍්‍රබල වනු හඳුනාගත හැක. මෙහිදි වැදගත්ම සාධකය වනුයේ සංකේත භාවිතයයි. මෙම`ගින් කැපීපෙනෙන පුද්ගලයන් උපහාසයට ලක්කිරීමට ප‍්‍රයත්න දරනු හඳුනාගත හැකි අතර ඔවුන්ගේ ශරීරයෙහි යම් යම් වෙනස්කම් කිරීමටද ශිල්පියා පෙළඹේ. නිදසුන් ලෙස දෙබීඞී මතයක එළ්ඹ ගෙනසිටි රජීව් ගාන්ධි උපහාසයට ලක්කිරිම සඳහා කාටූන් නිර්මාණශිල්පී චන්ද්‍රසෝමයන් විසින්  පිනෝකියෝ කතාවෙන් ලද ආභාෂය මත දිග්වූ නාසයක් සහිතවය.එසේම ප‍්‍රජා අයිතිය අහෝසිකරන ලද සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනියව කාටූනයට න`ගා ඇත්තේ කකුලේ ගැටගසන ලද යකඩ බෝලයක් සහිතවය. සාමාන්‍ය පුද්ගලයෙකුගේ හිස සිරුරේ උසින් 1/8 පමණ වුවද කාටූන් ශිල්පියා විසින් චිත‍්‍රයක හිස 1/3 හෝ අඩක් පමණ වන ලෙස ඇඳීමට හුරු වී ඇත.

             වර්තමානය වන විට කාටූන් නිර්මාණ ශිල්පීන් විසින් සිය කාටූන් නිර්මාණ එක් රැුස් කර කෘති නිර්මාණය කර ඇත. මෙවැනි කාටූන් එකතුවක් ලෙස බන්දුල පද්ම කුමාරයන්ගේසංස්කරණයෙන් යුත් මුල් පිටුවට ගෙනා කාටූන් කෘතිය දැක්විය හැක. විටෙක ජනාධිපති ජේ ආර් ජයවර්දනයන්  කාටූන් නිර්මාණ ශිල්පී කොලට් ට කළ ප‍්‍රකාශයක මෙසේ දැක්වේ.

කොලට් තමුසෙ ඩඞ්ලිව අඳින කොට ගිරා හොට නහයයි පයිප්පෙයි දානවා. බණ්ඩව අඳින කොට ජාතික ඇඳුමයි පයිප්පෙයි කණ්ණාඩි කුට්මමයි දානවා.මාවඅඳින කොට විශාල නහයක් දානවා...

කාටූන් නිර්මාණ ශිල්පියා සමාජය සංස්කෘතිය දේශපාලනය සම්බන්ධ ගැටලු පිළිබඳ කතා කිරීමේදී තමා ජනතාව නියෝජනය කරමින් පෙනී සිටින සංකේතය ලෙස කරයුතු කැරනු ලබයි. ඒ අනුව අතීතයේ පටන්ම ජී. එස්. පෙරේරාගේ අන්කල් ක‍්‍රිස්මස්, මාක් ගයිරන් ගේ සිම්පල් සිමියොන්, කොලට් ගේ සිටිසන් පෙරේරා, විජේසෝමගේ පුංචි සිංඤෙ යූනුස් ගේ අප්පුහාමි අමිත අබේසේකර ගේ රාළහාමි වැන චරිතවල පටන් අද වන විට දාස හපුවලානයන් ගේ සුවාරිස් වැනි සංකේත චරිත දක්වා චරිත කිහිපයක් හඳුනාගත හැක. මම චරිත තුළින් හෙළි කරන්නේ සමාජ යථාර්ථයයි.

              එසේම අතිතයේ සර් ජෝන් කොතලාවල, ජේ. ආර් ජයවර්ධන, ටී.බී ඉළංගරත්න වැනි දේශපාලනඥයින් තමාව උපහාසයට ලක්කළ කාටූන්  නිර්මාණ ශීල්පින් සමග බොහෝ සුහදශීලීව කට යුතු කළ බව දැක් වුවද ඇතැම් විට මෙම සබඳතා බිඳී ගිය අවස්ථාද දැකිය හැක.අද වන විටද එම තත්වය හඳුනාගත හැක. එක්තරා අවස්ථාවක තමාව උපහාසයට ලත් කරන ලද ජී. එස්. පෙරේරා කාටූන් ශිල්පියාට ටී.බී ඉළංගරත්නයන් මෙසේ කවියක් යවා ඇත

මට ගහන ගැහුමින්

ඔබට සැපත්ක වේ නම්

තව තවත් ගහමින්

සැපත ළංකර ගන්න යහමින්

මෙහිදී ඡුන්දයෙන් දිනා ඇමති කෙනෙක් බවට පත්වූ ටී.බී ඉළංගරත්නයන්ට ජී. එස්. පෙරේරා මෙලෙස කවියෙන්ම පිළිතුරු සපයා ඇත,

ඔබ දිනුම් ලද තැන

ඵවතින මිනස් යහගුණ

ආදරය පිළිගෙන

බැණුම් අසමින් සිනාසෙනු මැන

 


පගාවෙන් නොව නීතියෙන් පොලිෂ්වූ පොලීසියක් වෙනුවෙන්

 

 

                       සුරක්ෂිත මනා සංවිධානාත්මක සමාජ පැවැත්මක් සඳහා නීතියෙහි රැකවරණය අවශ්‍ය වෙයි. මේ සඳහා පොලිසිය ම`ගින් ඉටු කෙරෙන කාර්යය භාරය අති මහත් ය.ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී”යන්න ධර්මය ඒකාන්තයෙන්ම ධර්මයෙහි හැසිරෙන්නා රකියි යන්නෙහි පාළි අනුවාදයයි.ධර්මය යනු යහපත් පැවැත්මකට ම`ග පෙන්වන උසස් සංකල්පයකි. එවැනි සංකල්පයක් ක‍්‍රියාත්මක නොවීමේ දී යහපත් සමාජ පැවැත්ම බිඳ වැටෙයි. එය නැවත සංස්ථාපනය කර ගැනිමට  අවශ්‍ය පියවර ගැනීමට නම් පොලිසිය නීතිය සහ අධිකරණය අවශ්‍යවෙයි. ශ‍්‍රී ලංකා පොලිස් ලාංඡුනයෙහි තේමා පාඨය බවට පත්ව ඇත්තේ ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී” යන්නයි. 

                   ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සාමාජවාදී ජනරජයේ පොලිසියෙහි ඉතිහාසය සම්බන්ධයෙන් කරුණු විමසීමේදී අනාවරණය කරගත හැකි විශේෂ කරුණු කිහිපයකි. පුරාණ ලංකාවෙහි සාධාරණයේ උල්පත රජතුමා වන අතර ඒ සම්බන්ධයෙන් රජතුමාගේ නිළධාරි මණ්ඩලයක් ක‍්‍රියාත්මක විය. ඒ පිරිස පොලිස් බලතල හා අධිකරණ බලතල යන කොටස් දෙකම දරණ ලද බවට සාධක ඇත.වර්තමානයේ පවතින තත්වයට පොලිස් දෙපාර්තමේන්තුව ආරම්භ කර වැඩ කටයුතු පවත්වාගෙන යාමෙහි මූලික පදනම බටහිර ජාතින් මුහුදු බඩ ප‍්‍රදේශ අයත්කර ගැනීමත් සම`ග ආරම්භ වු බව ඉඳුරා කිව හැක.

                 ශ‍්‍රී ලංකාවේ ජනතාව විසින් රටේ නීතියට පටහැනිව යම් ක‍්‍රියාවක් කළහොත් හෝ රටේ නීතියෙන් ඉටුකළ යුතු යැයි බලාපොරොත්තුවන යම් ක‍්‍රියාවක් නොකළ හැරියහොත් මෙම ක‍්‍රියා අපරාධ හෝ වරදවල් වශයෙන් පිළිඹිබුවේ.මෙවැනි වරදවල් හෝ අපරාධ සිදුවූ බවට පොලිස් නිළධාරියෙකුට ආරංචියක් හෝ පැමිණිල්ලක් ලැබූ විගස වහාම ක‍්‍රියාත්මකවී පර්යේෂණ පැවැත්විය යුතුයි. මෙම පර්යේෂණ කඩිනමින් පවත්වා නඩු නිමිත්ත පිළිබඳ වාර්තාව අධිකරණයට  වාර්තා කළ යුතු වේ. ලෙස සැළනනු අද පවත්නා පොලිස් දෙපාර්තමේන්තුව 1833 දී ආරම්භ කරන ලද අතර 1865 දි පොලිස් ආඥා පනත ඇති කිරිමත් සම`ග එහි නව ජිවයක් ලැබු අතර එය දැන් පවත්නා තත්වයට ක‍්‍රමිකව වර්ධනය විය.

පොලිස් යන වචනය සකස් වී ඇත්තේ මෙසේය.

 P -       Polite             - අාචාරශීලී වීම

O -      Obidient        -කීකරු

L -       Loyality         - නීතිගරුක

I -        Intelligent    - බුද්ධිමත්

C -       Curiosity       - කුතුහලෙයන් අනූන

E -       Effieient        - කාර්යශූර්යය

අරුත් සහිත පද වල මුල් අකුරු එක්වීමෙනි.

 පොලිස් දෙපාර්තමේන්තුවේ කළමණාකාරිත්වය දෙස බලන විට එය පුලුල් වශයෙන් ජේෂ්ඨ කළමනාකරුවන් මැද පෙළේ කළමණාකරුවන් පළමු  පෙලේ කළමණාකරුවන් වශයෙන් ප‍්‍රධාන කොටස තුනකි. පොලිස්පති ඇතුලු ෙඡ්්‍යෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පළමු වැනි ඝනයට වැටේ. මෙම නිළධාරීන් දෙපාර්තුමේන්තුවේ ප‍්‍රතිපත්ති තිරණ වලට එළඹේ. මෙසේ ගන්නා ප‍්‍රතිපත්ති තීරණ පොලිස් මුලස්ථානය ම`ගින් පොලිස් කොට්ඨාශ භාර පොලිස්  අධිකාරී වරුන් වෙතටත් චක‍්‍රලේඛණ සහ උපදෙස් මාර්ගයෙන් දන්වනු ලැබේ. අවසාන වශයෙන් මෙම ප‍්‍රතිපත්ති කියවීම සඳහා පොලිස් ස්ථාන භාර නිළධාරීන් වෙත පැවරේ.

පොලිස් දෙපාර්තමේන්තුව මහජනයාට ඉතා කාර්යක්ෂම ක‍්‍රියා වලියක් සැපයිමට නම් මහජනයා කෙරෙහි මනා අවබෝධයකින් පසු විය යුතු ය.පොලිස් නිළධාරින් මහජනයා කෙරෙහි මානුෂිකව සලකමින් අපරාධ නිවාරණය කිරීමෙහි නිරත විය යුතු අතර, මහජනයා හා පොලිසිය අතර සුහද සම්බන්ධතා වැඩිවන ආකාරයට වෙනම ඒකකයක් පිහිටුවීමද ඉතා වැදගත් වේ. රටෙහි නිතිය හා සාමය රැුකීමේදි අපරාධ පර්යේෂණ ක‍්‍රියා වලියට හිමි වනුයේ වැදගත් ස්ථානයකි. මෙම අපරාධ පර්යේෂණ ක‍්‍රියා වලිය මුලුමනින්ම සිදු කරනුයේ පොලිසිය ම`ගිනි.එසේම යම් කරුණක් ඔප්පු කිරීමේදි සාක්ෂි ඉතා වැදගත් වේ. සාක්ෂි යනු ඔප්පු කිරීමේ මාධ්‍ය වන අතර සාක්ෂි ම`ගින් ඔප්පු කිරීමේදී සාක්ෂි ආඥා පනතෙහි ප‍්‍රකාරව එය කළ යුතුයි. එසේම සාක්ෂි සටහන් කර ගත යුත්තේ අපරාධ නඩු විධාන සංග‍්‍රහයට අනුකූලව යැයි සම්මතයක් ඇත. ඒ සම්බන්ධයෙන් 1979 අංක 15 දරණ අපරාධ නඩු විධි විධාන සංග‍්‍රහය වැදගත් වේ. අපරාධ නඩු විධි විධාන සංග‍්‍රහය හා සාක්ෂි ආඥා පනත අනුව ගන්නා සාක්ෂි ඉතා පුලුල්ව හා ගැඹුරින් යොදා ගත්තද ඒවා නඩුවේදී නෛතික ක‍්‍රමවේදනයන්ට අනුව ඔප්පු කළ යුතු ය. මෙම නෛතික රාමුව තුළ මනුෂ්‍යයාගේ පෞද්ගලික නිදහස ආරක්ෂාවීමට ඇති ඉඩ ප‍්‍රමාණය ඉතා ප‍්‍රබල වන ලෙසට මෙම සාක්ෂි පිළිබඳ නීතී සංග‍්‍රහ සකස් කර ඇත.

            කෙසේ නමුත් පොලිස් නිළධාරින් මෙම නෛතික රාමුවට පිටින් කටයුතු කරන අවස්ථා නැතුවා නොවේ.ඒසේම මහ ජනතාද නිතියට අවනත නොවී කැළෑ නිතිය රජ කරවීමට පෙළඹෙන අවස්ථාද හඳුනා ගත හැක. ලොව සෙසු පොලීසි සම`ග සසදන විට ලංකාවේ පොලිස් නිළධාරීන් ඉතා තියුණු බුද්ධියෙන් හෙබි  ඕනැම අපරාධයක් පිළිබඳ ඉක්මනින්ම තොරතුරු අනාවරණය කරගනිමින් වැරදි කරුවන් සොයා ගැනීමේ දක්ෂතාවයෙන් යුත් ආයතනයක් ලෙස පැහැඳිලිවම ඔප්පුවී ඇත.කෙසේ නමුත් ඇතැම් පොලිස් නිළධාරින්ගේ අමන කි‍්‍රයා හේතු කොටගෙන සමස්ත පොලීසිය යන නාමයටම කැළක් හටගෙන තිබේ.පගාව ගන්නන් ලෙස පොලිස් නිළධාරීන් හංවඩු ගසා ඇත්තේ මෙම ක‍්‍රියා කලාපයන් හේතුවෙනි. පොලිස් නිළධාරීන්ගේ මෙවැනි ක‍්‍රියා කලාපයන්හි ඇතුළාන්තයෙහි භාහිරට නොපෙනෙන පැතිකඩක් තිබිය හැක. එය ඇතැම් විට ලබන වැටුපෙන් සෑහිමට පත් නොවීම හෝ ආර්ථික ස්වභාවය මත එය ප‍්‍රමාණවත් නොවීම ආදි තත්වයන් බලපෑ හැක.නමුත් පොලිස් නිලධාරියෙකු වශයෙන්  රටට උසස් තත්වයේ යහපත් සේවාවක් කළ හැක්කේ අවංකව කැපවීමෙන් හා වගකීමෙන් සේවය කළහොත් පමණි.පොලිස් නිළධාරින් කරන කටයුතු වලදි අභිමානය නැමැති සංකල්පය ඉතා වැදගත් තැනක් ගනී.

Monday, July 6, 2015

kln.ac.lk

kln.ac.lk

                          කුවේණිගේ පරපුරේ ඇත්තෝ

                 මනුෂ්‍යයා ශිෂ්ටත්වයට පාතබන්නටත් පෙර සිටම වස්ත‍්‍ර නිෂ්පාදනය කෙරෙහි  සිත යොමු කරන්නට ඇති බවට සැක නැත.නමුත් එය කවර වකවානුවක කවර ස්ථානයකදි ආරම්භ කවළ් දැයි කිසි වෙකුටත් සිතා ගත නොහැකි වී ඇත.මනුෂ්‍යයා ජිවත් වන පරිසරයට අනුව ශීත උෂ්ණ ආදී පාරිසරික තත්වයන් ගෙන් ශරීරය ආරක්ෂා කරගැනිම ඔවුන්ගේ මූලික පරමාර්ථය වන්නට ඇත.මානවයා ක‍්‍රමිකව අෂ්ටත්වයට පත්වීමත් සමග  විළිවසා ගැනීමට වස්ත‍්‍ර වස්ත‍්‍ර භාවිත කිරීමට පෙළඹෙන්නට ඇත.රාමුවක් වැනි යමක් භාවිත කරමින් දැඩි ආයාසයකින් ඔවුන් වියාගත් දල වස්ත‍්‍ර සිනිදු බවට පත්කර ගැනීමත් , වර්ණ යොදා වස්ත‍්‍ර අලංකාර කර ගැනීමත්, තීරණය කළ නොහැකි වක වානුවක ගත් උත්සාහයන් හි ප‍්‍රතිඵලයන් ලෙස ඇතිවන්නට ඇතැයි සිතිය හැක.
                               ශ‍්‍රී ලංකාවේ සාම්ප‍්‍රදායක කර්මාන්තයක් වන පේෂ කර්මාන්තය ඉතා ඈත අතිතයකට දිව යයි. ලංකාව හෙළ දිව ලෙස හදුන්වනු ලබන අතර මෙම හෙළ යන්න සේළ යන වචනය විකාශනය වී නිර්මාණය වූවක් බවත් ජනප‍්‍රවාද වල හදුනා ගත හැක.සේළ යනු වස්ත‍්‍රයි.ලංකාව ලෝකයටම වස්ත‍්‍ර සැපයුූ රටක් වන හෙයින් සේළ දිවයින ලෙස හන්වනු ලැබූ අතර හය පසුකාලීනව විශනය වී හෙළදිව වුබව ජනප‍්‍රවාදයෙහි දැක්වේ.කෙසේ නමුත් ලංකාවට පැමිණි මුල්ම ජන කණ්ඩායම  ලෙස හදුන්වන විජය ඇතුළු පිරිසට මුලින්ම දැකගත හැකි වූයේ ලාංකීය යක්ෂ ගෝතික නායකයෙකුගේ දියණියක වන කුවේණිය කපු කටිමින් සිටින ආකාරයයි.මේ අනුව පැහැඳිළි වන්නේ අනාදිමත් කාලයක පටන්ම ලංකාව තුල පේෂ කර්මාන්තය පැවති බවයි.ලංකාවට වැඩම කළ සංඝමිත්තා මහ රහත් තෙරණිය සමග අටලොස් කුලයක ශිල්ම පවුල්ද පැමිණි බව පුරාණ මූලාශ‍්‍ර වල දැක්වේ.මේ අනුව එහිදි පේෂ කර්මාන්තයට සම්බන්ධ පවුල්ද  ලංකාවට පැමිණෙන්නට ඇතැයි සිතිය හැක.
ඈත අතිතයේ පටන්ම  වස්ත‍්‍ර නිෂ්පාදනය දියුණු තත්වයක පැවති රටවල් ලෙස ඵෙතිහාසික කරුණු වලට අනුව නිගමනය කර ඇත්තේ චීනය, ඉන්දියාව, ඊජීප්තුව, දකුණු කොරියාව,පීරු, අදී රටවල්ය.එසේම ලංකාවේද පේෂ කර්මාන්තය සඳහා දිගු ඉතිහාසයක්  ඇති බව ඉදුරාම කිව හැක.
  •  නූල් මල් එතිම සඳහා පාවිච්චි කරන දික් නූල් කූරු වලට කියන නමයි
  • ලෑල්ලේ නූල් දික් ගැසීමේදී  දික් නූල් කූරු අසුරා අතින් එහා මෙහා ගෙන යන රාමුවයි
  • වියන යන්ත‍්‍රයේ ඉස්සරහ වියන්නාගේ ආසනයට උඩින් සවිකර තිබෙන ලි කඩයි.
  • අලුත් නූල් හැදයකට කියන නම
  • වියන යන්ත‍්‍රයේ නූල් හැදය ඔතන නූල් කඳට කියන නමයි
  • නූල් හැදය නූල් කඳට සවි කිරීම පිණිස භාවිතා කරන කෝටු හෙවත් තීරු පටි යි.
  • කැටීම සඳහා පුළුන් පෙළිීම
  • පුළුන් පෙළිීම සඳහා භාවිත කරන සිහින් කම්බි කොකු සාදාගනු ලැබීම
  • කපු නූල් ඔතා තිබෙන නූල් යන්ත‍්‍ර විශ්ෂයකි
  • කෘතීම නූල් පන්දු වලට කියන නමයි
  • කූරු රාක්ක වලට කියන නමයි.
  • පනාවක කම්බි අතර අවකාශය
  • කුඩා මෝස්තර වියන ක‍්‍රමයකි
  • පනාවලින් නූල් ඇදිමට භාවිත කරන ලෝහයෙන් තැනූ නූල් කොක්ක
  • හැදයක ඇදි එක් නූලකට කියන නම
  • පුඩු වැලක මධ්‍යයේ ඇති පුඩු ඇස
  • සම් කඩක හෝ ලී කඩක ආධාරයෙන් වියන යන්ත‍්‍රයකි
  • (මේවා ජව නඩා ලෙසද හදුන්වයි
  • වියනයන්ත‍්‍රයේ පුඩු වැලි පේළි එළ්ලන රාමුවයි
  • පුඩු වැල් ගැට ගසා ගැනීම පිණිස භාවිත කරනු ලබන රාමුවයි.
  • පාවිච්චි කරන හරස් පොල්ලට කියන නමයි
  • පුඩු වැල් පේළියක සිදුරු වලට කියන නමයි
  • නූල් හැදයක් සවිකොට වියා ගැනීම සඳහා භාවිත කරන යන්ත‍්‍රය
  • රෙද්දක් විවීමේදී හරහට ගසන නූලට කියන නම
  • හරස් ගැසීමකට නූල් ඔතා ගනු ලබන හැඩ නූල් කූරයි
  • නූල් හැදයක පුඩු වැල් පේළි හා සිරු පොලු අතර කොටසට කියනු ලබන නම
  • එක දිගට ගසනු ලබන නූල් සමූහයයි
  • අලුවක පහත කොටස
  • එක වරක නූල් කූරු රාක්ක ඇසිරූ නූල් බෙරයෙහි ඔතනු ලබන නූල් සමූහය
  • නුල් හැදය විවීමේදි හරස් නුල් දැමීම සඳහා භාවිත කරන උපකරණය
  • නඩාව දිව වීමට මාර්ගයක් ලෙස  දික් නූල් වලින් සාදනු ලබන්නකි
  • කෙදි වර්ග නූල් වලට හැරවීම පිණිස ඇඹරීම
  • කුඩානූල් හැදයක් සෑදීම පිණිස පාවිච්චි කරන ලෑල්ල
  • රෙද්දක හරස් අතට පාවිච්චි කරන නුලයි
M.M.S පියුමාලී
කැලණිය විශ්ව විද්යාලය

                                              ජනප‍්‍රිය සංස්කෘතිය
                  

                                    ජන සංස්කෘතිය ජනප‍්‍රිය සංස්කෘතිය යන යෙදුම් නූතනයේ බහුලව භාවිත වන යෙදුම් බවට පත්වී තිබේ. නූතන ලෝකයේ ජනප‍්‍රිය සංස්කෘතිය පිළිබඳ සාකච්ඡුා කෙරෙන්නේ ජන මාධ්‍ය නිසා බිහිවූ නව ප‍්‍රවණතාවක් ලෙසයි. විද්‍යාවේ හා තාක්ෂණයේ අපූරු මෙවලම් ලෙස නිෂ්පාදනයන් වූ ජන මාධ්‍යයේ නැඟීම මෙම සංකල්පයේ බිහිවීමට හා වර්ධනයට මෙන්ම ව්‍යාප්තියට බලපානු ලැබීය. ජන මාධ්‍ය පාදක කරගෙන සමාජයට නව භාවිතයන් හා චර්යාවන් හඳුන්වාදෙන ජනප‍්‍රිය සංස්කාතිය 1950  -  1960 දශක වල භාවිතයට පැමිණි බව හඳුනා ගත හැක. නූතන විද්‍යුත් මාධ්‍ය ප‍්‍රභවය වීමෙන් පසුව බිහිවන නව සංස්කෘතික ප‍්‍රවණතාවක් ලෙසද ජනප‍්‍රිය සංස්කෘතිය හඳුනා ගත හැකි ය. සාහිත්‍ය කලාව සංගීතය ගීතය වැනි නිර්මාණාත්මක නිෂ්පදනයන්ට මෙම ජනප‍්‍රය සංස්කෘතියට අනුව හැඩගැසීමට සිදුවී තිබේ. ජනපි‍්‍රය සංස්කෘතිය විටෙක වාණිජත්වය මත පදනම් වේ. ඒ අනුව එහි මූලික අරමුණක් වන්නේ උපරිම ලාබ ලබා ගැනීමයි. විනෝදාශ්වාදන මාධ්‍ය නිර්මාණයන් දෙසටද මෙම වාණිජවාදී මුහුණුවර සෘජුවම බලපායි. එබැවින්ම ග‍්‍රාහකයාගේ මනමෝහනය වන ආකාරයේ සුසංයෝගී ක‍්‍රම උපකාරිකර ගැනිමටද නූතන නිර්මාණකරුවන්ට සිදුවී ඇත.
                 මෙම ජනප‍්‍රිය සංස්කෘතිය නැමැති සංකල්පය සංස්කෘතියේම  තවත් ආකාරයක් ලෙස හඳුනා ගැනීම සාවද්‍ය නොවේ.  මෙම සංස්කෘතිය යන්නෙහි අංග ගැනීම ඉතා අසීරු වූවකි.  ජනපි‍්‍රය සංස්කෘතියද දේශිය ජන සාමජයට පිවිසුණු නවාංගයක් ලෙස හඳුනාගත හැක. නමුත් මෙම නවාංග මෙරටෙහි විද්වතුන් අතර කතා බහට ලක්වූයේ හුදු විනෝදාස්වාදයක් ලබාදෙන සරළ පහත් සංස්කෘතියක් ලෙස බව ඒ පිළිබඳ සියුම්ව අධ්‍යයනය කිරීමේදී මනාව පැහැඳිලි වේ.
                බටහිරකරණයත් සමග ශ‍්‍රී ලංකාවට උරුම වු මෙම ජනප‍්‍රිය සංස්කෘතිය නම් සංකල්පය මේ වන විට දේශීයත්වය තුළ කිදා බැස ඇත. ජනප‍්‍රිය සංස්කෘතිය මෙතරම් ව්‍යාප්ත වීමට හේතුව තාක්ෂණයේ දියුණුවයි. පුවත්පත ගුවන් විදුලිය රූපවාහිනිය සිනමා නිර්මාණ ගීතය චිත‍්‍ර ආදිය සම`ග තාක්ෂණය බද්ධ වී ඇති ආකාරය නිසා වර්තමානයේ ජනපි‍්‍රය සංස්කෘතිය කෙතරම් ව්‍යාප්තව ඇත්දැයි වටහා ගත හැක. ජනප‍්‍රිය සංස්කෘතියේ ප‍්‍රබල මෙහෙයුම් උපකරණ ලෙස සංයුක්ත තැටි මයික‍්‍රෆෝන ස්ටීරීයෝ චිත‍්‍රාගාරය, විද්‍යුත් සංගිත භාණ්ඩ වර්ණාලෝක ආදියෙන් තොරව එම සංස්කෘතිය පිළිබඳව අධ්‍යයනය කිරිම පවා අර්ථ විරහිත වුවක් බවට පත්ව ඇත .

M.M.S.පියුමාලී
කැලණිය විශ්ව විද්යාලය