Tuesday, September 29, 2015

           

දෛවය

               තාත්තගේ මළ ගම අහවර කරලා භූමිදානය කරපු සොහොන දිහා බලන් ඉද්දි පපුකැවුත්ත පිච්චිලා යනවා. ගොම්මනේ කඩා වැටුණූ වැස්සට සොහොන මතට දාලා ගොඩකරපු පස් උඩ තිබ්බ ගල් කැට එහෙමම තියෙද්දි වටේ තිබ්බ පස් යටට ගිහින්. හරියට මාව උඩට ගනින් පුතේ කියලා තාත්තා අත් දෙක උස්සන් කෑගහල කියනව වගේ. ජීවතුන් අතර ඉන්න කාලේ තාත්තත් එක්ක ? ලන්තෑරුම් එළියෙන් පේර ගහ යට බංකුවට වෙලා දාං ඇද්ද දාං ළැල්ලෙ එදා හිටිය ඉත්තො අද සී සීකඩ විහිරිරා ගිහින්. හිතේ ගින්දරත් එක්ක ඇස් දෙකෙන් කඩා වැටෙන කඳුලු දෙකම්මුල් පුච්චගෙන දාං ළෑල්ල උඩට වැටෙනව වගේ මට දැනෙනා. 

                  කල්පනා ලෝකයක ගිළිලා හිටිය මම  පුරං විච්ච කුඹුර මැද තියෙන පන් ගොල්ල දිහායින් ඇසුන උලමෙක් හූල්ලන හ`ඩට තිගැස්සුණා. ඝන අන්ධකාරෙත් එක්ක ඔට්ටු අල්ලන කනාමැදිරියො රොත්ත පිටින් එහා මෙහා පියාඹනවා. ගොරණාඩු කරපු අහසෙ කලු විච්ච වලා ගුළි හරියට කලු ගල් වගේ. කිසිම හිතක් පපුවක් නෑ. හිල් විච්ච ටකරම් වහලෙට දොඹ ගෙඩි වගේ වැස්ස කඩන්පාත් වෙද්දි මං කුස්සියට දිව්වෙ තැටි කබලක්වත් අරන් ඇවිත් තාත්තගෙ පෙට්ට ගම උඩින් තියන්න. වහලෙ සිදුරු අතරින් වැටුණ වැහි බිංදු පෙට්ට ගම උඩට සට සට ගගා වටෙනවා. ගෙයි වටිනා කියලා තඹ දොයිතුවක්වත් තිබුණනම් තිබුණෙ ඔය පෙට්ට ගම අස්සෙ. තාමත් ඒ පෙට්ට ගමේ තාත්තගෙ කමිස කඩ මලු දෙක තුනම තාත්ත නමලා තියු විදිටම තියෙනවා. කමිස කඩමලු ටික අතට ගත්තු මම දැක්කෙ නිල් පාට ඉරිළ ගිය ෆයිල් එකක්. ඒ ෆයිල් එක ඇතුළෙ තිබුණෙ වෛද්‍ය වාර්තාවක් .තාත්තාගෙ පපුවෙ නහරවල් තුනක ලේ කැටි හිරවෙලා.  කාෂ්ට ගෙන්දගම් පොලොවත් එක්ක ඔට්ටුවෙලා යන්තම් බඩවියත තුනී කරගන්න තාත්තාත් අම්මා එක්ක එකතු වෙලා වින්දෙ පුදුම දුකක්. එහෙව් අපට කොයින්ද ඔපරේෂන් එකක් කරන්ඩ තරම් ඔච්චර සල්ලි කන්දරාවක්්. ඒත් ඉන්න හිටින්න කියලා තිබුණු පැලත් උකසට තියල රටට ලෝකෙට ණය වෙලා තාත්තගෙ පණ කෙන්ද රැුකගන්න අම්ම විඳින දුක බලා ඉන්න තරම් මගෙ හිතට හයියක් තිබුණෙ නෑ. කෙල්ලගෙ කනි දෙක පාලුවට අරින්න හොඳ නෑ කියලා තාත්තාම ගෙනත් දැපු අරුංගල් දෙක ගලෝලා මම අම්මට දුන්නෙ මට මගෙ පණටත් වඩා මම තාත්තාගෙ පණට ආදරේ කරන හින්දා.
දවසින් දවස ඔහොම ගෙවිල ගියා. ඉංගිරීසි බෙහෙත් බලෙන් තාත්තා යන්තම් පණ අඳිනවා. ඒත් හිටි හැටියෙ පාන්දර තාත්තා කෙදිරි ගාන හඩක් ඇහුණූ. මායි අම්මයි දුවලා ගියේ තාත්තා නිදන් හිටිය පැදුර ගාවට. තාත්තේ කියල මම කතා කළා. ඒත් වෙනදා මයෙ පුතේ කියල මගෙ ඔලුව අත ගැපු තාත්ත මගේ මූණ දිහා බලල එක වචනයක් වත් කතා කළේ නෑ. බලා ඉන්න බැරිම තැන සිද්ධාර්ථ තෙල් ටිකක් අතර අරන් තාත්තගෙ පපුවෙ ගාලා පිරි මැඳ්දෙ අන්තිම හුස්ම පොදවත් ඉතුරු කර ගන්න හිතාන. ඒත් තාත්තා හෙල්ලුනේවත් නෑ. වරිච්චි බිත්ති අතරින් අම්මගෙ අදෝනාව දුර ඈතට ඇඳිලා ගියා.
               ගම්මු එකතු වෙලා ගේ ඉස්සරහින් පාර දිගේ ගොක් ?න් ඇඳ්දා. රතු පාට ඇන්තූරියන් මලින් පිරුණු මල් වඩමක් ගේ ඇතුළෙ තියන්න ඉඩක් නැති තැන දොරකොඩ තියල තියෙනවා. කවදාවත් අලුත් අඳුමක් නොඇන්ඳ තාත්තා පාන්කඩ විච්ච කමිසෙට සමුදීල නොඑන ගමනක් යන්න ලස්සනට ඇඳගෙන දෑත් බැඳගෙන නිහඩවම බලා ඉන්නවා. වෙනද වගේ මාත් එක්ක කතා කළේ නෑ. පේර ගහයට බංකුව උඩට වෙළා ගම්මු දෙතුන් දෙනෙක් බුලත් විට කතා තාත්තාගේ හොඳ කියෝනව මට ඇහුණා. ගමේ වෙන  ඕනිම කෙනෙකුට සල්ලි බලෙන් නැතත් ඇ`ග් පතේ හයියෙන් උදව් උපකාර කරපු තාත්තට කවුරුත් නරකක් කියන් නෑ. පාංශකූලෙ දීලා සුදු පාට පාඩව මැඳින් තාත්තා යන්න ගියා. ආයෙ කවදාවත් තාත්තා එන්නෑ කියලා හිත හඳාගන්න මට බෑ. ගෙයි හතර වටෙන් තාත්තගෙ කට හ`ඩඇහෙනවා. චූටි පුතේ හොඳට ඉගෙන ගනින් කියලා තාත්තා මට කියනවා. තාත්තගෙ මළ ගම අහවර වෙලා උඹලා බය වෙන්න එපා  ඕනැ එහෙකට අපි ඉන්නව කියපු නෑදෑ සනුහරේ උන් එකා එකා අතුරු දහන්වෙලා යද්දි මං හාවක් හුවක් නැතිව ඔහේ බලා ගෙන උන්නා. මං දන්නව ඔය කියන උන් ඔක්කොම ආවේ තාත්තා ඉන්නකම් අපේ තියෙන දේ සූර කන්ඩ කියලා. උන්ට දැන් මහ වත්තට එන පාරවත් මකද දන්නෑ.
              දෛවයත් හරියට අපේ ජීවිතත් එක්ක සෙල්ලම් කරනවා වගේ. තාත්ත නැතිවුණ දා ඉදන් අම්මා කූලී වැඩ කරන්න ගත්තෙ වෙන කරන්න දෙයක් නැති කමට. වැඩ කරල ආපු අම්ම ?ට මටත්් හොරෙන් අත් දෙකේ තෙල් ගානව. මම නිිදි කියල අම්ම හිතුවට මම අම්මටත් හොරෙන් අම්ම දිහා බලන් හිටියෙ. ඉස්කෝලෙන එක නතර කරල අම්ම එක්ක කුළි වැඩට උදව් කරන්න යන්න හිතුවත් අම්ම ඒක ඉඩක් දුන්නෙ නෑ. මොනව නැතත් ඉගෙන ගිනින් පුතේ කියලයි අම්මා කිවුවේ. දින සති මාස ගෙවිල කාලය ගත වුණා. සාමාන්‍ය පෙළ විභාගෙත් ඉහළින් පාස් වෙලා උසස් පෙළ කරන්න මට පුලුවන් වුණා. දෙයියනේ මම උසස් පෙළත් පාස්. දැන් මොකද කරන්නෙ ? කැම්පස් යන්න අපට කොයින්ද අම්මෙ සල්ලි?