Sunday, October 9, 2016


නිහඬ ප්රේමය

සිතුවිලි සිත්තම් කර හද මඩලේ
ගොලුවී ඉන්නට තවත් නොහැක මට
දෑස් අගින් උණු කඳුලු ගලන්නේ
ඔබේ නමිනි ඔබ නොදනී එ් වග

ඔබෙන් තොර ලොවක් නොසිතෙන තරමට
මැව්වා ඔබ ගැන සිහින පැතුම් මල්
එ් මල් අමුණා මගේ කඳුලු ඉස
අන් කුමරියක ගෙල පලදාවි ඔබ මල් දම්

සිව්වසරක මතකය අවසන
ඔබත් සිහිනයකි කඳුළ ඉතුරු කළ
මගේ කඳුළු ගෙන සයුරි කුමරි වෙත
කැලණි කුමරුණේ ගලාන යනු මැන



සශී....

Wednesday, October 5, 2016

       

                 ධනවාදී මතවාදයෙන් ඔබ්බට ළමාලෝකය


වර්තමානය වන විට ලෝකය ලෝකයක් නොව සන්නිවේදනයේ දියුණුවත් සමඟ විශ්ව ගම්මානයක් බවට පත්ව අැති බව මාෂල් මැක්ලූහන් පවසා අැත.නව මාධ්යයේ දියුණුවත් සමග ලෝකය එක යායක් බවට පත්විය.  කලු සුදු භේද උස් පහත් භේද අාගම් භේද අලුයට ගිනි පුපුරු සේ අවුලාගෙන සිටීම නිෂ්ඵල වූවකි. අප කල යුත් එකිනෙකාගේ යහපත උදෙසා සහෝදරත්වයේ හස්තය දිගු කිරීම විනා විනාශයේ මර උගුල් අැටවීම නොවේ. සහෝදරත්වයේ හස්තයන් එකට බැඳුණු කල්හි දරිද්රතාව යන්න මැඩලීම නොහැක්කක් නොවෙනු අැත.නමුත් වාණිජවාදී ලෝකයක මනුස්සකම පෑල දොරින් පළායාම අරුමයක් නොවේ.
 අනාගත ලෝකයේ උරුමකරුවන් වන්නේ දරුවන්ය.දරුවන්ගේ අනාගතය අනාත නොකිරීමට ඔවුන්ට යහපත් ජීවිතයක් උරුම කරදීමට දරුවන් අාදරේ කරන දෙමාපියන් නිතැතින්ම උත්සුක වේ.
මේ සටහන දිග හැරෙන්නේ විශ්ව ළමාලෝකය පිළිබඳවයි.

         අව්‍යාජත්වයේ හා සුන්දරත්වයේ විශ්වමය සංකේතය ඔහුය."

"මානව ශිෂ්ටාචාරයේ තීරණාත්මක සාධකය ඔහුය"

"විශ්වයේ ශේෂ්ඨතම නිර්මාණය ඔහුය."

මෙලෙසින්  සාහිත්‍යමය නිර්වචනයන්ට පාත්‍ර වු ළමයා නිර්වචනයකට හසුකළ නොහැකි තරම්ය.
 1989 නොවැම්බර් මස 20 වන දිනදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අනුමත කරගන්නා ලද ළමා අයිතිවාසිකම් පිළිබද ප්‍රඥප්තියට අනුව ඉතාමත් සරළම අදහස නම් "නීතිය මඟින් අඩු වයසකදී පූර්ණත්වය ලබන්නේ නම් මිස වයස අවුරුදු 18ට අඩු සියලු මනුෂ්‍යයන් ළමුන්ය".
සංවර්ධනාත්මක අවධියක් ලෙස ළමාවිය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීම සදහාද ළමයින්ට හිමි මූලික මානව අයිතිවාසිකම් පිළිබඳ නීතිමය රාමුවක් සලසාදීමේ අරමුණින් වර්ෂ 1989 නොවැම්බර් මස 20 වන දිනදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ළමා අයිතිවාසිකම් පිළිබදව ප්‍රඥප්තිය (CRU) සම්මත කර ගන්නා ලදි. මෙම ප්‍රඥප්තිය වගන්ති 54කින් සමන්විත වන අතර මුල් වගන්ති 42 මගින් ළමයා පිළිබඳව නිර්වචනය, ළමුන්ගේ අයිතිවාසිකම්, ළමුන්ගේ ආරක්ෂාව, සම්බන්ධව දෙමාපියන් ඇතුළු වැඩිහිටියන් වෙත පවත්නා වගකීම විස්තර කර ඇත.

ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ ළමා අයිතිවාසිකම්



ලෝකයේ ළමයින් අරඹයා 365දවසින් එක් දිනයක් වෙන්කර තිබේ.නමුත් ළමා ලෝකය එලෙස එක් දිනකට වෙන් කරලිය නොහැක්කකි. නමුත් ඔක්තෝම්බර් මස1වැනිදා ලෝක ළමා දිනය ලෙස පට බැඳ සුන්දර ළමා ලෝකය වාණිජකරණයට ලක්කිරීමට වෙළඳ ප්රජාව මහත් ප්රයත්නයක් ගනු ලබයි.
නොයෙකුත් විසිතුරු දෙයින් නිමැවෙන ලෝකවල ළමයින් අතර මං කර දෙමාපියන්ගේ පොකට්ටුවට විදින ළමා දිනයක් අද නිමැවී අැත.අතීතයේ මෙන් වෙල් ඉපනැළැල් අැළේ දොළේ දුව පැන නටන ළමා ලෝකයක් ළමයින් සතුව නැත . අතීතයේ පුංචිවුන් මෙන් ගසක වැළක ගෙඩියක් කඩාගෙන එ්වා බෙදා හදාගෙන කන ළමා ලෝකයක් අද නැත. වර්තමානයේ අැත්තෝ කති,නැත්තෝ දුක් විදිති.
නමුත් අප මේ යථාර්ථය තේරුම් ගත යුතුය. දුගී පැළේ ඉපදුනද රජ මැදුරේ ඉපදුනද ළමයි යනු ළමයින්මය.