tag:blogger.com,1999:blog-7085237386184955032024-03-14T06:41:13.787-07:00අරුංගල්ඇසිපිල්ලමක් යට සැඟව ගිය ජීවිතේ අරුමය.....අරුංගල්http://www.blogger.com/profile/04802494893133095616noreply@blogger.comBlogger54125tag:blogger.com,1999:blog-708523738618495503.post-44787982825935335152019-02-19T00:35:00.001-08:002019-02-19T00:35:19.624-08:00
ජුකී මැෂිමේ හරඹෙ
හැප්පිච්ච පොඩි නංගියේ
නොබලපන් හැරී මග
සිල්ලර කඩේ ලග
තුම්මං හන්දියේ
කලු කුමාරගෙ දිෂ්ටිය
වැටෙයි එන මග
උඹට නොදැනී ගොම්මනේ
මතුරද්දි මන්තර
ඔහේ පලයන්
උඹ කන නෑහුනවගේ
පොත්ත රතු කල
වට කරන්නට
රෑන ආවත් ගං කොරේ
උලා කෑ හප දමා ගසනවා
පයට පෑ දූවිලි වගේ
පටාචාරා මංමුලා වීලා
නිරුවතින් දුවනාවෙලේ
වැරදිච්ච මග සිට
ජීවිතේ සොහොනක
මෝහිනීත් අඩනවා නංගියේ
නෙලමින්ම අස්වනු
උන් විසින් කල
තමන්ගේ ගැබ් බර කෙතේ
හොයයි හේනක් වපුරවන්නට
වහන්කර මහ වන රොදේ
කොතෙක් තිබුණත්
විච්ච කේඩිරි
ගස් කොලන් වැට අද්දරේ
ගොබ නැග්ග ඉහළට
කිතුලකටමයි
ගහන්නේ අහසෙනුත් හෙණේ......
Sashi
1/20
නිල් විච්ච මසක රිදුමට
රත්විච්ච නෙතක කදුළක්
තෙත්කරන් වැටුණා පොලොවට
ගිනිගත්තු අවුකාෂ්ටෙක
අස්ථාන ගතකර
සළකුණත් කදුළක
ජීවිතේ චක්කරේ
ගැනගන්න බැරිකමට
ජාමිතික හැඩ අස්සෙ
හිරකර ණයට ගත් හුස්ම
ඉරණමත් දැන් ඉතින්
උබත් මට හිනැහියන්...
Sashiprabha piyumali
අරුංගල්http://www.blogger.com/profile/04802494893133095616noreply@blogger.com1tag:blogger.com,1999:blog-708523738618495503.post-79488694719550733512018-02-28T05:48:00.001-08:002018-02-28T05:48:04.940-08:00
බෑලූ බැල්මට කවියෙ තිබුණට
හරි අපූරුම පද පෙලක්
තැනූ තනුවට වහන් වී යන
නිහඩ සිතුවිලි මහ ගොඩක්
කිදා බැස්සොත් කවිය ඇතුලට
එහි තිබෙන්නෙත් දුක් ගගක්
එබී බැලුවොත් කවි පදයකට
පෙනෙයි කදුළක උල්පතක්
සශීප්රභා පියුමාලීඅරුංගල්http://www.blogger.com/profile/04802494893133095616noreply@blogger.com0tag:blogger.com,1999:blog-708523738618495503.post-5494780251442016822017-09-28T18:55:00.001-07:002017-09-28T18:55:17.797-07:00
ගෝත්‍රවාදයෙන් ඔබ්බට..............
වත්මනේ ජාතිවාදයක් කර පින්නා ගනිමින් එකිනෙකා ඇණ කොටා ගන්නා අවධික, මම දිනක සියැසින් දුටු දසුනක් අරඹයා මෙම ලිපිය ලියන්නට අදහස් කළෙමි. අපි සිියල්ලෝම ශ්‍රී ලාංකිකයන් වන්නෙමු. සිංහලයා, දෙමළා, මරක්කලයා යනු හුදෙක් නාමයක් පමණි. නමුත් සිදුවී ඇත්තේ අනෙකකි. අප බොහෝ කළකට පෙර ගෝත්‍රික අවධිය පසුකර ඇත. නමුත් බාහිර පෙනුමින් අප එකිනෙකා ගෝත්‍රිකයන් නොවුනද මනසින් තවමත් ගෝති‍්‍රකයන් ලෙස ජීවත් වන්නෙමු .
අප උදම් විය යුත්තේ හුදෙක් අප සිංහලයන් වීම නිසා නොවේ. සිංහලයා යනු යම් වචනයක් පමණි. එම වචනය බල ගැන්වෙන්නේ වචනයට ගම්‍ය කර ඇති අරුතත් සම`ගිනි. එබැවින් සිංහලේ බෝඞ් ලෑලි උස්සා ගත් පමණින් , සිංහලේ යැයි සඳහන් ටී ෂර්ට් එකක් ඇන්ඳ පමණින්,සිංහලේ යැයි දැක්වෙන ස්ටීකරයක් ඇළෙව්ව පමණින් අප සැබෑ සිංහලයෝද? සිංහ ලේ ඇත්තෝද? නැත. එදා මෙදා තුර අප කොතරම් නම් පර ගැත්තන්වී ආතුරයන්ගේ භූමිකාවන් මහත් උත්කර්ෂයෙන් ර`ග දක්වන්නට ඇත්ද? තඹ සතයකට කෙල හලමින් තමන්ගේම උන් පාවා දෙන්නට ඇත්ද?මරා දමන්නට තරම් කුරිරු වන්නට ඇත්ද? කුල මාන්නයෙන් ඉහ උදුම්ගනිමින් තමන්ගේම උන්ට කොතරම් නම් ගරහන්නට ඇත්ද?වලව්කාරයා දෝලාවෙන් වඩිද්දී පද්දා කාණු පළ්ලට බහින්ට ඇත්ද? මනසේ හීන මානයෙන් මනෝ රාජ්‍යයන් වල කිරුලු හොයන්නට ඇත්ද?
මහා වංශයට අනුව ක්‍රී. පූ 483 දී විජය කුමරු ඇතුලු පිරිස ලංකාවට සම්ප්‍රාප්ත විය. මුලාශ්‍ර ගත තොරතුරු වලට අනුව විජය යනු හුදෙක් කුමරෙක් නොව, ඔහු අයහපත් කල්ක්රියානේ ජීවත් වූවෙකි. මහජනයාට පීඩා කාරි ලෙස ජිවත් වූවෙකි. වත්මන් වහරෙන් සඳහන් කරන්නේ නම් විජය යනු මැරයෙකි. දුෂ්ටයෙකි. . විජයගේ සම්ප්‍රාප්තියට සමකාලීන සමාජයේ ලංකාව තුළ ජීවත් වී තිබෙන්නේ යක්ෂ, යක්ෂ , නාග , දේව, රාක්ෂ යනුවෙන් ගෝත්රිය ජන කොටස් සතරකි. මෙම හෙලයන් වාසය කල නිසා හෙල දිව ලෙස සඳහන් කළද, හෙළයන් සිව් කොටසක් වූ බැවින් සිව් හෙල ලෙස මෙරට හඳුන්වා ඇත. මෙම සිව් හෙළේ පසුව සිංහලේ ලෙසින් හඳුන් වන්නට ඇතැයි සිතිය හැක. විටක සිංහලෙයින් ජාතක වූවන්ගෙන් පැවත එන බැවින් සිංහලයන් වූ බවට මත පවතී. මන්ද විජයගේ මව්පියන් වන සිංහබාහු හා සිංහ සීවලී යනු සහෝදරයන්ය. ඔවුන්, ඔවුන්ගේ මව වන සුප්පා දේවිය සිංහයෙකු දාව බිහි කරනු ලැබූ දරුවන්ය. කෙසේ නමුත් මෙම සිංහයා හුදෙක් සිංහයෙකු ලෙස හඳුනා ගත නොහැකි අතර ඔහු සිංහ නම් ගෝත්‍රයකට හිමිකම් කියන්නෙකු විය යුතුය. මේහා සම්බන්ධ කතා පුවත් රැුසක් ජනප්‍රවාදයෙහි දැකිය හැක.
කෙසේ නමුත් සිංහල ජාතිය ශ්‍රේෂ්ට ජාතියක් බවට පත් වූයේ බුදු දහමෙහි ආභාෂයෙන් බෞද්ධ සංස්කෘතික හර පද්ධතියන්ගෙන් ලත් පෝෂණයෙන් බව අවිවාදාත්මකව පිළිගත යුතු සත්‍යයකි. එබැවින් අප කළ යුත්තේ ලද ශිෂ්ටත්වය හර පද්ධතිය වඩා වර්ධනය කර ගනිමින් ඉදිරි ලෝකයට අවැසි ලෙස හැඩ ගැසීම විනා ගෝත්රවාදී ¥පත් මානසිකත්වයෙන් සිටීම නොවේ. සිංහලයාද දෙමළාද මරක්කලයාද කළ යුත්තේ තම මව් රට ආරක්ෂා කර ගනිමින් රට ආර්ථිකයෙන් පමණක් නොව මනුෂත්වයෙන් දියුණු කිරීමයි. නමුත් මෙය හුදෙක් සිතලුවක් බවට පත්වීම සියල්ලන්ගේම කේදනීය ඉරණමක ආරම්භයක් බවට පත්ව ඇත.
දිනක් බස් නැවතුම් පොලේදී අපූරු දසුනක් මා නෙත ගැටුණි. බස් නැවතුම් පොළෙහි විවිධ වර්ගයේ කඩ සාප්පු දැකිය හැක. මේ අතර විවිධාකාර රෙදි පිළි වෙළඳ සැල් ද වේ. සිංහල ,දෙමළ, මරක්කල් ආදී සියලුම වෙළෙන්දන් මේවායෙහි සිය වෙළඳ ව්‍යාපාරික කටයුතු වල නිරත වෙයි. මේ අතර මරක්කල් රෙදි වෙළෙන්දෙකු අලුත්ම ඩිසයින් යැයි කියමින් සිදු පාට ටීෂර්ට් පෙන්න පෙන්නා කෑ ගසමින් වෙළදාම් කරයි. සුදු පාට ටීෂර්ට් එකක ඇති ඞ්සයින් එක මොකක්දැයි බලන්නට මාත් විපරම් කර බැළිමි. ටීෂර්ට් එකෙහි අරුමය දන්නේ එවිටය. එම ටීෂර්ට් සිංහලේ වීම එම අලුත්ම ඩිසයින් එකයි. සිංහලේ යන්නෙන් ඉහ උදුම්මා ගත් සිංහල කොල්ලො කුරුට්ටන් මරක්කලයාගේ කඩෙන් සිංහලේ ටීෂර්ට් මිළට ගනී. ඉන් අනතුරුව අපි සිංහලේ යැයි කියමින් පුහු ගර්වයෙන් ඉහ උදුම්මා ගනී. නමුත් උන්ට එම ටීෂර්ට් මිළට ගත්තේ මැක්කලයාගේම කඩයකින් බව අමතක වී ගොස්ය.
විටෙක මෙය හාස්‍ය දනවන්නකි. තවත් දෘෂ්ටි කෝණයකින් බලන කල බළල්ලු ලවා කොස් ඇට බාවා ගැනීමකි. බළලාගේ අත හෝ උපයෝගී කර ගෙන කොස් ඇට බාගැනීම අරමුණ වූ කල , මෝඩ බලලා සාත්තරය බැලීමට පහසු වන්නට අත ගින්නටම ලංකරයි. සාත්තරේ බලන්නා තමන්ගේ අරමුණ සඵල කරගනිද්දී බළලා අත පුච්චා ගනී. සිංහලයාද මෝඩ බළලෙක්දැයි මට සිතිනි. මරක්කලයාට අවශ්‍යය වූයේ සිය වෙළඳ අරමුණ සඵල කර ගැනීමයි. ඔහු සිංහලා යා යැයි කියා ගන්නා වුන්ගේ පවතින ලොකුම දුර්වල කමින් ලොකුම ලාබය සොයන්නට කුරුමානම දියත් කර ඇත. වැරදී ඇත්තේ මරක්කලයාටද ? සිංහලයාටද?. සිතන්නට යමක් ඉතුරු කර ලිපියෙහි අවසානය මෙලෙසින් තබන්නට මම අදහස් කරමි.
ජාති භේදයක් අවශ්‍යය නැති බව සිංහලායා පමණක් නොව දෙමළාද, මරක්කලයාද එකසේ ඇඳහිය යුත්තකි. සිංහලයා සහෝදරත්වයේ හස්තය දිගුකරද්දිී දෙමළා, මරක්කලයා එයට ගරහයි නම්, බයාදු කමක් යැයි සිතයි නම් එය ඔවුන් සතු නීච කමක් විනා සිංහලායා සතු දුබල කමක් නොවේ. අප කළ යුත්තේ රටක් ලෙස නැ`ගිටීම විනා ජන වර්ගය නැ`ගිටුවා අනෙකා විනාශ කර දැමීම නොවේ. උතුරේ ලේ දන්ඳීමේ කඳවුරු වල සිංහල හමුදා සෙබඵ ලේ දන් දුන්නේය මේ ලේ දෙන්නේ දෙම`ඵන්ට යැයි සිතා නොව. ඔවුන්ද මනුෂ්‍යයන් යැයි සිතාය. මේ අනුව අපි තවදුරටත් ගණ ගෝත්රවාදී ජාතියක් නොවන්නෙමු. බටහිර සංස්කෘතිය අභිබවාලූ සංස්කෘතික හරපද්ධතියකට උරුම කම් කියන්නාවූ ජාතියක් ලෙස සිංහලයන් කිසි ලෙසකත් ගෝත්රාදී මඩ වතුරෙහි නොඑරිය යුතුවේ.
සටහන - සශීප්රභා පියුමාලී
අරුංගල්http://www.blogger.com/profile/04802494893133095616noreply@blogger.com0tag:blogger.com,1999:blog-708523738618495503.post-17057851104156585422017-08-13T23:09:00.004-07:002017-08-13T23:16:05.982-07:00
හන්තාන සඳ
ගරා වැටුණු හිත් මඩලේ
විකසිතවී සෙමෙන් ගෙතෙයි
පෙම් දැහැණේ රටා මවන
ගිම්හානේ කඳුළු පබළු
නොබලාම යනු මැන
අැදුරු සද
හන්තාන සිහිනය...........
මහවැලියෙ දිය තලේ
සඳේ වත රැඳුණාට
සරාගී බැල්මක්
නොවැටියන්
සඳ දෙසට
රැයෙහි සඳ කිරණින් නැහැවුණ
රොබරෝසියා පෙති වැටී
ළය මඩල සිප ගත්තද
දෙතොල් මත ප්‍රේමයෙන්
තැබූ හාදුවක් නොවේ සද එය
පාළු රඟ මඩළ මත
කුමරිය මනමෙ වන්නට
දිනෙක බෑ නුබට මට
අැදුරු සද බැතියක්ම මිස
පෙමක් පූදීද පුදසුනක
මුදු සඳේ කිරණට
පිබිදුණත් ළයෙහි පෙම් මල
නොහඬපන් වියෝපත් පොලොව
හන්තාන සඳ
හිමිවන්නෙ අහසට.....
sashiprabha piyumali
university of kelaniyaඅරුංගල්http://www.blogger.com/profile/04802494893133095616noreply@blogger.com1tag:blogger.com,1999:blog-708523738618495503.post-43917009238514549472017-02-13T04:54:00.000-08:002017-02-13T04:54:16.421-08:00අවනඩුවක්......
ඉල් මහේ පෙම් බැන්ඳ
නොබැඳම දෙඅත රන්කෙන්ද
හුළු අත්තක්වත් නැතිව
පැන්නෙ වැට
ලෝකෙටත් හොරෙන් මම
වෙල් ඉපනැල්ලේ
බට පඳුරු අස්සේ
විදිද්දී පෙම්සුව
පැතුවෙ එක හිතින් මං
මයෙ දෙයියො බුදු වෙන්ට
එදා මහ ලොකුවට
රැක්ක පතිදම් පිරුවටේ
උඹෙ නමින් රතු වෙද්දි
මැව්ව මහ හීන කඳු
පිදුරුතලාගල පරදින්න
උඹ හොරෙන් එදා දුන්
සීනි බෝල අහුරක් වගේ
අාදරෙත් දියවෙන
වගක් දැනුනනම් මට
හොයන් නෑ තුන් හිතින්
උඹේ තුරුළේ ඉදන්
සාලියගෙ උණුහුමක් මම
තම්බන්න ගත්තු කොස් බෑය
උඹෙ අතින් ඉගිලෙද්දී
අල්ලපු ගෙදරින් විසික් කළ
පාන් කොනකුත් උළ උළා
ලිප් බොක්ක පීරලා
හොයාගත් අඟුරු කැටයෙන්
උඹේ රුව අදිනවා
මහමෙරට ලොකු එකා
එන්ඩ තව එළියට
තුන් මසයි පොඩි එකා
උඹ අැවිත් ගොම්මනේ
ලෝදියට මත් වෙලා
ගැහුව බිත්තියෙ ඔළුව
පැළී ලේ විද විදා
දිව්වා ලොකු එකත් ගෙන ජීවකයො හොය හොයා
සින්න වී අවසන්
ජීවිතය මියැදිලා
යන්නට අාසයි ගෙදර
යළිත් පතිනිය වෙලා
මංමුලාවී පාර
පඹ ගාලේ පැටළිලා
පාර දන්නා එකෙක්
අඹ මිටක් දියල්ලා.......
Sashi
1/31
අරුංගල්http://www.blogger.com/profile/04802494893133095616noreply@blogger.com0tag:blogger.com,1999:blog-708523738618495503.post-76300954959972278912016-11-30T20:36:00.001-08:002016-11-30T20:42:00.484-08:00
රිදීවන් රශ්මියට වශීකෘත වෙලා
විඩාබර සිත නිවන තුහින යැයි සිතා
දමා හද සිදුරුකර රුධිරයෙන් නැහැවෙනා
සමුරායි කඩුවකට සිතින් පෙම් කලා.........
ප්‍රේමයෙන් ගෙලවටා දවටාපු ඔය දෑත්
නොසිතුනා සිද දාවි යැයි කියා මගේ ගෙල
නිනවුවක් නැති බිමක ඔබෙ අතින් වළලලා
කුමට අද මගෙ නමින් රතු රෝස මල් වඩම්.........
සශීඅරුංගල්http://www.blogger.com/profile/04802494893133095616noreply@blogger.com0tag:blogger.com,1999:blog-708523738618495503.post-63587089560715151212016-10-09T04:19:00.002-07:002016-10-09T04:19:19.381-07:00
අරුංගල්http://www.blogger.com/profile/04802494893133095616noreply@blogger.com0tag:blogger.com,1999:blog-708523738618495503.post-52910310060396439352016-10-09T03:21:00.001-07:002016-10-09T04:16:13.006-07:00නිහඬ ප්‍රේමය
සිතුවිලි සිත්තම් කර හද මඩලේ
ගොලුවී ඉන්නට තවත් නොහැක මට
දෑස් අගින් උණු කඳුලු ගලන්නේ
ඔබේ නමිනි ඔබ නොදනී එ් වග
ඔබෙන් තොර ලොවක් නොසිතෙන තරමට
මැව්වා ඔබ ගැන සිහින පැතුම් මල්
එ් මල් අමුණා මගේ කඳුලු ඉස
අන් කුමරියක ගෙල පලදාවි ඔබ මල් දම්
සිව්වසරක මතකය අවසන
ඔබත් සිහිනයකි කඳුළ ඉතුරු කළ
මගේ කඳුළු ගෙන සයුරි කුමරි වෙත
කැලණි කුමරුණේ ගලාන යනු මැන
සශී....අරුංගල්http://www.blogger.com/profile/04802494893133095616noreply@blogger.com0tag:blogger.com,1999:blog-708523738618495503.post-29564592257175920162016-10-05T20:30:00.001-07:002016-10-09T02:44:39.241-07:00
ධනවාදී මතවාදයෙන් ඔබ්බට ළමාලෝකය
වර්තමානය වන විට ලෝකය ලෝකයක් නොව සන්නිවේදනයේ දියුණුවත් සමඟ විශ්ව ගම්මානයක් බවට පත්ව අැති බව මාෂල් මැක්ලූහන් පවසා අැත.නව මාධ්‍යයේ දියුණුවත් සමග ලෝකය එක යායක් බවට පත්විය. කලු සුදු භේද උස් පහත් භේද අාගම් භේද අලුයට ගිනි පුපුරු සේ අවුලාගෙන සිටීම නිෂ්ඵල වූවකි. අප කල යුත් එකිනෙකාගේ යහපත උදෙසා සහෝදරත්වයේ හස්තය දිගු කිරීම විනා විනාශයේ මර උගුල් අැටවීම නොවේ. සහෝදරත්වයේ හස්තයන් එකට බැඳුණු කල්හි දරිද්‍රතාව යන්න මැඩලීම නොහැක්කක් නොවෙනු අැත.නමුත් වාණිජවාදී ලෝකයක මනුස්සකම පෑල දොරින් පළායාම අරුමයක් නොවේ.
අනාගත ලෝකයේ උරුමකරුවන් වන්නේ දරුවන්ය.දරුවන්ගේ අනාගතය අනාත නොකිරීමට ඔවුන්ට යහපත් ජීවිතයක් උරුම කරදීමට දරුවන් අාදරේ කරන දෙමාපියන් නිතැතින්ම උත්සුක වේ.
මේ සටහන දිග හැරෙන්නේ විශ්ව ළමාලෝකය පිළිබඳවයි.
අව්‍යාජත්වයේ හා සුන්දරත්වයේ විශ්වමය සංකේතය ඔහුය."
"මානව ශිෂ්ටාචාරයේ තීරණාත්මක සාධකය ඔහුය"
"විශ්වයේ ශේෂ්ඨතම නිර්මාණය ඔහුය."
මෙලෙසින් සාහිත්‍යමය නිර්වචනයන්ට පාත්‍ර වු ළමයා නිර්වචනයකට හසුකළ නොහැකි තරම්ය.
1989 නොවැම්බර් මස 20 වන දිනදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අනුමත කරගන්නා ලද ළමා අයිතිවාසිකම් පිළිබද ප්රඥප්තියට අනුව ඉතාමත් සරළම අදහස නම් "නීතිය මඟින් අඩු වයසකදී පූර්ණත්වය ලබන්නේ නම් මිස වයස අවුරුදු 18ට අඩු සියලු මනුෂ්‍යයන් ළමුන්ය".
සංවර්ධනාත්මක අවධියක් ලෙස ළමාවිය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීම සදහාද ළමයින්ට හිමි මූලික මානව අයිතිවාසිකම් පිළිබඳ නීතිමය රාමුවක් සලසාදීමේ අරමුණින් වර්ෂ 1989 නොවැම්බර් මස 20 වන දිනදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ළමා අයිතිවාසිකම් පිළිබදව ප්රඥප්තිය (CRU) සම්මත කර ගන්නා ලදි. මෙම ප්රඥප්තිය වගන්ති 54කින් සමන්විත වන අතර මුල් වගන්ති 42 මගින් ළමයා පිළිබඳව නිර්වචනය, ළමුන්ගේ අයිතිවාසිකම්, ළමුන්ගේ ආරක්ෂාව, සම්බන්ධව දෙමාපියන් ඇතුළු වැඩිහිටියන් වෙත පවත්නා වගකීම විස්තර කර ඇත.
ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ ළමා අයිතිවාසිකම්
ලෝකයේ ළමයින් අරඹයා 365දවසින් එක් දිනයක් වෙන්කර තිබේ.නමුත් ළමා ලෝකය එලෙස එක් දිනකට වෙන් කරලිය නොහැක්කකි. නමුත් ඔක්තෝම්බර් මස1වැනිදා ලෝක ළමා දිනය ලෙස පට බැඳ සුන්දර ළමා ලෝකය වාණිජකරණයට ලක්කිරීමට වෙළඳ ප්‍රජාව මහත් ප්රයත්නයක් ගනු ලබයි.
නොයෙකුත් විසිතුරු දෙයින් නිමැවෙන ලෝකවල ළමයින් අතර මං කර දෙමාපියන්ගේ පොකට්ටුවට විදින ළමා දිනයක් අද නිමැවී අැත.අතීතයේ මෙන් වෙල් ඉපනැළැල් අැළේ දොළේ දුව පැන නටන ළමා ලෝකයක් ළමයින් සතුව නැත . අතීතයේ පුංචිවුන් මෙන් ගසක වැළක ගෙඩියක් කඩාගෙන එ්වා බෙදා හදාගෙන කන ළමා ලෝකයක් අද නැත. වර්තමානයේ අැත්තෝ කති,නැත්තෝ දුක් විදිති.
නමුත් අප මේ යථාර්ථය තේරුම් ගත යුතුය. දුගී පැළේ ඉපදුනද රජ මැදුරේ ඉපදුනද ළමයි යනු ළමයින්මය.
අරුංගල්http://www.blogger.com/profile/04802494893133095616noreply@blogger.com0tag:blogger.com,1999:blog-708523738618495503.post-59209934837915984442016-10-01T18:34:00.000-07:002016-10-01T18:34:03.855-07:00kln.ac.lk
අරුංගල්http://www.blogger.com/profile/04802494893133095616noreply@blogger.com0tag:blogger.com,1999:blog-708523738618495503.post-77822779326417068742016-09-19T20:52:00.000-07:002016-09-19T20:52:08.385-07:00
අරුංගල්http://www.blogger.com/profile/04802494893133095616noreply@blogger.com0tag:blogger.com,1999:blog-708523738618495503.post-67483324508560038722016-08-30T04:05:00.002-07:002016-08-30T04:05:43.729-07:00
අරුංගල්http://www.blogger.com/profile/04802494893133095616noreply@blogger.com0tag:blogger.com,1999:blog-708523738618495503.post-55084803297752850292016-08-24T22:24:00.002-07:002016-08-24T22:24:32.849-07:00
අරුංගල්http://www.blogger.com/profile/04802494893133095616noreply@blogger.com0tag:blogger.com,1999:blog-708523738618495503.post-82340935632176584822016-08-18T04:21:00.001-07:002016-08-18T04:21:16.724-07:00
ජීවිතය, ශරීරය කිසි විටෙක තමාට හිමිවූවක් නොවේ. නෙක සුවඳින් ඔපවත් කළද වෙෙවාරණ වස්ත්‍ර වත දැවටුවද,විච්චූරණ සායමින් රැළි ගැහුණු හම පිරියම් කර ලප කැළැල් මකා ගත්තද දිනෙක සියල්ල අතැර මේ නවා තැනින් නික්මෙන්නට සිදුවේ. අාශාවෙන් පොදි බැන්ද රුපියල් ශත වලින් ප්‍රාණය තව ටිකක් වත් මිලට ගැනීමට කිසිවෙකුට හැකියාවක් නැත. දිවා රෑ නොතකා උපයන වස්තුව කොතරම් නම් නිස්සාර වූවක්ද?
අප සංසාර ගමනේදී නවතින නවාතැනෙහි සිය සුඛවිහරණය සඳහා උචිත පරිසරයක් ගොඩ නැඟීමෙහිලා නොයෙක් ක්‍රියාවන්හි නිරතවේ. මිලමුදලින් විනා සැප විදීමට අන් මඟක් නැතැයි සිතනා මිනිසා මුදල් පසුපස හඹායයි.මනුෂ්‍යත්වය අමු අමුවේ මරා දමයි.පස් කම් සැපතින් ජීවිතය සොයයි. පන්සිල් පෑල දොරින් පලායද්දී අගාධයේ හුදකලාවූ මිනිසා නිවනින් අෑතට අැදීයයි.
අප සියල්ලෝම සසරෙහි අතරමං වී අැත.ධර්මය අධර්මය,යුක්තිය අයුක්ති උඩුයටිකුරු වී අැත.
මා මෙහිදී අවධානය යොමු කරන්නේ ප්‍රාණ ඝාතය පිළිබඳවයි.
අරුංගල්http://www.blogger.com/profile/04802494893133095616noreply@blogger.com0tag:blogger.com,1999:blog-708523738618495503.post-47786094920956085662016-07-08T12:43:00.001-07:002016-07-08T12:43:12.495-07:00දුද නොද බිඳ
ලද තෙද කඳ
කඳ දෙව් රද
ස්වාමීනේ............!!!!!
අධ්‍යාපනයේ නිදහස
අමු අමුවෙන් වළලපු උන්
සරසවි සිසු දෑත් වලට
විලංගු දැමු අමන යකුන්
යුක්තිය සුනු විසුනු කරන්
රතු පළසේ වැඩි හිවලුන්
සුන් කරලන් කඳ සුරිදුනි
රැක්කා අැති දැන් ගොලුවතඅරුංගල්http://www.blogger.com/profile/04802494893133095616noreply@blogger.com0tag:blogger.com,1999:blog-708523738618495503.post-6318319789472342482016-06-19T01:53:00.001-07:002016-06-19T03:35:02.235-07:00සොයා ආවාදෝ ෆේස් බුක් පේ‍්‍රමයක්……….
ජීවිතේ ගැන ඔබ මොනවද හිතන්නේ? ඇත්තටම ජීවිතේ කියන තරම්ම සුන්දරද? එහෙමත් නැත්නම් නොකියන තරම්ම අසුන්දරද ? ජීවිතේ ජීවත් කරවන්නේ අලුත්බලාපොරොත්තු කියල කියනවා. ඒත් ඒ බලා පොරොත්තු ඇස්පනා පිටම සුන්වෙලා යද්දි බලාපොරොත්තුත් එක්ක ජිවත් වුණු ජීවිත වලට මොකද වෙන්නෙ ? එහෙව් ජීවිත වල අනාගතය තීරණය වෙන්නෙ ඒ ඒ අයගෙ දරා ගැනීමේ ශක්තියත් එක්ක.
වර්තමාන තාරුණ්‍ය නව මාධ්‍යත් එක්ක හුදකලා වෙලා. එහි පළ විපාක දෙයාකාරයකින් අපිට පේනවා. ඇතැමුන් නව මාධ්‍ය තුළින් අලුත් අලුත් දැනුම සොයන අතරෙ තවත් සමහරු නව මාධ්‍යත් එක්කලා ජීවිතේ හොයන්න පටන් ගන්නවා. වර්තමානයේ සමාජය තුළ මාධ්‍යට හිමි වෙන්නෙ සුවිශේෂී තැනක්. මාර්ෂල් මැක්ලුහන් පැවසූ ආකාරයට නව මාධ්‍යයේ නැ`ගිමත් එක්ක ලෝකය විශ්ව ගම්මානයක් බවට පත්වෙලා ඉවරයි. තාක්ෂණික දියණුවත් එක්ක ලෝකය උඩු යටිකුරු වී ඇති බව විටෙක සිතේ. තාක්ෂණය ක්‍රමිකව ගමට විකාශනය වීමත් සම`ග එතෙක් පැවති ග්රාමීයත්වය ගිළිහෙන්නට පටන් අරන් අවසන්. එහෙව් වූ සංකර විලාසිතා වලින් පිරිච්ච මනුස්සකම් අමු අමුවෙ ගරා ගෙන වැටෙන්න පටන් අරගත්තු සමාජ තලයක සිට ලියනු ලබන ලිපියක ආරම්භයි මේ.
මේ කතාවත් දිග හරින්න යන්නෙ අහිංසක පුංචි නංගිල වෙනුවෙන්මයි. ඉස්සර වගේ වෙලේ නියරේ දුව පැනලා, ගමේ අනික් පුංචි උන් එක්කලා හැං`ගි මුත්තන් තියලා, නෙලුම් කොළේ බත් කටක් කාපු ගැටිස්සියො නෙමෙයිනේ දැන් ගොඩක් ඉන්නේ. අපේ ගම් වල දැනුම් තේරුම් ඇති පරණ බවලත් උදවිය නම් කියන්නෙ දැන් කාලෙ වුන් පැහිලා ආන්කල් වෙලා ඉවරයි කියලා.
කොහොම වුණත් උස් පුටුවෙන් පටන් ගෙන ගමේ පාරෙ පාලම් උඩ, බෝක්කු බැම්මෙ එහෙමත් නැත්නම් කඩමණ්ඩියේ, ත්‍රීරෝද රථගාලෙ කරක්ගහන කොල්ලො කුරුට්ටො දක්වාම නව මාධ්‍ය ගමන් කර අවසන්. මෙහිදී ෆේස් බුක් සමාජ ජාලයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. ෆේස් බුක් සමාජ ජාලයෙහි නොපෙනෙන පැතිකඩ පිළිබඳ පර්යේෂණයෙහි නියැලෙන්ෙනකු ලෙස ෆේස් බුක් සමාජ ජාලය පිළිබඳ මා සොයා බැලූ කරුණු හා මා ලද අත් දැකීම් රැුසක් තිබේ. ඕනෑම මාධ්‍යයක පො¥ වූ ප්රබලතා හා දුබලතා යන කාරණා ෆේ්ස් බුක් ජාලය අරඹයාද අදාළ වේ. මෙහිදී මා මූලික අවධානය යොමු කරන්නේ ෆේස් බුක් හා පේ‍්‍රම සම්බධන්තා යන වර්තමානය තුළ බෙහෙවින් කතා බහට ලක්ව ඇති මාතෘකාව පිළිබඳවයි. මාගේ සමීක්ෂණ දත්ත අනුව ෆේස් බුක් සමාජ ජාලය තුළින් තරුණියන් සම`ග සම්බන්ධතා පවත්වන තරුණයින්ගෙන් 65%කට වඩා වැඩිප්රමාණයක් ටික දිනකින් දුරකතන අංක හුවමාරු කිරිමට පෙළෙ ෙඕ. මෙම කාල සීමාව සංවාදයේ යෙදුණු පළමු දවසම හෝ පළමු සතිය ,මාසය යැයි නිශ්චිතව නිගමනයකට එළඹිය නොහැකි නමුත් ෆේස් බුක් සංවාද සඳහා මාර්ග ගත ජාලයට ප්රවිශ්ට වන වේලාව පිළිබඳ ඔවුනොවුන් අතර පොදු නිගමනයකට එළෙඹෙන අවස්ථා 50% ක් හඳුනා ගත හැකිය. සමාජ මාධයයන් පිළිබඳ පර්යේෂණයන්හිදී නිශ්චිතව දත්ත අනාවරණයක් සිදු කළද එම දත්තයන් නිරන්තරයෙන් වෙනස් වන බව මෙහිදී සිහි තබා ගත යතු කරුණකි.
මෙලෙස සිදුවන දුරකතන අංක හුවමාරුව හුදෙක් පේ‍්‍රම සම්බන්ධතාවක ආරම්භයක් බව එකහෙළාව නිශ්චය කිරීම සාධාරණ නොවේ. නමුත් එය පේ‍්‍රම සබඳතාවක මූලාරම්භය බවට පත්විය හැකි යැයි නිගමනයකට එළඹීම සාවද්‍ය යැයි ඉදුරාම පැවසිය හැකිද නොවේ. අක්ෂර භාවිතයෙන් සන්නිවේදනයෙහි යෙදුනු මානවයා පසුව ශබ්ද මාධ්‍යයද ඉන් අනතුරුව දෘෂ්‍ය මාධ්‍යයද සන්නිවේදනයෙහිලා භාවිතයට ගත් අයුරු යළිත් පුණරාවර්ජනය කරමින් ෆේස් බුක් සංවාදය ක්‍රමිකව දුරකතන මාධ්‍යයටත් ඉන් අනතුරුව ස්කයිප් ,වයිබර්, ඉමෝ වැනි ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයක් කරාද වර්ධනය වේ. රූප මාධ්‍ය වනාහි සෙසු මාධ්‍යයන් අභිබවා නැගී සිටින්නකි. හැ`ගීම් උත්පේරණයෙහිලා රූප මාධ්‍ය මගින් දක්වන දායකත්වය ප්‍රබල ය. ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදයට ෆේ්ස් බුක් සම්බන්ධව ලැබුණුපැමිණිලි පිළිබඳ සිදුකළ විමර්ශනයේදී එක් සුවිශේෂීකරුණක් පිළිබඳ මාගේ අවධානය යොමු විය. මෙම ෆේස් බුක් සංවාදය අවසානයේදී ස්කයිප් මාධ්‍ය තුළින් සිදුවූ නිරුවත ප්‍රදර්ශනයක් බවට පත්වී කප්පම් ගැනීමක් තරමට සාහසික වූවකි. පේ‍්‍රමයේ මුවාවෙන් සිය පටු අරමුණු මුදුන් පමුණුවා ගැනීමෙහිලා මූලික ඉළක්කයක් බවට ෆේස් බුක් සංවාද පත්කරගෙන ඇති ආකාරය මින් පෙනී යයි.
ෆේස් බුක් තුළින් සංවාද කර දුරකතන අංක හුවමාරුකරගත් තරුණියන්ට මුහුණ පෑමට සිදුවන නොයෙක් අකරතැබ්බ පිළිබඳවඳ මාගේ අවධානය යොමු කෙරිණි. මෙහිදී හදුනා ගත හැකිවූයේ මෙම තරුණියන්ගේ දුරකතනයන්ට ෆේස් බුක් පෙම්වතාගේ සැබෑ පෙම් වතිය යැයි පවසන වෙනත් තරුණියක විසින් දුරකතන ඇමතුම් ලබාදී තමාගේ පෙම්වතා සම`ග පවත්වන සම්බන්ධතාවය පිළිබඳ චෝදනා එළ්ල කර බැණ වැදීමයි. මෙම සිද්ධි අධ්‍යයනයන්ට අනුව ෆේස් බුක් පෙම්වතා හුදෙක් ෆේස් බුක් පෙම්වතෙකුම පමණි. ඔහුට සැබෑවටම වෙනත් පෙම්වතියක හෝ බිරිඳක සිටී. ඔහු ෆේස් බුක් තුළින් වෙනත් තරුණියන් සම`ග ඇසුරකට එළඹෙන්නේ ඔහුගේ වින්දනය පහත් ආශාවන් නිසා විය හැක. මේ අනුව ෆේස් බුක් ආගන්තුක තරුණියක් මෙම කාරණා මැනවින් අවබෝධ කරගනිමින් ෆේස් බුක් භාවිත කිරීම වඩාත් වැදගත් වනු ඇත.
පසු ගිය වසරේදී ගාල්ල ඇල්පිටි ප්‍රදේශයේ තරුණියක සිය දිවි නසා ගැනීම සඳහාද ෆේස් බුක් මගින් තරුණයෙකු හා ඇති කර ගත් පේ‍්‍රම සබඳතාවක් බලපෑ බව මාධ්‍ය මගින් වාර්තා විය. කිසිවිටෙකත් ෆේස් බුක් මගින් මරණ ඇති නොවේ. මෙවැන්නක් සිදු වීමට මූලිකවම බලපාන කාරණාව වන්නේ පුද්ගල හැසිරීමයි. සැබෑ රූපය හංගා ඒ වෙනුවට වෙනත් සිත් ගන්නා තරුණියකගේ රූප භාවිත කර පේ‍්‍රම සම්බන්ධතා ගොඩ නගා ගැනිමට යාමෙ මහිලා බලපා ඇත. ඇතැමුන් තමාගේ ප්‍රකෘති රූපය අවලස්සනයැයි හීන මානයකින් පෙළෙන අතර තමාට යමක් ලබා ගැනීමට එම රූපය බාධාවක් වේ යැයි සිතා මෙවැනි ක්‍රියා සිදු කරනු ලබයි. තාරූණ්යට පොදු කාරණාවක් වන පේ‍්‍රමය කිසි විටක බලෙන් ලබා ගත නොහැක. ව්‍යාජ ලෙස පේ‍්‍රමය ලබා ගන්නට යාමෙන් සිදුවන අනිටු බලපෑමක් ලෙස මෙය හ≈ඳුනා ගත හැක.
මෙවැනි සිදුවීම් සංඛ්‍යාත්මකව ප්‍රකාශ කළ නොහැක . නමුත් ෆේස් බුක් සමාජ මාධ්‍ය තුළ බොහෝ දුරට සිදුවන්නේ අදහස් හැගීම් හුවමාරුවකි. සංවේදී පුද්ගලයන් ව්‍යාජ පුද්ගලයන්ගේ සමග ඇසුරට යාමේදී බොහෝ විට සිත් බිඳීම් සිදුවේ. නමුත් පුද්ගලයා ෆේස් බුක් යනු සමාජ මාධ්‍යයක්ය යන්න අවබෝධ කරගනිමින් ෆේස් බුක් පරිශීලනය කිරීම සියල්ලන්ගේම යහපතට හේතු වන බව සිහි තබා ගත යුතු ය.
එම් .එම් සශීප්රභා පියුමාලී
කැලණිය විශ්ව විද්‍යාලය
අරුංගල්http://www.blogger.com/profile/04802494893133095616noreply@blogger.com0tag:blogger.com,1999:blog-708523738618495503.post-91297541846164169782016-06-17T23:57:00.002-07:002016-06-18T00:03:46.082-07:00
මාර්කට් වන පොසොන් පොහොය
දෙවන පෑතිස් රජ විනෝදය අරඹයා වනයේහි සැරි සරමින් මුව දඩයමට සැරසේ.එකෙනෙහිම තිස්ස යනුවෙන් තමා අමතන හඬක අසීමෙන් රජු වික්ෂිප්ත වූයේ ලක්දෙරෙණෙහි තමාගේ නමින් අැමතීමට තරම් ජගතෙකු නොවූ බව දත් හෙයිනි.වට පිට විපරම් කළ රජුන්ට දැකගත හැකි වූයේ භාරතයේ සිට මිස්සක පවුවට වැඩම කර වැඩ සිටින“මිහිදු” මහ රහතන් වහන්සේ ඇතුලුපිරිස(ඉට්ඨිය,උත්තිය,සම්බල,බද්දසාල යන රහතන් වහන්සේලාත්,ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද,භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා) යන පිරිසයි. මේ ලංකාවට බුදු දහම දායාද වූ පිං බර පොසොන් පෝය දිනය හා සබැඳි අපූර්ව වූ කතා පුවතයි. කෙසේ නමුත් ලංකාවට බුදු දහමේ සම්ප්‍රාප්තිය පූර්ණ සැළසුම් සහගත ක්‍රියාවක ප්‍රතිඵලයක් බවටද සාධක හමුවේ.
මිහිදු මහ රහතන් වහන්සේ රජතුමා ඇතුළු පිරිස පංච සීලයේ පිහිටුවා ඔවුන් හට “චුල්ල හත්ථි පදෝපම” සූත්‍රය දේශනා කලේය. මෙහි ඇති තවත් විශේෂයක් වනුයේ මෙම චුල්ල හත්ථි පදෝපම සූත්‍රය මිහිදු හිමියන් විසින් ප්‍රථම වරට දේශනා කරන ලද බණ වීමයි.ඉන් අවසානයේදී මේයට සහභාගී වී සිටි අනෙකුත් දෙවි දේවතා සමූහයට “සචිත්ත පරියාය” සූත්‍රය දේශනා කළහ.
මෙලෙසින් අාරම්භවූ ලක්දිව බුදු දහමේ ව්‍යාප්තිය ලාංකීය ජන සමාජය තුළ සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍ර අාදී සෑම සංස්කෘතික අංගයක් කරෙහිම එකලෙසින් බල පාන්නට විය. එතෙක් පැවති ප්‍රාථමික අැඳහිලි වත් පිළිවෙත් වලට නව අර්ථ කතනයක් සපයමින් බුදු දහම ව්‍යාප්ත විය.
වර්තමානය වන විට ගෝලීය අාර්ථික රටාව හමුවේ සියල්ල මුදල මත පදනම් වී මානුෂීය ගුණ කදම්බයන් අමු අමුවේ විනාශ කර දමන ලෝකයක් නිර්මාණය වී අැත.මෙම නිර්දය ලෝකය තුළ සියල්ල රැපියල් ශත මත ලන්සු තැබීමට පටන් ගෙන තිබේ . මෙම වාණිජ වාදී ප්රතිපත්තීන් අනනුකම්පී ලෙස අාත්මය පමණක් නොව අාත්මය සුවපත් කරන අාගමද අරක් ගෙන හමාරය. බල්ලෝ මරා හෝ සල්ලි ගරාගන්නට මිනිසා හුරුවී අැත. එ් අනුව බෞද්ධයන් මහත් උත්කර්ෂවත්ව සමරණ වෙසක් ,පොසොන්,අැසළ යන සෑම පොහොයක්ම පාහේ වාණිජ වාදී සමාජ ක්‍රමයකට හැඩ ගැසුනු පුද්ගලයන්ගේ මඩිස්සලේ පුරවන ඉත්තන් බවට පත්කර ගැනීම සැබැවින්ම පිළිකුල දනවන්නකි.
අරුංගල්http://www.blogger.com/profile/04802494893133095616noreply@blogger.com0tag:blogger.com,1999:blog-708523738618495503.post-31835256404683273822016-06-10T00:42:00.003-07:002016-06-10T00:57:22.425-07:00
අරුංගල්http://www.blogger.com/profile/04802494893133095616noreply@blogger.com0tag:blogger.com,1999:blog-708523738618495503.post-77670462738619157002016-06-09T21:29:00.000-07:002016-06-09T21:29:22.404-07:00සදාදරණීය අරුංගල්
අයුක්තියේ යදමට හිරවී අසාධාරණය රජ කරන ලෝකයක යුක්තිය හොයන්නට මා තවත් නොවෙහෙසෙමි.මන්ද යුක්තිය සාධාරණය වැළලී දැන් බොහෝ කලක් බව මා දනිමි. ලෝකය තුළ යථාර්ථය අනාවරණය කිරීමට තවදුරටත් ඉඩක් නැත. අගාධයට ගලාගෙන යන මානුෂීය ගුණ කඳම්භයන් යහ මගට අපසරණය කිරීමට තනි පුද්ගල යෙකුට නොහැකිය . නමුත් සමස්ත ලෝකයාම එහිලා කැපවුව හොත් යළිත් සුපිරිසිදු සමාජයක් බිහි කිරීම සිහිනයක් නොවෙනු අැත.
අරුංගල්http://www.blogger.com/profile/04802494893133095616noreply@blogger.com0tag:blogger.com,1999:blog-708523738618495503.post-57638261382818668572016-01-17T20:04:00.002-08:002016-01-17T20:04:15.279-08:00
kln.ac.lk
අරුංගල්http://www.blogger.com/profile/04802494893133095616noreply@blogger.com0tag:blogger.com,1999:blog-708523738618495503.post-40994335239984443192016-01-17T20:02:00.006-08:002016-01-17T20:02:50.993-08:00
kln.ac.lk
අරුංගල්http://www.blogger.com/profile/04802494893133095616noreply@blogger.com0tag:blogger.com,1999:blog-708523738618495503.post-6702300380142057082016-01-17T20:00:00.001-08:002016-01-17T20:01:22.348-08:00
kln.ac.lk
අරුංගල්http://www.blogger.com/profile/04802494893133095616noreply@blogger.com0tag:blogger.com,1999:blog-708523738618495503.post-24336511829237673742015-11-16T05:30:00.000-08:002015-11-16T05:30:03.062-08:00
අරුංගල්http://www.blogger.com/profile/04802494893133095616noreply@blogger.com0tag:blogger.com,1999:blog-708523738618495503.post-6758925715757297392015-09-29T18:42:00.000-07:002015-09-29T18:44:14.202-07:00
දෛවය
තාත්තගේ මළ ගම අහවර කරලා භූමිදානය කරපු සොහොන දිහා බලන් ඉද්දි පපුකැවුත්ත පිච්චිලා යනවා. ගොම්මනේ කඩා වැටුණූ වැස්සට සොහොන මතට දාලා ගොඩකරපු පස් උඩ තිබ්බ ගල් කැට එහෙමම තියෙද්දි වටේ තිබ්බ පස් යටට ගිහින්. හරියට මාව උඩට ගනින් පුතේ කියලා තාත්තා අත් දෙක උස්සන් කෑගහල කියනව වගේ. ජීවතුන් අතර ඉන්න කාලේ තාත්තත් එක්ක ? ලන්තෑරුම් එළියෙන් පේර ගහ යට බංකුවට වෙලා දාං ඇද්ද දාං ළැල්ලෙ එදා හිටිය ඉත්තො අද සී සීකඩ විහිරිරා ගිහින්. හිතේ ගින්දරත් එක්ක ඇස් දෙකෙන් කඩා වැටෙන කඳුලු දෙකම්මුල් පුච්චගෙන දාං ළෑල්ල උඩට වැටෙනව වගේ මට දැනෙනා.
කල්පනා ලෝකයක ගිළිලා හිටිය මම පුරං විච්ච කුඹුර මැද තියෙන පන් ගොල්ල දිහායින් ඇසුන උලමෙක් හූල්ලන හ`ඩට තිගැස්සුණා. ඝන අන්ධකාරෙත් එක්ක ඔට්ටු අල්ලන කනාමැදිරියො රොත්ත පිටින් එහා මෙහා පියාඹනවා. ගොරණාඩු කරපු අහසෙ කලු විච්ච වලා ගුළි හරියට කලු ගල් වගේ. කිසිම හිතක් පපුවක් නෑ. හිල් විච්ච ටකරම් වහලෙට දොඹ ගෙඩි වගේ වැස්ස කඩන්පාත් වෙද්දි මං කුස්සියට දිව්වෙ තැටි කබලක්වත් අරන් ඇවිත් තාත්තගෙ පෙට්ට ගම උඩින් තියන්න. වහලෙ සිදුරු අතරින් වැටුණ වැහි බිංදු පෙට්ට ගම උඩට සට සට ගගා වටෙනවා. ගෙයි වටිනා කියලා තඹ දොයිතුවක්වත් තිබුණනම් තිබුණෙ ඔය පෙට්ට ගම අස්සෙ. තාමත් ඒ පෙට්ට ගමේ තාත්තගෙ කමිස කඩ මලු දෙක තුනම තාත්ත නමලා තියු විදිටම තියෙනවා. කමිස කඩමලු ටික අතට ගත්තු මම දැක්කෙ නිල් පාට ඉරිළ ගිය ෆයිල් එකක්. ඒ ෆයිල් එක ඇතුළෙ තිබුණෙ වෛද්‍ය වාර්තාවක් .තාත්තාගෙ පපුවෙ නහරවල් තුනක ලේ කැටි හිරවෙලා. කාෂ්ට ගෙන්දගම් පොලොවත් එක්ක ඔට්ටුවෙලා යන්තම් බඩවියත තුනී කරගන්න තාත්තාත් අම්මා එක්ක එකතු වෙලා වින්දෙ පුදුම දුකක්. එහෙව් අපට කොයින්ද ඔපරේෂන් එකක් කරන්ඩ තරම් ඔච්චර සල්ලි කන්දරාවක්්. ඒත් ඉන්න හිටින්න කියලා තිබුණු පැලත් උකසට තියල රටට ලෝකෙට ණය වෙලා තාත්තගෙ පණ කෙන්ද රැුකගන්න අම්ම විඳින දුක බලා ඉන්න තරම් මගෙ හිතට හයියක් තිබුණෙ නෑ. කෙල්ලගෙ කනි දෙක පාලුවට අරින්න හොඳ නෑ කියලා තාත්තාම ගෙනත් දැපු අරුංගල් දෙක ගලෝලා මම අම්මට දුන්නෙ මට මගෙ පණටත් වඩා මම තාත්තාගෙ පණට ආදරේ කරන හින්දා.
දවසින් දවස ඔහොම ගෙවිල ගියා. ඉංගිරීසි බෙහෙත් බලෙන් තාත්තා යන්තම් පණ අඳිනවා. ඒත් හිටි හැටියෙ පාන්දර තාත්තා කෙදිරි ගාන හඩක් ඇහුණූ. මායි අම්මයි දුවලා ගියේ තාත්තා නිදන් හිටිය පැදුර ගාවට. තාත්තේ කියල මම කතා කළා. ඒත් වෙනදා මයෙ පුතේ කියල මගෙ ඔලුව අත ගැපු තාත්ත මගේ මූණ දිහා බලල එක වචනයක් වත් කතා කළේ නෑ. බලා ඉන්න බැරිම තැන සිද්ධාර්ථ තෙල් ටිකක් අතර අරන් තාත්තගෙ පපුවෙ ගාලා පිරි මැඳ්දෙ අන්තිම හුස්ම පොදවත් ඉතුරු කර ගන්න හිතාන. ඒත් තාත්තා හෙල්ලුනේවත් නෑ. වරිච්චි බිත්ති අතරින් අම්මගෙ අදෝනාව දුර ඈතට ඇඳිලා ගියා.
ගම්මු එකතු වෙලා ගේ ඉස්සරහින් පාර දිගේ ගොක් ?න් ඇඳ්දා. රතු පාට ඇන්තූරියන් මලින් පිරුණු මල් වඩමක් ගේ ඇතුළෙ තියන්න ඉඩක් නැති තැන දොරකොඩ තියල තියෙනවා. කවදාවත් අලුත් අඳුමක් නොඇන්ඳ තාත්තා පාන්කඩ විච්ච කමිසෙට සමුදීල නොඑන ගමනක් යන්න ලස්සනට ඇඳගෙන දෑත් බැඳගෙන නිහඩවම බලා ඉන්නවා. වෙනද වගේ මාත් එක්ක කතා කළේ නෑ. පේර ගහයට බංකුව උඩට වෙළා ගම්මු දෙතුන් දෙනෙක් බුලත් විට කතා තාත්තාගේ හොඳ කියෝනව මට ඇහුණා. ගමේ වෙන ඕනිම කෙනෙකුට සල්ලි බලෙන් නැතත් ඇ`ග් පතේ හයියෙන් උදව් උපකාර කරපු තාත්තට කවුරුත් නරකක් කියන් නෑ. පාංශකූලෙ දීලා සුදු පාට පාඩව මැඳින් තාත්තා යන්න ගියා. ආයෙ කවදාවත් තාත්තා එන්නෑ කියලා හිත හඳාගන්න මට බෑ. ගෙයි හතර වටෙන් තාත්තගෙ කට හ`ඩඇහෙනවා. චූටි පුතේ හොඳට ඉගෙන ගනින් කියලා තාත්තා මට කියනවා. තාත්තගෙ මළ ගම අහවර වෙලා උඹලා බය වෙන්න එපා ඕනැ එහෙකට අපි ඉන්නව කියපු නෑදෑ සනුහරේ උන් එකා එකා අතුරු දහන්වෙලා යද්දි මං හාවක් හුවක් නැතිව ඔහේ බලා ගෙන උන්නා. මං දන්නව ඔය කියන උන් ඔක්කොම ආවේ තාත්තා ඉන්නකම් අපේ තියෙන දේ සූර කන්ඩ කියලා. උන්ට දැන් මහ වත්තට එන පාරවත් මකද දන්නෑ.
දෛවයත් හරියට අපේ ජීවිතත් එක්ක සෙල්ලම් කරනවා වගේ. තාත්ත නැතිවුණ දා ඉදන් අම්මා කූලී වැඩ කරන්න ගත්තෙ වෙන කරන්න දෙයක් නැති කමට. වැඩ කරල ආපු අම්ම ?ට මටත්් හොරෙන් අත් දෙකේ තෙල් ගානව. මම නිිදි කියල අම්ම හිතුවට මම අම්මටත් හොරෙන් අම්ම දිහා බලන් හිටියෙ. ඉස්කෝලෙන එක නතර කරල අම්ම එක්ක කුළි වැඩට උදව් කරන්න යන්න හිතුවත් අම්ම ඒක ඉඩක් දුන්නෙ නෑ. මොනව නැතත් ඉගෙන ගිනින් පුතේ කියලයි අම්මා කිවුවේ. දින සති මාස ගෙවිල කාලය ගත වුණා. සාමාන්‍ය පෙළ විභාගෙත් ඉහළින් පාස් වෙලා උසස් පෙළ කරන්න මට පුලුවන් වුණා. දෙයියනේ මම උසස් පෙළත් පාස්. දැන් මොකද කරන්නෙ ? කැම්පස් යන්න අපට කොයින්ද අම්මෙ සල්ලි?
kln.ac.lk
අරුංගල්http://www.blogger.com/profile/04802494893133095616noreply@blogger.com0