අවනඩුවක්......
ඉල් මහේ පෙම් බැන්ඳ
නොබැඳම දෙඅත රන්කෙන්ද
හුළු අත්තක්වත් නැතිව
පැන්නෙ වැට
ලෝකෙටත් හොරෙන් මම
වෙල් ඉපනැල්ලේ
බට පඳුරු අස්සේ
විදිද්දී පෙම්සුව
පැතුවෙ එක හිතින් මං
මයෙ දෙයියො බුදු වෙන්ට
එදා මහ ලොකුවට
රැක්ක පතිදම් පිරුවටේ
උඹෙ නමින් රතු වෙද්දි
මැව්ව මහ හීන කඳු
පිදුරුතලාගල පරදින්න
උඹ හොරෙන් එදා දුන්
සීනි බෝල අහුරක් වගේ
අාදරෙත් දියවෙන
වගක් දැනුනනම් මට
හොයන් නෑ තුන් හිතින්
උඹේ තුරුළේ ඉදන්
සාලියගෙ උණුහුමක් මම
තම්බන්න ගත්තු කොස් බෑය
උඹෙ අතින් ඉගිලෙද්දී
අල්ලපු ගෙදරින් විසික් කළ
පාන් කොනකුත් උළ උළා
ලිප් බොක්ක පීරලා
හොයාගත් අඟුරු කැටයෙන්
උඹේ රුව අදිනවා
මහමෙරට ලොකු එකා
එන්ඩ තව එළියට
තුන් මසයි පොඩි එකා
උඹ අැවිත් ගොම්මනේ
ලෝදියට මත් වෙලා
ගැහුව බිත්තියෙ ඔළුව
පැළී ලේ විද විදා
දිව්වා ලොකු එකත් ගෙන ජීවකයො හොය හොයා
සින්න වී අවසන්
ජීවිතය මියැදිලා
යන්නට අාසයි ගෙදර
යළිත් පතිනිය වෙලා
මංමුලාවී පාර
පඹ ගාලේ පැටළිලා
පාර දන්නා එකෙක්
අඹ මිටක් දියල්ලා.......
Sashi
1/31