Friday, June 17, 2016

මාර්කට් වන පොසොන් පොහොය



             දෙවන පෑතිස් රජ විනෝදය අරඹයා වනයේහි සැරි සරමින් මුව දඩයමට සැරසේ.එකෙනෙහිම තිස්ස යනුවෙන් තමා අමතන හඬක අසීමෙන් රජු වික්ෂිප්ත වූයේ ලක්දෙරෙණෙහි තමාගේ නමින් අැමතීමට තරම් ජගතෙකු නොවූ බව දත් හෙයිනි.වට පිට විපරම් කළ රජුන්ට දැකගත හැකි වූයේ භාරතයේ සිට මිස්සක පවුවට වැඩම කර වැඩ සිටින“මිහිදු” මහ රහතන් වහන්සේ ඇතුලුපිරිස(ඉට්ඨිය,උත්තිය,සම්බල,බද්දසාල යන රහතන් වහන්සේලාත්,ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද,භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා) යන පිරිසයි. මේ ලංකාවට බුදු දහම දායාද වූ පිං බර පොසොන් පෝය දිනය හා සබැඳි අපූර්ව වූ කතා පුවතයි. කෙසේ නමුත් ලංකාවට බුදු දහමේ සම්ප්රාප්තිය  පූර්ණ සැළසුම් සහගත ක්රියාවක ප්රතිඵලයක් බවටද සාධක හමුවේ.

               මිහිදු මහ රහතන් වහන්සේ  රජතුමා ඇතුළු පිරිස පංච සීලයේ පිහිටුවා ඔවුන් හට “චුල්ල හත්ථි පදෝපම” සූත්‍රය දේශනා කලේය. මෙහි ඇති තවත් විශේෂයක් වනුයේ මෙම චුල්ල හත්ථි පදෝපම සූත්‍රය මිහිදු හිමියන් විසින් ප්‍රථම වරට දේශනා කරන ලද බණ වීමයි.ඉන් අවසානයේදී මේයට සහභාගී වී සිටි අනෙකුත් දෙවි දේවතා සමූහයට “සචිත්ත පරියාය” සූත්‍රය දේශනා කළහ.
මෙලෙසින් අාරම්භවූ ලක්දිව බුදු දහමේ ව්යාප්තිය ලාංකීය ජන සමාජය තුළ සිරිත් විරිත් චාරිත්ර වාරිත්ර අාදී සෑම සංස්කෘතික අංගයක් කරෙහිම එකලෙසින් බල පාන්නට විය. එතෙක් පැවති ප්රාථමික අැඳහිලි වත් පිළිවෙත් වලට නව අර්ථ කතනයක් සපයමින් බුදු දහම ව්යාප්ත විය.
වර්තමානය වන විට ගෝලීය අාර්ථික රටාව හමුවේ සියල්ල මුදල මත පදනම් වී මානුෂීය ගුණ කදම්බයන් අමු අමුවේ විනාශ කර දමන ලෝකයක් නිර්මාණය වී අැත.මෙම නිර්දය ලෝකය තුළ සියල්ල රැපියල් ශත මත ලන්සු තැබීමට පටන් ගෙන තිබේ . මෙම වාණිජ වාදී ප්රතිපත්තීන් අනනුකම්පී ලෙස අාත්මය පමණක් නොව අාත්මය සුවපත් කරන අාගමද අරක් ගෙන හමාරය. බල්ලෝ මරා හෝ සල්ලි ගරාගන්නට මිනිසා හුරුවී අැත. එ් අනුව බෞද්ධයන් මහත් උත්කර්ෂවත්ව සමරණ වෙසක් ,පොසොන්,අැසළ යන සෑම පොහොයක්ම පාහේ වාණිජ වාදී සමාජ ක්රමයකට හැඩ ගැසුනු පුද්ගලයන්ගේ මඩිස්සලේ පුරවන ඉත්තන් බවට පත්කර ගැනීම සැබැවින්ම පිළිකුල දනවන්නකි.

No comments:

Post a Comment