Sunday, August 13, 2017

හන්තාන සඳ

ගරා වැටුණු හිත් මඩලේ
විකසිතවී සෙමෙන් ගෙතෙයි
පෙම් දැහැණේ රටා මවන
ගිම්හානේ කඳුළු පබළු
නොබලාම යනු මැන
අැදුරු සද
හන්තාන සිහිනය...........

මහවැලියෙ දිය තලේ
සඳේ වත රැඳුණාට
සරාගී බැල්මක්
නොවැටියන්
සඳ දෙසට
රැයෙහි සඳ කිරණින් නැහැවුණ
රොබරෝසියා පෙති වැටී
ළය මඩල සිප ගත්තද
දෙතොල් මත ප්රේමයෙන්
තැබූ හාදුවක් නොවේ සද එය

පාළු රඟ මඩළ මත
කුමරිය මනමෙ වන්නට
දිනෙක බෑ නුබට මට
අැදුරු සද බැතියක්ම මිස
පෙමක් පූදීද පුදසුනක

මුදු සඳේ කිරණට
පිබිදුණත් ළයෙහි පෙම් මල
නොහඬපන් වියෝපත් පොලොව
හන්තාන සඳ
හිමිවන්නෙ අහසට.....



sashiprabha piyumali
university of kelaniya