Tuesday, February 19, 2019

ජුකී මැෂිමේ හරඹෙ
හැප්පිච්ච පොඩි නංගියේ
නොබලපන් හැරී මග
සිල්ලර කඩේ ලග
තුම්මං හන්දියේ

කලු කුමාරගෙ දිෂ්ටිය
වැටෙයි එන මග
උඹට නොදැනී ගොම්මනේ
මතුරද්දි මන්තර
ඔහේ පලයන්
උඹ කන නෑහුනවගේ

පොත්ත රතු කල
වට කරන්නට
රෑන ආවත් ගං කොරේ
උලා කෑ හප දමා ගසනවා
පයට පෑ දූවිලි වගේ

පටාචාරා මංමුලා වීලා
නිරුවතින් දුවනාවෙලේ
වැරදිච්ච මග සිට
ජීවිතේ සොහොනක
මෝහිනීත් අඩනවා නංගියේ

නෙලමින්ම අස්වනු
උන් විසින් කල
තමන්ගේ ගැබ් බර කෙතේ
හොයයි හේනක් වපුරවන්නට
වහන්කර මහ වන රොදේ

කොතෙක් තිබුණත්
විච්ච කේඩිරි
ගස් කොලන් වැට අද්දරේ
ගොබ නැග්ග ඉහළට
කිතුලකටමයි
ගහන්නේ අහසෙනුත් හෙණේ......


Sashi
1/20

Saturday, March 17, 2018



නිල් විච්ච මසක රිදුමට
රත්විච්ච නෙතක කදුළක්
තෙත්කරන් වැටුණා පොලොවට
ගිනිගත්තු අවුකාෂ්ටෙක
අස්ථාන ගතකර
සළකුණත් කදුළක
ජීවිතේ චක්කරේ
ගැනගන්න බැරිකමට
ජාමිතික හැඩ අස්සෙ
හිරකර ණයට ගත් හුස්ම
ඉරණමත් දැන් ඉතින්
උබත් මට හිනැහියන්...

Sashiprabha piyumali

Wednesday, February 28, 2018

   
             බෑලූ බැල්මට කවියෙ තිබුණට
             හරි අපූරුම පද පෙලක්
             තැනූ තනුවට වහන් වී යන
            නිහඩ සිතුවිලි මහ ගොඩක්
            කිදා බැස්සොත් කවිය ඇතුලට
           එහි තිබෙන්නෙත් දුක් ගගක්
           එබී බැලුවොත් කවි පදයකට
           පෙනෙයි කදුළක උල්පතක්

            සශීප්‍රභා පියුමාලී

Thursday, September 28, 2017

ගෝත‍්‍රවාදයෙන් ඔබ්බට..............

               වත්මනේ ජාතිවාදයක් කර පින්නා ගනිමින් එකිනෙකා ඇණ කොටා ගන්නා අවධික, මම දිනක සියැසින් දුටු දසුනක් අරඹයා මෙම ලිපිය ලියන්නට අදහස් කළෙමි. අපි සිියල්ලෝම ශ‍්‍රී ලාංකිකයන් වන්නෙමු. සිංහලයා, දෙමළා, මරක්කලයා යනු හුදෙක් නාමයක් පමණි. නමුත් සිදුවී ඇත්තේ අනෙකකි. අප බොහෝ කළකට පෙර  ගෝත‍්‍රික අවධිය පසුකර ඇත. නමුත් බාහිර පෙනුමින් අප එකිනෙකා ගෝත‍්‍රිකයන් නොවුනද මනසින් තවමත් ගෝති‍්‍රකයන් ලෙස ජීවත් වන්නෙමු .
              අප උදම් විය යුත්තේ හුදෙක් අප සිංහලයන් වීම නිසා නොවේ. සිංහලයා යනු යම් වචනයක් පමණි. එම වචනය බල ගැන්වෙන්නේ  වචනයට ගම්‍ය කර ඇති අරුතත් සම`ගිනි. එබැවින් සිංහලේ බෝඞ් ලෑලි උස්සා ගත් පමණින් , සිංහලේ යැයි සඳහන් ටී ෂර්ට් එකක් ඇන්ඳ පමණින්,සිංහලේ යැයි දැක්වෙන ස්ටීකරයක් ඇළෙව්ව පමණින් අප සැබෑ සිංහලයෝද? සිංහ ලේ ඇත්තෝද? නැත. එදා මෙදා තුර අප කොතරම් නම් පර ගැත්තන්වී ආතුරයන්ගේ භූමිකාවන් මහත් උත්කර්ෂයෙන් ර`ග දක්වන්නට ඇත්ද? තඹ සතයකට කෙල හලමින් තමන්ගේම උන් පාවා දෙන්නට ඇත්ද?මරා දමන්නට තරම් කුරිරු වන්නට ඇත්ද? කුල මාන්නයෙන් ඉහ උදුම්ගනිමින් තමන්ගේම උන්ට කොතරම් නම් ගරහන්නට ඇත්ද?වලව්කාරයා දෝලාවෙන් වඩිද්දී පද්දා කාණු පළ්ලට බහින්ට ඇත්ද? මනසේ හීන මානයෙන් මනෝ රාජ්‍යයන් වල කිරුලු හොයන්නට ඇත්ද?
                මහා වංශයට අනුව ක‍්‍රී. පූ 483  දී විජය කුමරු ඇතුලු පිරිස ලංකාවට  සම්ප‍්‍රාප්ත විය. මුලාශ‍්‍ර ගත තොරතුරු වලට අනුව විජය යනු හුදෙක් කුමරෙක් නොව, ඔහු අයහපත් කල්ක‍්‍රියානේ ජීවත් වූවෙකි. මහජනයාට පීඩා කාරි ලෙස ජිවත් වූවෙකි. වත්මන් වහරෙන් සඳහන් කරන්නේ නම් විජය යනු මැරයෙකි. දුෂ්ටයෙකි. . විජයගේ සම්ප‍්‍රාප්තියට සමකාලීන සමාජයේ ලංකාව තුළ ජීවත් වී තිබෙන්නේ  යක්ෂ, යක්ෂ , නාග , දේව, රාක්ෂ  යනුවෙන් ගෝත‍්‍රිය ජන කොටස් සතරකි.   මෙම හෙලයන් වාසය කල නිසා හෙල දිව ලෙස සඳහන් කළද, හෙළයන් සිව් කොටසක් වූ බැවින් සිව් හෙල ලෙස මෙරට හඳුන්වා ඇත. මෙම සිව් හෙළේ පසුව සිංහලේ ලෙසින් හඳුන් වන්නට ඇතැයි සිතිය හැක. විටක සිංහලෙයින් ජාතක වූවන්ගෙන් පැවත එන බැවින් සිංහලයන් වූ බවට මත පවතී. මන්ද විජයගේ මව්පියන් වන සිංහබාහු හා සිංහ සීවලී යනු සහෝදරයන්ය.  ඔවුන්, ඔවුන්ගේ මව  වන සුප්පා දේවිය සිංහයෙකු දාව  බිහි කරනු ලැබූ දරුවන්ය. කෙසේ නමුත් මෙම සිංහයා  හුදෙක් සිංහයෙකු ලෙස හඳුනා ගත නොහැකි අතර ඔහු සිංහ නම් ගෝත‍්‍රයකට හිමිකම් කියන්නෙකු විය යුතුය. මේහා සම්බන්ධ කතා පුවත් රැුසක් ජනප‍්‍රවාදයෙහි දැකිය හැක.
               කෙසේ නමුත් සිංහල ජාතිය ශ්‍රේෂ්ට ජාතියක් බවට පත් වූයේ බුදු දහමෙහි ආභාෂයෙන් බෞද්ධ සංස්කෘතික හර පද්ධතියන්ගෙන් ලත් පෝෂණයෙන් බව අවිවාදාත්මකව පිළිගත යුතු සත්‍යයකි. එබැවින් අප කළ යුත්තේ ලද ශිෂ්ටත්වය හර පද්ධතිය වඩා වර්ධනය කර ගනිමින් ඉදිරි ලෝකයට අවැසි ලෙස හැඩ ගැසීම විනා ගෝත‍්‍රවාදී ¥පත් මානසිකත්වයෙන් සිටීම නොවේ. සිංහලයාද දෙමළාද මරක්කලයාද කළ යුත්තේ තම මව් රට ආරක්ෂා කර ගනිමින් රට ආර්ථිකයෙන් පමණක් නොව මනුෂත්වයෙන් දියුණු කිරීමයි. නමුත් මෙය හුදෙක් සිතලුවක් බවට පත්වීම සියල්ලන්ගේම කේදනීය ඉරණමක ආරම්භයක් බවට පත්ව ඇත.
              දිනක් බස් නැවතුම් පොලේදී අපූරු දසුනක් මා නෙත ගැටුණි. බස් නැවතුම් පොළෙහි විවිධ වර්ගයේ කඩ සාප්පු දැකිය හැක. මේ අතර විවිධාකාර රෙදි පිළි වෙළඳ සැල් ද වේ. සිංහල ,දෙමළ, මරක්කල් ආදී සියලුම වෙළෙන්දන් මේවායෙහි සිය වෙළඳ ව්‍යාපාරික කටයුතු වල නිරත වෙයි.  මේ අතර මරක්කල් රෙදි වෙළෙන්දෙකු අලුත්ම ඩිසයින් යැයි කියමින් සිදු පාට ටීෂර්ට් පෙන්න පෙන්නා කෑ ගසමින් වෙළදාම් කරයි.  සුදු පාට ටීෂර්ට් එකක ඇති ඞ්සයින් එක මොකක්දැයි බලන්නට මාත් විපරම් කර බැළිමි. ටීෂර්ට් එකෙහි අරුමය දන්නේ එවිටය. එම ටීෂර්ට් සිංහලේ වීම එම අලුත්ම ඩිසයින් එකයි.  සිංහලේ යන්නෙන් ඉහ උදුම්මා ගත් සිංහල කොල්ලො කුරුට්ටන් මරක්කලයාගේ කඩෙන් සිංහලේ ටීෂර්ට් මිළට ගනී. ඉන් අනතුරුව අපි සිංහලේ යැයි කියමින් පුහු ගර්වයෙන් ඉහ උදුම්මා ගනී. නමුත් උන්ට එම ටීෂර්ට් මිළට ගත්තේ මැක්කලයාගේම කඩයකින් බව අමතක වී ගොස්ය.
               විටෙක මෙය හාස්‍ය දනවන්නකි. තවත් දෘෂ්ටි කෝණයකින් බලන කල  බළල්ලු ලවා කොස් ඇට බාවා ගැනීමකි. බළලාගේ අත හෝ උපයෝගී කර ගෙන කොස් ඇට බාගැනීම අරමුණ වූ කල , මෝඩ බලලා සාත්තරය බැලීමට පහසු වන්නට අත ගින්නටම ලංකරයි. සාත්තරේ බලන්නා තමන්ගේ අරමුණ සඵල කරගනිද්දී බළලා අත පුච්චා ගනී. සිංහලයාද මෝඩ බළලෙක්දැයි මට සිතිනි. මරක්කලයාට අවශ්‍යය වූයේ සිය වෙළඳ අරමුණ සඵල කර ගැනීමයි. ඔහු සිංහලා යා යැයි කියා ගන්නා වුන්ගේ පවතින ලොකුම දුර්වල කමින් ලොකුම ලාබය සොයන්නට කුරුමානම දියත් කර ඇත. වැරදී ඇත්තේ මරක්කලයාටද ? සිංහලයාටද?. සිතන්නට යමක් ඉතුරු කර ලිපියෙහි අවසානය මෙලෙසින් තබන්නට මම අදහස් කරමි.
                ජාති භේදයක් අවශ්‍යය නැති බව සිංහලායා පමණක් නොව දෙමළාද, මරක්කලයාද  එකසේ ඇඳහිය යුත්තකි. සිංහලයා සහෝදරත්වයේ හස්තය දිගුකරද්දිී දෙමළා, මරක්කලයා එයට ගරහයි නම්, බයාදු කමක් යැයි සිතයි නම් එය ඔවුන් සතු නීච කමක් විනා සිංහලායා සතු දුබල කමක් නොවේ. අප කළ යුත්තේ රටක් ලෙස නැ`ගිටීම විනා ජන වර්ගය නැ`ගිටුවා අනෙකා විනාශ කර දැමීම නොවේ. උතුරේ ලේ දන්ඳීමේ කඳවුරු වල සිංහල හමුදා සෙබඵ ලේ දන් දුන්නේය මේ ලේ දෙන්නේ දෙම`ඵන්ට යැයි සිතා නොව. ඔවුන්ද මනුෂ්‍යයන් යැයි සිතාය. මේ අනුව අපි තවදුරටත් ගණ ගෝත‍්‍රවාදී  ජාතියක් නොවන්නෙමු. බටහිර සංස්කෘතිය අභිබවාලූ සංස්කෘතික හරපද්ධතියකට උරුම කම් කියන්නාවූ  ජාතියක් ලෙස සිංහලයන් කිසි ලෙසකත්  ගෝත‍්‍රාදී මඩ වතුරෙහි නොඑරිය යුතුවේ.

සටහන  -    සශීප‍්‍රභා පියුමාලී

Sunday, August 13, 2017

හන්තාන සඳ

ගරා වැටුණු හිත් මඩලේ
විකසිතවී සෙමෙන් ගෙතෙයි
පෙම් දැහැණේ රටා මවන
ගිම්හානේ කඳුළු පබළු
නොබලාම යනු මැන
අැදුරු සද
හන්තාන සිහිනය...........

මහවැලියෙ දිය තලේ
සඳේ වත රැඳුණාට
සරාගී බැල්මක්
නොවැටියන්
සඳ දෙසට
රැයෙහි සඳ කිරණින් නැහැවුණ
රොබරෝසියා පෙති වැටී
ළය මඩල සිප ගත්තද
දෙතොල් මත ප්රේමයෙන්
තැබූ හාදුවක් නොවේ සද එය

පාළු රඟ මඩළ මත
කුමරිය මනමෙ වන්නට
දිනෙක බෑ නුබට මට
අැදුරු සද බැතියක්ම මිස
පෙමක් පූදීද පුදසුනක

මුදු සඳේ කිරණට
පිබිදුණත් ළයෙහි පෙම් මල
නොහඬපන් වියෝපත් පොලොව
හන්තාන සඳ
හිමිවන්නෙ අහසට.....



sashiprabha piyumali
university of kelaniya

Monday, February 13, 2017

අවනඩුවක්......

ඉල් මහේ පෙම් බැන්ඳ
නොබැඳම දෙඅත රන්කෙන්ද
හුළු අත්තක්වත් නැතිව
පැන්නෙ වැට
ලෝකෙටත් හොරෙන් මම

වෙල් ඉපනැල්ලේ
බට පඳුරු  අස්සේ
විදිද්දී පෙම්සුව
පැතුවෙ එක හිතින් මං
මයෙ දෙයියො බුදු වෙන්ට

එදා මහ ලොකුවට
රැක්ක පතිදම් පිරුවටේ
උඹෙ නමින් රතු වෙද්දි
මැව්ව මහ හීන කඳු
පිදුරුතලාගල පරදින්න

උඹ හොරෙන් එදා දුන්
සීනි බෝල අහුරක් වගේ
අාදරෙත් දියවෙන
වගක් දැනුනනම් මට
හොයන් නෑ තුන් හිතින්
උඹේ තුරුළේ ඉදන්
සාලියගෙ උණුහුමක් මම

තම්බන්න ගත්තු කොස් බෑය
උඹෙ අතින් ඉගිලෙද්දී
අල්ලපු ගෙදරින් විසික් කළ
පාන් කොනකුත් උළ උළා
ලිප් බොක්ක පීරලා
හොයාගත් අඟුරු කැටයෙන්
උඹේ රුව අදිනවා
මහමෙරට ලොකු එකා

එන්ඩ තව එළියට
තුන් මසයි පොඩි එකා
උඹ අැවිත් ගොම්මනේ
ලෝදියට මත් වෙලා
ගැහුව බිත්තියෙ ඔළුව
පැළී ලේ විද විදා
දිව්වා ලොකු එකත් ගෙන ජීවකයො හොය හොයා

සින්න වී අවසන්
ජීවිතය මියැදිලා
යන්නට අාසයි ගෙදර
යළිත් පතිනිය වෙලා
මංමුලාවී පාර
පඹ ගාලේ පැටළිලා
පාර දන්නා එකෙක්
අඹ මිටක් දියල්ලා.......


                               Sashi
                              1/31

Wednesday, November 30, 2016


     


රිදීවන් රශ්මියට වශීකෘත වෙලා
විඩාබර සිත නිවන තුහින යැයි සිතා
දමා හද සිදුරුකර රුධිරයෙන් නැහැවෙනා
සමුරායි කඩුවකට සිතින් පෙම් කලා.........

ප්රේමයෙන් ගෙලවටා දවටාපු ඔය දෑත්
නොසිතුනා සිද දාවි යැයි කියා මගේ ගෙල
නිනවුවක් නැති බිමක ඔබෙ අතින් වළලලා
කුමට අද මගෙ නමින් රතු රෝස මල් වඩම්.........

සශී