Wednesday, November 30, 2016


     


රිදීවන් රශ්මියට වශීකෘත වෙලා
විඩාබර සිත නිවන තුහින යැයි සිතා
දමා හද සිදුරුකර රුධිරයෙන් නැහැවෙනා
සමුරායි කඩුවකට සිතින් පෙම් කලා.........

ප්රේමයෙන් ගෙලවටා දවටාපු ඔය දෑත්
නොසිතුනා සිද දාවි යැයි කියා මගේ ගෙල
නිනවුවක් නැති බිමක ඔබෙ අතින් වළලලා
කුමට අද මගෙ නමින් රතු රෝස මල් වඩම්.........

සශී

Sunday, October 9, 2016


නිහඬ ප්රේමය

සිතුවිලි සිත්තම් කර හද මඩලේ
ගොලුවී ඉන්නට තවත් නොහැක මට
දෑස් අගින් උණු කඳුලු ගලන්නේ
ඔබේ නමිනි ඔබ නොදනී එ් වග

ඔබෙන් තොර ලොවක් නොසිතෙන තරමට
මැව්වා ඔබ ගැන සිහින පැතුම් මල්
එ් මල් අමුණා මගේ කඳුලු ඉස
අන් කුමරියක ගෙල පලදාවි ඔබ මල් දම්

සිව්වසරක මතකය අවසන
ඔබත් සිහිනයකි කඳුළ ඉතුරු කළ
මගේ කඳුළු ගෙන සයුරි කුමරි වෙත
කැලණි කුමරුණේ ගලාන යනු මැන



සශී....

Wednesday, October 5, 2016

       

                 ධනවාදී මතවාදයෙන් ඔබ්බට ළමාලෝකය


වර්තමානය වන විට ලෝකය ලෝකයක් නොව සන්නිවේදනයේ දියුණුවත් සමඟ විශ්ව ගම්මානයක් බවට පත්ව අැති බව මාෂල් මැක්ලූහන් පවසා අැත.නව මාධ්යයේ දියුණුවත් සමග ලෝකය එක යායක් බවට පත්විය.  කලු සුදු භේද උස් පහත් භේද අාගම් භේද අලුයට ගිනි පුපුරු සේ අවුලාගෙන සිටීම නිෂ්ඵල වූවකි. අප කල යුත් එකිනෙකාගේ යහපත උදෙසා සහෝදරත්වයේ හස්තය දිගු කිරීම විනා විනාශයේ මර උගුල් අැටවීම නොවේ. සහෝදරත්වයේ හස්තයන් එකට බැඳුණු කල්හි දරිද්රතාව යන්න මැඩලීම නොහැක්කක් නොවෙනු අැත.නමුත් වාණිජවාදී ලෝකයක මනුස්සකම පෑල දොරින් පළායාම අරුමයක් නොවේ.
 අනාගත ලෝකයේ උරුමකරුවන් වන්නේ දරුවන්ය.දරුවන්ගේ අනාගතය අනාත නොකිරීමට ඔවුන්ට යහපත් ජීවිතයක් උරුම කරදීමට දරුවන් අාදරේ කරන දෙමාපියන් නිතැතින්ම උත්සුක වේ.
මේ සටහන දිග හැරෙන්නේ විශ්ව ළමාලෝකය පිළිබඳවයි.

         අව්‍යාජත්වයේ හා සුන්දරත්වයේ විශ්වමය සංකේතය ඔහුය."

"මානව ශිෂ්ටාචාරයේ තීරණාත්මක සාධකය ඔහුය"

"විශ්වයේ ශේෂ්ඨතම නිර්මාණය ඔහුය."

මෙලෙසින්  සාහිත්‍යමය නිර්වචනයන්ට පාත්‍ර වු ළමයා නිර්වචනයකට හසුකළ නොහැකි තරම්ය.
 1989 නොවැම්බර් මස 20 වන දිනදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අනුමත කරගන්නා ලද ළමා අයිතිවාසිකම් පිළිබද ප්‍රඥප්තියට අනුව ඉතාමත් සරළම අදහස නම් "නීතිය මඟින් අඩු වයසකදී පූර්ණත්වය ලබන්නේ නම් මිස වයස අවුරුදු 18ට අඩු සියලු මනුෂ්‍යයන් ළමුන්ය".
සංවර්ධනාත්මක අවධියක් ලෙස ළමාවිය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීම සදහාද ළමයින්ට හිමි මූලික මානව අයිතිවාසිකම් පිළිබඳ නීතිමය රාමුවක් සලසාදීමේ අරමුණින් වර්ෂ 1989 නොවැම්බර් මස 20 වන දිනදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ළමා අයිතිවාසිකම් පිළිබදව ප්‍රඥප්තිය (CRU) සම්මත කර ගන්නා ලදි. මෙම ප්‍රඥප්තිය වගන්ති 54කින් සමන්විත වන අතර මුල් වගන්ති 42 මගින් ළමයා පිළිබඳව නිර්වචනය, ළමුන්ගේ අයිතිවාසිකම්, ළමුන්ගේ ආරක්ෂාව, සම්බන්ධව දෙමාපියන් ඇතුළු වැඩිහිටියන් වෙත පවත්නා වගකීම විස්තර කර ඇත.

ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ ළමා අයිතිවාසිකම්



ලෝකයේ ළමයින් අරඹයා 365දවසින් එක් දිනයක් වෙන්කර තිබේ.නමුත් ළමා ලෝකය එලෙස එක් දිනකට වෙන් කරලිය නොහැක්කකි. නමුත් ඔක්තෝම්බර් මස1වැනිදා ලෝක ළමා දිනය ලෙස පට බැඳ සුන්දර ළමා ලෝකය වාණිජකරණයට ලක්කිරීමට වෙළඳ ප්රජාව මහත් ප්රයත්නයක් ගනු ලබයි.
නොයෙකුත් විසිතුරු දෙයින් නිමැවෙන ලෝකවල ළමයින් අතර මං කර දෙමාපියන්ගේ පොකට්ටුවට විදින ළමා දිනයක් අද නිමැවී අැත.අතීතයේ මෙන් වෙල් ඉපනැළැල් අැළේ දොළේ දුව පැන නටන ළමා ලෝකයක් ළමයින් සතුව නැත . අතීතයේ පුංචිවුන් මෙන් ගසක වැළක ගෙඩියක් කඩාගෙන එ්වා බෙදා හදාගෙන කන ළමා ලෝකයක් අද නැත. වර්තමානයේ අැත්තෝ කති,නැත්තෝ දුක් විදිති.
නමුත් අප මේ යථාර්ථය තේරුම් ගත යුතුය. දුගී පැළේ ඉපදුනද රජ මැදුරේ ඉපදුනද ළමයි යනු ළමයින්මය.

Thursday, August 18, 2016


ජීවිතය, ශරීරය කිසි විටෙක තමාට හිමිවූවක් නොවේ. නෙක සුවඳින් ඔපවත් කළද වෙෙවාරණ වස්ත්ර වත දැවටුවද,විච්චූරණ සායමින් රැළි ගැහුණු හම පිරියම් කර ලප කැළැල් මකා ගත්තද දිනෙක සියල්ල අතැර මේ නවා තැනින් නික්මෙන්නට සිදුවේ. අාශාවෙන් පොදි බැන්ද රුපියල් ශත වලින් ප්රාණය තව ටිකක් වත් මිලට ගැනීමට කිසිවෙකුට හැකියාවක් නැත. දිවා රෑ නොතකා උපයන වස්තුව කොතරම් නම් නිස්සාර වූවක්ද?
     අප සංසාර ගමනේදී නවතින නවාතැනෙහි සිය සුඛවිහරණය සඳහා උචිත පරිසරයක් ගොඩ නැඟීමෙහිලා නොයෙක් ක්රියාවන්හි නිරතවේ. මිලමුදලින් විනා සැප විදීමට අන් මඟක් නැතැයි සිතනා මිනිසා මුදල් පසුපස හඹායයි.මනුෂ්යත්වය අමු අමුවේ මරා දමයි.පස් කම් සැපතින් ජීවිතය සොයයි. පන්සිල් පෑල දොරින් පලායද්දී අගාධයේ හුදකලාවූ මිනිසා නිවනින් අෑතට අැදීයයි.
අප සියල්ලෝම සසරෙහි අතරමං වී අැත.ධර්මය අධර්මය,යුක්තිය අයුක්ති උඩුයටිකුරු වී අැත.
මා මෙහිදී අවධානය යොමු කරන්නේ ප්රාණ ඝාතය පිළිබඳවයි.

Friday, July 8, 2016

දුද නොද බිඳ
ලද තෙද කඳ
කඳ දෙව් රද
ස්වාමීනේ............!!!!!

අධ්යාපනයේ නිදහස
අමු අමුවෙන් වළලපු උන්
සරසවි සිසු දෑත් වලට
විලංගු දැමු අමන යකුන්
යුක්තිය සුනු විසුනු කරන්
රතු පළසේ වැඩි හිවලුන්
සුන් කරලන් කඳ සුරිදුනි
රැක්කා අැති දැන් ගොලුවත

Sunday, June 19, 2016

සොයා ආවාදෝ ෆේස් බුක් පේ‍්‍රමයක්……….


                     

              ජීවිතේ ගැන ඔබ මොනවද හිතන්නේ?  ඇත්තටම ජීවිතේ කියන තරම්ම සුන්දරද?  එහෙමත් නැත්නම් නොකියන තරම්ම අසුන්දරද ? ජීවිතේ ජීවත් කරවන්නේ අලුත්බලාපොරොත්තු කියල කියනවා. ඒත් ඒ බලා පොරොත්තු ඇස්පනා පිටම සුන්වෙලා යද්දි බලාපොරොත්තුත් එක්ක ජිවත් වුණු ජීවිත වලට මොකද වෙන්නෙ ? එහෙව්  ජීවිත වල අනාගතය තීරණය වෙන්නෙ ඒ ඒ අයගෙ දරා ගැනීමේ ශක්තියත් එක්ක.
වර්තමාන තාරුණ්‍ය නව මාධ්‍යත් එක්ක හුදකලා වෙලා. එහි පළ විපාක දෙයාකාරයකින් අපිට පේනවා. ඇතැමුන් නව මාධ්‍ය තුළින් අලුත් අලුත් දැනුම සොයන අතරෙ තවත් සමහරු නව මාධ්‍යත් එක්කලා ජීවිතේ හොයන්න පටන් ගන්නවා. වර්තමානයේ සමාජය තුළ මාධ්‍යට හිමි වෙන්නෙ සුවිශේෂී තැනක්. මාර්ෂල් මැක්ලුහන් පැවසූ ආකාරයට නව මාධ්‍යයේ නැ`ගිමත් එක්ක ලෝකය විශ්ව ගම්මානයක් බවට පත්වෙලා ඉවරයි. තාක්ෂණික දියණුවත් එක්ක ලෝකය උඩු යටිකුරු වී ඇති බව විටෙක සිතේ. තාක්ෂණය ක‍්‍රමිකව ගමට විකාශනය වීමත් සම`ග එතෙක් පැවති ග‍්‍රාමීයත්වය ගිළිහෙන්නට පටන් අරන් අවසන්. එහෙව් වූ සංකර විලාසිතා වලින් පිරිච්ච මනුස්සකම් අමු අමුවෙ ගරා ගෙන වැටෙන්න පටන් අරගත්තු සමාජ තලයක සිට ලියනු ලබන ලිපියක ආරම්භයි මේ.
මේ කතාවත් දිග හරින්න යන්නෙ අහිංසක පුංචි නංගිල වෙනුවෙන්මයි. ඉස්සර වගේ වෙලේ නියරේ දුව පැනලා, ගමේ අනික් පුංචි උන් එක්කලා හැං`ගි මුත්තන් තියලා, නෙලුම් කොළේ බත් කටක් කාපු ගැටිස්සියො නෙමෙයිනේ දැන් ගොඩක් ඉන්නේ. අපේ ගම් වල දැනුම් තේරුම් ඇති පරණ බවලත් උදවිය නම් කියන්නෙ දැන් කාලෙ වුන් පැහිලා ආන්කල් වෙලා ඉවරයි  කියලා.
කොහොම වුණත් උස්  පුටුවෙන් පටන් ගෙන  ගමේ පාරෙ පාලම් උඩ, බෝක්කු බැම්මෙ එහෙමත් නැත්නම් කඩමණ්ඩියේ, ත‍්‍රීරෝද රථගාලෙ කරක්ගහන කොල්ලො කුරුට්ටො දක්වාම නව මාධ්‍ය ගමන් කර අවසන්. මෙහිදී ෆේස් බුක් සමාජ ජාලයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. ෆේස් බුක් සමාජ ජාලයෙහි නොපෙනෙන පැතිකඩ පිළිබඳ පර්යේෂණයෙහි නියැලෙන්ෙනකු ලෙස ෆේස් බුක් සමාජ ජාලය පිළිබඳ මා සොයා බැලූ කරුණු හා මා ලද අත් දැකීම් රැුසක් තිබේ.  ඕනෑම මාධ්‍යයක පො¥ වූ ප‍්‍රබලතා හා දුබලතා යන කාරණා ෆේ්ස් බුක් ජාලය අරඹයාද අදාළ වේ. මෙහිදී මා මූලික අවධානය යොමු කරන්නේ ෆේස් බුක් හා පේ‍්‍රම සම්බධන්තා යන වර්තමානය තුළ බෙහෙවින් කතා බහට ලක්ව ඇති මාතෘකාව පිළිබඳවයි. මාගේ සමීක්ෂණ දත්ත අනුව ෆේස් බුක් සමාජ ජාලය තුළින් තරුණියන් සම`ග සම්බන්ධතා පවත්වන තරුණයින්ගෙන් 65%කට වඩා වැඩිප‍්‍රමාණයක් ටික දිනකින්  දුරකතන අංක හුවමාරු කිරිමට පෙළෙ ‍ෙඕ.  මෙම කාල සීමාව සංවාදයේ යෙදුණු පළමු දවසම හෝ පළමු සතිය ,මාසය යැයි නිශ්චිතව නිගමනයකට එළඹිය නොහැකි නමුත් ෆේස් බුක් සංවාද සඳහා මාර්ග ගත ජාලයට ප‍්‍රවිශ්ට වන වේලාව පිළිබඳ ඔවුනොවුන් අතර පොදු නිගමනයකට එළෙඹෙන අවස්ථා 50% ක් හඳුනා ගත හැකිය. සමාජ මාධයයන් පිළිබඳ පර්යේෂණයන්හිදී නිශ්චිතව දත්ත අනාවරණයක් සිදු කළද එම දත්තයන් නිරන්තරයෙන් වෙනස් වන බව මෙහිදී සිහි තබා ගත යතු කරුණකි.
            මෙලෙස සිදුවන දුරකතන අංක හුවමාරුව හුදෙක් පේ‍්‍රම සම්බන්ධතාවක ආරම්භයක් බව එකහෙළාව නිශ්චය කිරීම සාධාරණ නොවේ. නමුත් එය පේ‍්‍රම සබඳතාවක මූලාරම්භය බවට පත්විය හැකි යැයි නිගමනයකට එළඹීම සාවද්‍ය යැයි ඉදුරාම පැවසිය හැකිද නොවේ. අක්ෂර භාවිතයෙන් සන්නිවේදනයෙහි යෙදුනු මානවයා පසුව ශබ්ද මාධ්‍යයද ඉන් අනතුරුව දෘෂ්‍ය මාධ්‍යයද සන්නිවේදනයෙහිලා භාවිතයට ගත් අයුරු යළිත් පුණරාවර්ජනය කරමින් ෆේස් බුක් සංවාදය ක‍්‍රමිකව දුරකතන මාධ්‍යයටත් ඉන් අනතුරුව ස්කයිප් ,වයිබර්, ඉමෝ වැනි ශ‍්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයක් කරාද වර්ධනය වේ. රූප මාධ්‍ය වනාහි සෙසු මාධ්‍යයන් අභිබවා නැගී සිටින්නකි. හැ`ගීම් උත්පේරණයෙහිලා රූප මාධ්‍ය මගින් දක්වන දායකත්වය ප‍්‍රබල ය. ශ‍්‍රී ලංකා හදිසි ප‍්‍රතිචාර සංසදයට ෆේ්ස් බුක් සම්බන්ධව ලැබුණුපැමිණිලි පිළිබඳ සිදුකළ විමර්ශනයේදී එක් සුවිශේෂීකරුණක් පිළිබඳ මාගේ අවධානය යොමු විය. මෙම ෆේස් බුක් සංවාදය අවසානයේදී ස්කයිප් මාධ්‍ය තුළින් සිදුවූ නිරුවත ප‍්‍රදර්ශනයක් බවට පත්වී කප්පම් ගැනීමක් තරමට සාහසික වූවකි. පේ‍්‍රමයේ මුවාවෙන් සිය පටු අරමුණු මුදුන් පමුණුවා ගැනීමෙහිලා මූලික ඉළක්කයක් බවට ෆේස් බුක් සංවාද පත්කරගෙන ඇති ආකාරය මින් පෙනී යයි.
ෆේස් බුක් තුළින් සංවාද කර දුරකතන අංක හුවමාරුකරගත් තරුණියන්ට මුහුණ පෑමට සිදුවන නොයෙක් අකරතැබ්බ පිළිබඳවඳ මාගේ අවධානය යොමු කෙරිණි. මෙහිදී හදුනා ගත හැකිවූයේ මෙම තරුණියන්ගේ දුරකතනයන්ට ෆේස් බුක් පෙම්වතාගේ සැබෑ පෙම් වතිය යැයි පවසන වෙනත් තරුණියක විසින් දුරකතන ඇමතුම් ලබාදී තමාගේ  පෙම්වතා සම`ග පවත්වන සම්බන්ධතාවය පිළිබඳ චෝදනා එළ්ල කර බැණ වැදීමයි. මෙම සිද්ධි අධ්‍යයනයන්ට අනුව ෆේස් බුක් පෙම්වතා හුදෙක් ෆේස් බුක් පෙම්වතෙකුම පමණි. ඔහුට සැබෑවටම වෙනත් පෙම්වතියක හෝ බිරිඳක සිටී. ඔහු ෆේස් බුක් තුළින්  වෙනත් තරුණියන් සම`ග ඇසුරකට එළඹෙන්නේ ඔහුගේ වින්දනය පහත් ආශාවන් නිසා විය හැක. මේ අනුව ෆේස් බුක් ආගන්තුක තරුණියක් මෙම කාරණා මැනවින් අවබෝධ කරගනිමින් ෆේස් බුක් භාවිත කිරීම වඩාත් වැදගත් වනු ඇත.
පසු ගිය වසරේදී ගාල්ල ඇල්පිටි ප‍්‍රදේශයේ තරුණියක සිය දිවි නසා ගැනීම සඳහාද ෆේස් බුක් මගින් තරුණයෙකු හා ඇති කර ගත් පේ‍්‍රම සබඳතාවක් බලපෑ බව මාධ්‍ය මගින් වාර්තා විය. කිසිවිටෙකත් ෆේස් බුක් මගින් මරණ ඇති නොවේ. මෙවැන්නක් සිදු වීමට මූලිකවම බලපාන කාරණාව වන්නේ පුද්ගල හැසිරීමයි. සැබෑ රූපය හංගා ඒ වෙනුවට වෙනත් සිත් ගන්නා තරුණියකගේ රූප භාවිත කර පේ‍්‍රම සම්බන්ධතා ගොඩ නගා ගැනිමට යාමෙ මහිලා බලපා ඇත. ඇතැමුන් තමාගේ ප‍්‍රකෘති රූපය අවලස්සනයැයි හීන මානයකින් පෙළෙන අතර තමාට යමක් ලබා ගැනීමට එම රූපය බාධාවක් වේ යැයි සිතා මෙවැනි ක‍්‍රියා සිදු කරනු ලබයි. තාරූණ්‍යට පොදු කාරණාවක් වන පේ‍්‍රමය කිසි විටක බලෙන් ලබා ගත නොහැක. ව්‍යාජ ලෙස පේ‍්‍රමය ලබා ගන්නට යාමෙන් සිදුවන අනිටු බලපෑමක් ලෙස මෙය හ≈ඳුනා ගත හැක.
මෙවැනි සිදුවීම් සංඛ්‍යාත්මකව ප‍්‍රකාශ කළ නොහැක . නමුත් ෆේස් බුක්  සමාජ මාධ්‍ය තුළ බොහෝ දුරට සිදුවන්නේ අදහස් හැගීම් හුවමාරුවකි. සංවේදී පුද්ගලයන් ව්‍යාජ පුද්ගලයන්ගේ සමග ඇසුරට යාමේදී බොහෝ විට සිත් බිඳීම් සිදුවේ. නමුත් පුද්ගලයා ෆේස් බුක් යනු සමාජ මාධ්‍යයක්ය යන්න අවබෝධ කරගනිමින් ෆේස් බුක් පරිශීලනය කිරීම  සියල්ලන්ගේම යහපතට හේතු වන බව සිහි තබා ගත යුතු ය.

එම් .එම් සශීප‍්‍රභා පියුමාලී
කැලණිය විශ්ව විද්‍යාලය


Friday, June 17, 2016

මාර්කට් වන පොසොන් පොහොය



             දෙවන පෑතිස් රජ විනෝදය අරඹයා වනයේහි සැරි සරමින් මුව දඩයමට සැරසේ.එකෙනෙහිම තිස්ස යනුවෙන් තමා අමතන හඬක අසීමෙන් රජු වික්ෂිප්ත වූයේ ලක්දෙරෙණෙහි තමාගේ නමින් අැමතීමට තරම් ජගතෙකු නොවූ බව දත් හෙයිනි.වට පිට විපරම් කළ රජුන්ට දැකගත හැකි වූයේ භාරතයේ සිට මිස්සක පවුවට වැඩම කර වැඩ සිටින“මිහිදු” මහ රහතන් වහන්සේ ඇතුලුපිරිස(ඉට්ඨිය,උත්තිය,සම්බල,බද්දසාල යන රහතන් වහන්සේලාත්,ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද,භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා) යන පිරිසයි. මේ ලංකාවට බුදු දහම දායාද වූ පිං බර පොසොන් පෝය දිනය හා සබැඳි අපූර්ව වූ කතා පුවතයි. කෙසේ නමුත් ලංකාවට බුදු දහමේ සම්ප්රාප්තිය  පූර්ණ සැළසුම් සහගත ක්රියාවක ප්රතිඵලයක් බවටද සාධක හමුවේ.

               මිහිදු මහ රහතන් වහන්සේ  රජතුමා ඇතුළු පිරිස පංච සීලයේ පිහිටුවා ඔවුන් හට “චුල්ල හත්ථි පදෝපම” සූත්‍රය දේශනා කලේය. මෙහි ඇති තවත් විශේෂයක් වනුයේ මෙම චුල්ල හත්ථි පදෝපම සූත්‍රය මිහිදු හිමියන් විසින් ප්‍රථම වරට දේශනා කරන ලද බණ වීමයි.ඉන් අවසානයේදී මේයට සහභාගී වී සිටි අනෙකුත් දෙවි දේවතා සමූහයට “සචිත්ත පරියාය” සූත්‍රය දේශනා කළහ.
මෙලෙසින් අාරම්භවූ ලක්දිව බුදු දහමේ ව්යාප්තිය ලාංකීය ජන සමාජය තුළ සිරිත් විරිත් චාරිත්ර වාරිත්ර අාදී සෑම සංස්කෘතික අංගයක් කරෙහිම එකලෙසින් බල පාන්නට විය. එතෙක් පැවති ප්රාථමික අැඳහිලි වත් පිළිවෙත් වලට නව අර්ථ කතනයක් සපයමින් බුදු දහම ව්යාප්ත විය.
වර්තමානය වන විට ගෝලීය අාර්ථික රටාව හමුවේ සියල්ල මුදල මත පදනම් වී මානුෂීය ගුණ කදම්බයන් අමු අමුවේ විනාශ කර දමන ලෝකයක් නිර්මාණය වී අැත.මෙම නිර්දය ලෝකය තුළ සියල්ල රැපියල් ශත මත ලන්සු තැබීමට පටන් ගෙන තිබේ . මෙම වාණිජ වාදී ප්රතිපත්තීන් අනනුකම්පී ලෙස අාත්මය පමණක් නොව අාත්මය සුවපත් කරන අාගමද අරක් ගෙන හමාරය. බල්ලෝ මරා හෝ සල්ලි ගරාගන්නට මිනිසා හුරුවී අැත. එ් අනුව බෞද්ධයන් මහත් උත්කර්ෂවත්ව සමරණ වෙසක් ,පොසොන්,අැසළ යන සෑම පොහොයක්ම පාහේ වාණිජ වාදී සමාජ ක්රමයකට හැඩ ගැසුනු පුද්ගලයන්ගේ මඩිස්සලේ පුරවන ඉත්තන් බවට පත්කර ගැනීම සැබැවින්ම පිළිකුල දනවන්නකි.

Thursday, June 9, 2016

සදාදරණීය අරුංගල්

අයුක්තියේ යදමට හිරවී අසාධාරණය රජ කරන ලෝකයක යුක්තිය හොයන්නට මා තවත් නොවෙහෙසෙමි.මන්ද යුක්තිය සාධාරණය වැළලී දැන් බොහෝ කලක් බව මා දනිමි. ලෝකය තුළ යථාර්ථය අනාවරණය කිරීමට තවදුරටත් ඉඩක් නැත. අගාධයට ගලාගෙන යන මානුෂීය ගුණ කඳම්භයන් යහ මගට අපසරණය කිරීමට තනි පුද්ගල යෙකුට නොහැකිය . නමුත් සමස්ත ලෝකයාම එහිලා කැපවුව හොත් යළිත් සුපිරිසිදු සමාජයක් බිහි කිරීම සිහිනයක් නොවෙනු අැත.