Tuesday, February 19, 2019

ජුකී මැෂිමේ හරඹෙ
හැප්පිච්ච පොඩි නංගියේ
නොබලපන් හැරී මග
සිල්ලර කඩේ ලග
තුම්මං හන්දියේ

කලු කුමාරගෙ දිෂ්ටිය
වැටෙයි එන මග
උඹට නොදැනී ගොම්මනේ
මතුරද්දි මන්තර
ඔහේ පලයන්
උඹ කන නෑහුනවගේ

පොත්ත රතු කල
වට කරන්නට
රෑන ආවත් ගං කොරේ
උලා කෑ හප දමා ගසනවා
පයට පෑ දූවිලි වගේ

පටාචාරා මංමුලා වීලා
නිරුවතින් දුවනාවෙලේ
වැරදිච්ච මග සිට
ජීවිතේ සොහොනක
මෝහිනීත් අඩනවා නංගියේ

නෙලමින්ම අස්වනු
උන් විසින් කල
තමන්ගේ ගැබ් බර කෙතේ
හොයයි හේනක් වපුරවන්නට
වහන්කර මහ වන රොදේ

කොතෙක් තිබුණත්
විච්ච කේඩිරි
ගස් කොලන් වැට අද්දරේ
ගොබ නැග්ග ඉහළට
කිතුලකටමයි
ගහන්නේ අහසෙනුත් හෙණේ......


Sashi
1/20

No comments:

Post a Comment