Tuesday, August 25, 2015

මුහුණු පොතෙට ආගන්තුක නංගිලාටමයි..................


               තාරුණ්‍යය මුසපත් කරන ආදරය ඇත්තටම මනබන්දනීයයි. දහස් කවියන් පන් හිදෙන් පද ගලපා උදම් අනන මේ ආදරය කියන්නේ මොකක්ද?අගක් මුලක් නැති කතාවක ආරම්භයක්ද? එහෙමත් නැත්නම් සංසාරගත බැඳීමක්ද? ඇතැම් පේ‍්‍රමවන්තයන් ආදරේ කරන්නේ පෙම්වතියගේ රූපයටයි .ඇතැමුන් ඇගේ උගත් කමට, ධනවත් බවට ආදරේ කරයි. එයාගෙ ගති ගුණ ගොඩාක් යහපත් අපි දෙන්නට දෙන්න හොඳින් අපිව අඳුනගෙන තියෙනවා ඒ හින්ද අපිට එකට ජිවත් වෙන්න පුලුවන් කියල ලෝකෙටම අ`ඩ බෙර ගහල රන් කෙන්දෙන් අතැ`ගිලි බැන්ඳ ඇතැම් පේ‍්‍රමවන්තයො ඊට පහුවදාම නොගැළපීමක් කර පින්නගෙන වෙන්වෙලා තවෙකෙකුගෙ පහස සොයා ගෙන යනවා.            

  ඒ කොහොම වුණත් මං අද කියන්න යන්නෙ 21 සියවසේ තාක්ෂණික දියුණුවත් එක්ක පෙම්වතුන් මුණ ගැහෙන අලුත් මංසන්ධිය ගැන. අලුත් කිවුවට දැන් මේකෙ ඇති අලුත් බවක් නැහැ. කලු පාට දිග කුඩයක් කිහිල්ලෙ ගහගෙන කලු කෝට් බෑගයකුත් ඇඳගෙන ගම් තුලානෙ කරක් ගැහුව කපු මහත්තයත් විශ‍්‍රාම ගිහින් දැන් ගොඩක් කල්නෙ. ඊට පස්සෙ පත්තර වලින් හෙව්ව මංගල යෝජනා කාලෙත් දැන් යල් පැනල ඉවරයි. දැන් ඉතිං රජ කරන්නෙ ඇමරිකාවෙ සකර්බර්ග් මහත්තය 2004 හදපු මුහුණු පොත. ඉස්සර කාලෙ නම් ගමේ තියන දොවොල් මඩුවක් පහන් මඩුවක් අහවර වෙන්නෙ මුලු ගම් තුලානෙම ම`ගුල් තුන හතරකුත් තීන්දු කරගෙන. මොකද මේ පහන් මඩු ආදිය දකින්ට ගමේ එහා කෙරෝළෙ ඉදන් මෙහා කෙරෝළට වෙනකම් ඉන්න ගැටිස්සියො ඉළන්දාරි එහෙම එනව නොවැ. ඉතින් උන් පාන්දර ජාමෙ වෙනකම් මේ බිමේ කරක් ගහන කොට දන්නෙම නැතුව සහේට ගන්ට න`ගා කෙනෙකුත් තීන්දු කොරගෙනම තමයි පහන් මඩුව අහවර වෙන්නෙ. කොහොම උනත් දැන් ඉතින් පහන් මඩුවක් දොවොල් මඩුවක් ඉදල හිටල ගමක දෙකක තියෙනව ඇරෙන්ට       ගොඩක් උන් ඒ මොකද්ද කියලවත් දන්නෙ නෑ නොවැ. සිදාදියෙ උන්දැල නම් ඒ නම් අහලවත් නැතුව ඇති මයෙහිතේ. ඒකෙන් කාරි නෑ. දැන් ඉතින් මං කියගෙනෙ ආපු කතාවට බහිමුකො. මේකනෙ දැන් සකර්බර්ග් මහත්තය ඔය ෆේස් බුකිය කියන එක හැඳුවට පස්සෙන් පහු කොහෙන් කොහොම හරි නගරෙ විතරක් නොවෙයි අපේ ගම්වල ඉන්න පැටික්කියො ටිකත්  ඕකට මූණ දාන්ඩ පටන් ගත්තනෙ. කොහේ ගියත් යන යන තැන ඉදන් අතේ තියෙන පොතක් වගේ ලොකු පෝන් එකෙන් එහාට මෙහාට ඇඹරි ඇඹරි පොටෝ අරන් බුකිට දාන්ඩ වුණා. කෙහෙවල්ල කඩා ගෙන,  ඕකෙ කෙහි රැුළි දෙක තුනක් මූණට වැටෙන්න දාගෙන හිරට හිරේ ගවුම් කොට ඇඳගෙන, නිකටට අතක් තියාගෙන ගන්න පොටෝ කාරිය මයෙ අප්පොච්චියෝ බලන්න සිරියාවෙ බැරුවා. ඉතින්  ඕක දකින බුකියෙ ඉන්න කොලු ගැටවු විකරක්යැ හැට පැනපු ඇත්තොත් ආයෙ කොල්ලො වෙන්න හදන එක අරුමයක්ද මං අහන්නෙ. පිටින් පේන සුරං`ගනා ලෝකෙ තමා ලෝකෙ කියල හිතන අපේ නංගිලා පැටිව් ටිකත් බුකියෙන් ඉ`ගි කරන මේ ඉළන්දැරින්ට වහ වැටෙනව නොවැ.

Hi නංගී කොහොමද ඔයාට?
මේ ෆොටෝ වල ඉන්නෙ ඔයාද? කියල Chat කරන්න පටන් අරගෙන

නංගියෝ ඔයා ගොඩක් ලස්සනයි. මං කැමතී ඔයා එක්ක කතා කරන්න. ඔයා වයිබර් හරි ස්කයිප් හරි ඉන්නවද?
මේ පැටියො මට ඔයාගෙ number එක දෙන්නවද? මට ඔයාට ගන්නම්                            කියලා ටිකක් බටර් ගාලා එහෙම ලස්සනට නංගිල අන්දන්න ගොඩක් අයියන්ඩිලා තියෙන්නෙ පුදුම experience එකක්. කොහොම කොහොමහරි අන්තිමට අපි meet වෙමු මගෙ පැටියො ඔයා හෙට place and time  ට එන්න පුලුවන්ද රත්තරන්?
කියල අහනවා.

 ඉතින් මේ සූකිරි නංගි පැටවුණුත් හොඳට ලුණු ඇඹූල් දාපු මේ ලණුව කාලා උත්තරාරෝපිත පේ‍්‍රමයකුත් කර පින්නගෙන රටේ තියෙන සැන්ට් පවුඩරුත් උලාගෙන ඩෙනිම් කොටේකුත් ඇඳගෙන එහෙමත් නැත්තන් කාගෙන් හරි ලස්සනට හැඩදාපු ගවුම් කොටයක් හරි ඉළ්ලන් ඇඳගෙන මිහි පිටට බැස්ස සුරං`ගනාවියො වගේ ඔන්න යනවා මුහුණු පොතේ පෙම්වතා හම්බු වෙන්ට. ඒත් සමහර වෙලාවට  මේ ගමනෙ අවසානෙ කොහේ හරි තියෙන අඳුරු කාමරයක්. අන්තිමට මේ නංගිලට වෙන්නෙ තිබ්බනන් තිබ්බ පතිවතත් කෙලෙසගෙන හිරි ඔතප් සුනේ සුන් කරගෙන ආත්මෙත් නැති කරගෙන පිස්සියක්වගේ අයාලෙ යන්න .ඔන්න කිව්වා මං මෙහෙම දොඩන්නෙ ආවට ගියාට නෙවෙයි නංගියේ. අද ගොඩක් අහන්ට දකින්ට ලැබෙන හින්ද උඹලට පොඩි දැනමුතු කමක් දෙන්ට මිසක් උඹලගෙ හීන ලෝක බිඳින්ට එහෙම නෙවෙයි. ඇතැම් පෙම්වත්තු කෙල්ලන්ව කෙලෙසනව මදිවට ලෝකෙටම මුහුණ දෙන්න බැරි විදියට එහෙන් මෙහෙන් කාමර අස්සෙ නටපු ජවුසන් වල ගත්තු ඡුායා රූප වීඩියෝ දර්ශන අන්තර්ජාලෙට ෆේස් බුක් වෙත මුදා හැරල මහ පහත් ආශ්වාදයක් ලබනව. එහෙමත් නැත්නම් ඒවා ෆේස් බුක් එකට  දානව කියල තමන් අනාත කරපු කෙල්ලගෙන් සල්ලි කොල්ලකන්න බලනවා. ඉතින් රටට ලෝකෙට මුහුණ දෙන්න බැරි අහිංසකියො ටිකක් අම්මට තිබ්බ එකම සාරිය හරි හොරෙන් උස්සල බෙල්ල එළ්ල ගන්නව. ඉතින් හිතල බලුවොත් හොඳයි නේද අහක යන කුණු ඔලුවට දා ගත්තෙ කවුද කියල. කවුද  නොදන්න පෙම්වතෙක්ගෙ පදේට නැටුවෙ කියලා.
    හැබැයි ඉතින් ඔන්න කිවුවා. මේ චෝදනා බුකියෙ ඉන්න හැමෝටම වලංගු නැහැ. ෆේස් බුක් එකේ පරම පූජිත පේ‍්‍රම වන්තයො ඇති .ඒත් අතලොස්තක් ඉන්නනව මේ වගේ අයත්. ඉතින් අපේ බුකියට ආගන්තුක නංගිලගෙ අඹ ගෙඩියක් තරම් මොළ ගෙඩිය ඇතුළෙ අබ ඇටයක් තරම්වත් මොලයක් තියෙනවනොවැ. කල්පනාවෙන් වැඩ කරන්න.  
ඉතින් මෙන්න මේ ගැනත් පොඞ්ඩක් හෙවිල්ලෙන් ඉන්ට


§       ෆේස් බුක්  ලොග් වීමේදි URL පිළිබඳ අවදානයෙන් කටයුතු කළ යුතුයි.ෆේ්ස් බුක් හා සමාන වන, නමුත් ව්‍යාජ URL ඇති බැවින් වඩාත් සැළකිලිමත් විය යුතුයි.   නිවැරදි  URL -     https://www.facebook.com                                                                                                                                                                                                       

§         තමන් ෆේස් බුක් වෙත photos uploadකරන විට ඒවා බැලිය හැක්කේ කාටද යන්න පිළිබඳ සැළකිලිමත් විය යුතුයි.

§       අනවශ්‍ය පෞද්ගලික තොරතුරු (දුරකතන අංක, ලිපිනය,ෆේස් බුක්වෙත ඇතුලු කිරිමෙන් වැළකිය යුතුයි. ඒ අනුව තොරතුරු දැමීම හැකිතරම් අඩුකල යුතු අතර මුදා හරින තොරතුරු privacy settings වලට අනුව එ්වා දැකිය හැක්කේ කවුරුන් පමණක්ද යන්න නිවැරදිව තීරණයකර කටයුතු කිරිම වඩා උච්තයි.


§       Statement ඇතුළත් කරනවානම් වඩාත් සැළකිලිමත් විය යුතුයි. මෙහිදී තමන් නොදුරු දිනෙක යන විනෝද චාරිකා ආදිය පිළිබඳ තොරතුරු ඇතුළත් නොකළ යුතුයි. එසේම මෙම Statementගින් පුද්ගල ප‍්‍රතිරූපය නිරුපණය වන බවත් අමතක නොකළ යුතුයි.


§       Review on කිරීමට සැළකිලිමත් විය යුතුයි. නැතිනම් අනවශ්‍ය postවැනි දේ අපගේ wallඑකට පැමිණීමේ අවදානමක් ඇත.


§       ෆේස් බුක් මගින් Game play කරන්නෙක් නම් Application pact form disable කළාද යන්න පිළිබඳ සැළ කිළිමත් විය යුතුයි. එසේ නොවුන හොත් ස්පෑම් විය හැක.

§       Hot news වලට likeකිරිමට පෙරඒ පිළිබඳ සැළකිලිමත් විය යුතුයි ඇතැම් විට ඒය ව්‍යාජ තොරතුරක් විය හැක ඒසේ වුව හොත් තමා එය බැලුවාය යන්න සෙසු මිතුරන්ට දැනගන්නට ලැබේ.

§       Plugging download කිරීමට පෙර තමන් මොනවාද download කරන්නේ යන්න පිලිබඳ අවබෝධයෙන් කටයුතු කළ යුතුයි.  


සශීප‍්‍රභා පියුමාලී

කැලණි විශ්ව විද්‍යාලය

kln.ac.lk

No comments:

Post a Comment