Monday, July 13, 2015

මුහුණු පොතේ වගතුග



විද්‍යාවේ හා තාක්ෂණයේ  දියුණුවත් සමග සන්නිවේදන මාධ්‍යයේද පුළුල් සංවර්ධනයක් සිදුවුණි. සාම්ප‍්‍රදායක හා නූතන සන්නිවේදන යුග පසු කරමින් වර්තමානය වන විට නව සන්නිවේදන අවධියකයට පා තබා තිබේ. නව මාධ්‍යයේ දියුණුවත් සමග ලෝකය විශ්ව ගම්මානයක් බවට පත්ව ඇතැයි මාෂල් මැලූහන් සඳහන් කළද, නූතන සන්නිවේදනඥයින්ගේ අදහස වන්නේ නව මාධ්‍යයේ  දියුණුවත් සමග ලෝකය විශ්ව ගම්මානයක් නොව එය විශ්ව පවුලක් බවට පත්ව ඇති බවයි.නව මාධ්‍ය තාක්ෂණය ක‍්‍රමයෙන් පරිණාමයට පත්වීමත් සමග ගෝලියකරණය සිදුවිය. විද්‍යුත් සන්නිවේදනය පුලුල් වීමෙන් ජාතීන් අතර පවතින දුරස්ත භාවය නිිමාවී ගෝලීයකරණය හටගත් බව කෙයාලි 1992 පවසයි. ඔහු දක්වන ආකාරයට මෙම වර්ධනීය තත්වය දුරස්ථතාවයේ මළ ගම” ලෙස හඳුන්වයි.අන්තර්ජාලය සමග විවිධ සබඳතා ගොඩනැගීම වර්තමානය තුළ වර්ධනය වී තිබේ. මෙහිදී අන්තර්ජාලය සතු වේගවත් බව මීට හේතුවී ඇත. මේ අනුව තාක්ෂණික දියුණුවත් සම`ග කාලය හා අවකාශය පහසුවෙන් ජය ගැනීමට  නව මාධ්‍යයට හැකිවිය.
ගෙවුණු වසර 25 ක කාලය තුළ ලෝකය පුරා වෙබ් අඩවි විශාල ප‍්‍රමාණයක් නිර්මාණ විය. ඒවා වඩා දියුණු ජාල භාෂා උපයෝගී කරගෙන විවිධ වර්ග යටතේ ජාලගත වී තිබෙන අයුරු දක්නට ලැබේ.

 සමාජ ජාල වෙබ් අඩවි
 ඡායා රුප වෙබ් අඩවි
bolg
Reference
මේ වන විට නිර්මාණය වී ඇති වෙබ් අඩවි ප‍්‍රමාණය ගණනින් ආසන්න වශයෙන් මිලියන 800 ක් පමණ වේ. නමුත් ක‍්‍රියාකාරීව පවතින්නේ මිලියන 200 වැනි ප‍්‍රමාණයකි.මෙහිසමාජ මාධ්‍ය පිළිබඳව විමසීමේදී සමාජ මාධ්‍ය රැසක් හඳුනා ගත හැක.
අන්තර්ජාලය පදනම් වූ අයදුම්පතක් මගින් බිහි කරනු ලබන සංකල්පමය හා තාක්ෂණික පදනමක් සහිත WEB2සංකල්පය හරහා භාවිත කරන්නන් විසින් බිහිකරනු ලබන අන්තර්ගතයන් ඇත. ඉන් විවිධ නිර්මාණයන් හා හුවමාරු කිරීම් සිදුවන සමූහයන් භාවිත කරන මාධ්‍ය සමාජ මාධ්‍ය වේ.”
                                                           Andreas Kaplan and Michael Haenlein (2010)
                                                                                   
සමාජ ජාලා වෙබ් අඩවි අතරින් ලංකාවේ කැපී පෙනෙන වෙබ් අඩවිය වන්නේ facebookවෙබ් අඩවියයි. ලංකාවේ මිලියන 21 ක් වූ ජනගහනයෙන් 5.7% කට ෆේස් බුක් ගිණුම් තිබෙන බව දත්ත වාර්තාවල දැක්වේ. විශාල පිරිසක් සමග එකවර සම්බන්ධතා පැවැත්වීමේ ශක්‍යතාවක් සමාජ ජාලා සතුවේ. නූතන සමාජය දෙස විමසා බැලූ විට අන්තර්ජාලය තුළ ඇති ෆේස් බුක් සමාජ ජාලා වෙබ් අඩවිය පිළිබඳ නොදන්නා කිසිවෙකුත් නොමැති තරම්ය.
”ෆේස් බුක් යනු නොමිලේ ලබාදෙන ජනප‍්‍රිය සමාජ ජාලා වෙබ් අඩවියකි. එය තමන්ට පැතිකඩක් නිර්මාණය කර ගැනිමට හා ඡුායා රූප හා වීඩියෝ දර්ශන නිකුත් කිරිමටද යහලුවන් සිය පවුල හා හවුල්කරුවන් සම`ග පණිවුඩ හුවමාරුකර ගැනීමටද ඉඩ සළසා දී තිබේ.”
                                                                
”ෆේස් බුක්  යනු සමාජ ජාල වෙබ් අඩවියකි. එමගින් පවුල හා මිතුරන් සමග පහසුවෙන් සම්බන්ධතාවන් ගොඩ නගා ගැනීමට හා බෙඳා ගැනීමට හැකී.”
”ෆේස්බුක් මගින් ලෝකයට විවර වීමටත් සම්බන්ධ වීමටත් තොරතුරු බෙදා හැරිමටත් අවස්ථාව ලබාදී ඇත. මේ අනුව පුද්ගලයින්ට ෆේස් බුක් මගින් පවුල හා මිතුරන් සමග සම්බන්ධ වීමටත් ලෝකයේ තොරතුරු බෙදා ගැනීමටත්,ප‍්‍රකාශ කිරිමටත් හැකියාව ලැබේ.”
                                                                                                  
පවතින දුර්වලතා හඳුනාගනිමින් නිරන්තරයෙන් ප‍්‍රතිසංස්කරණයට ලක්වන ෆේස් බුක් සමාජ ජාලය විශේෂයෙන්ම තරුණ තරුණියන් අතර ජනපි‍්‍රය අංගයක් බවට පත්ව ඇත.මෙය ලෝක ව්‍යාප්ත බහු මාධ්‍ය සමාජ සේවා ජාලයක් ලෙසින් හඳුනා ගත හැක.ෆේස් බුක් ආරම්භ වීමට පෙර එම තැන හිමිකරගෙන තිබුණේ මයි ස්පේස් හා හයිෆයිව් යන සමාජ ජාලා දිවිත්වයයි.ෆේ්ස් බුක් සමාජ ජාලයක් ලෙස දියත් කරනු ලැබූවේ 2004 අපේ‍්‍රල් 4 වැනි දින සිටයි.ෆේස් බුක් 2013 සැප්තැම්බර් මාසය වන විට බිලියන 1.19 ක පරිශීලකයන් ගණනකින් සමන්විත විය.මෙහි ලියාපදිංචි විය හැක්කේ අවම වශයෙන් වයස අවුරුදු 13ක් වයසැති පරිශීලකයන්ට පමණි. ඒ අනුව වයස අවුරුදු 13ට අඩු වූවන්ට ෆේස්බුක් සාමාජිකත්වය හිමි නොවේ.
                        ෆේස් බුක් සමාජ ජාලය නිර්මාණය කරනු ලැබූවේ මාක් සකර්බර්ගේ මූලිකත්වයෙනි. ආරම්භයේදී නිර්මාතෘවරුන් විසින් ෆේස් බුක් වෙබ් අඩවිය හාර්වඞ් සරසවියේ සිසු  සිසුවියන් ඒකරාශ‍්‍රි කිරිම සඳහා ආරම්භ කර ඇත.කෙසේ නමුත් පසුව මෙම සමාජ ජාලය අවට පාසල් අතරද බොස්ටන් ප‍්‍රදේශයේ හා ස්ටැන්ෆෝඞ් සරසවිය අතරද ව්‍යාප්තවී ඇත. මෙලෙස පසුකාලීනව එම ප‍්‍රාථමික බලාපොරොත්තුව ඉක්මවා යාමට ෆේස් බුක් සමාජ ජාලයට හැකිවූයේ මිලියන 500ක පරිශීලකයන් ප‍්‍රමාණයක් එය හා එක් රැස් කර ගැනීමත් සම`ගිනි. දැනට ලෝකයේ අංක එකේ සමාජ ජාලා වෙබ් අඩවිය ලෙස කිරුළ හිමි කර ගත් ෆේස් බුක් උන්මාදයක් ලොව පුරා පවතී.මේ අනුව ෆේස් බුක් සමාජ ජාලයේ ආරම්භය, ආරම්භක අරමුණු ,එහි ශීඝ‍්‍ර ව්‍යාප්තිය පිළිබඳ යම් අවබෝධයක් ඔබට ලැබෙන්නට ඇත.
දන්නා මිතුරන්ට සිය සම්බන්ධතා වඩා වර්ධනය කර ගැනීමටත්,නොදන්නා මිතුරන් හඳුනා ගැනීමටත් , නොදන්නා අයට දැන ගැනීමටත් දන්නා අයගේ දැනුම තව තවත්  වැඩි දියුණු කර ගැනිමත් හැකියාව ලැබුණු නූතන තාක්ෂණයේ ප‍්‍රාතිහාරයක් ලෙසින් ෆේස් බුක් හඳුනාගත හැක. කෙසේ නමුත් 2004 පෙබරවාරි මාසයේ ලෝකයාට හඳුන්වා දුන් මෙම සමාජ ජාල වෙබ් අඩවිය තුළමේ වන විට ALEXAශ්‍රේණිගත කිරිමට අනුව සාමාජිකත්වය ලබා ඇති පිරිස මිලියන 600 ඉක්මවා ගොස් තිබේ.  මොහොත වනවිටත් Internet live stats web side අනුව ලෝකයේ ෆේස් බුක් පරිශීලකයන් ප‍්‍රමාණය 1410763550 කි.මේ වන විට ෆේස් බුක් භාවිත කරන 213ක් වු රටවල් අතුරෙන් ලංකාව 76 වන ස්ථානය හිමිකරගෙන ඇත.මෙම සටහනලියන අවස්ථාව වන විටලංකාවේ ෆේස් බුක් පරිහරණය කරන සංඛ්‍යාව 852500ක් වන අතර එය සමස්ත ජන ගහණයෙන් 4% ක ප‍්‍රමාණයකි. ALEXA ශ්‍රේණිගත කිරිමට අනුව ලංකාවේ වෙබ් අඩවි අතරින් ෆේස් බුක් සමාජ ජාලය පළමු තැන හිමිකරගෙන ඇත. ලංකාවේ අන්තර්ජාලය පරිහරණය කරන්නන් අතර ඉකුත් මාස 6 ක කාලයේ ෆේස් බුක් සමාජ ජාලයට අලුතින් එකතු වූණු පිරිස  142,820 කි.
 
සශීප්‍රභා පියුමාලී 

No comments:

Post a Comment