Thursday, July 9, 2015

පගාවෙන් නොව නීතියෙන් පොලිෂ්වූ පොලීසියක් වෙනුවෙන්

 

 

                       සුරක්ෂිත මනා සංවිධානාත්මක සමාජ පැවැත්මක් සඳහා නීතියෙහි රැකවරණය අවශ්‍ය වෙයි. මේ සඳහා පොලිසිය ම`ගින් ඉටු කෙරෙන කාර්යය භාරය අති මහත් ය.ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී”යන්න ධර්මය ඒකාන්තයෙන්ම ධර්මයෙහි හැසිරෙන්නා රකියි යන්නෙහි පාළි අනුවාදයයි.ධර්මය යනු යහපත් පැවැත්මකට ම`ග පෙන්වන උසස් සංකල්පයකි. එවැනි සංකල්පයක් ක‍්‍රියාත්මක නොවීමේ දී යහපත් සමාජ පැවැත්ම බිඳ වැටෙයි. එය නැවත සංස්ථාපනය කර ගැනිමට  අවශ්‍ය පියවර ගැනීමට නම් පොලිසිය නීතිය සහ අධිකරණය අවශ්‍යවෙයි. ශ‍්‍රී ලංකා පොලිස් ලාංඡුනයෙහි තේමා පාඨය බවට පත්ව ඇත්තේ ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී” යන්නයි. 

                   ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සාමාජවාදී ජනරජයේ පොලිසියෙහි ඉතිහාසය සම්බන්ධයෙන් කරුණු විමසීමේදී අනාවරණය කරගත හැකි විශේෂ කරුණු කිහිපයකි. පුරාණ ලංකාවෙහි සාධාරණයේ උල්පත රජතුමා වන අතර ඒ සම්බන්ධයෙන් රජතුමාගේ නිළධාරි මණ්ඩලයක් ක‍්‍රියාත්මක විය. ඒ පිරිස පොලිස් බලතල හා අධිකරණ බලතල යන කොටස් දෙකම දරණ ලද බවට සාධක ඇත.වර්තමානයේ පවතින තත්වයට පොලිස් දෙපාර්තමේන්තුව ආරම්භ කර වැඩ කටයුතු පවත්වාගෙන යාමෙහි මූලික පදනම බටහිර ජාතින් මුහුදු බඩ ප‍්‍රදේශ අයත්කර ගැනීමත් සම`ග ආරම්භ වු බව ඉඳුරා කිව හැක.

                 ශ‍්‍රී ලංකාවේ ජනතාව විසින් රටේ නීතියට පටහැනිව යම් ක‍්‍රියාවක් කළහොත් හෝ රටේ නීතියෙන් ඉටුකළ යුතු යැයි බලාපොරොත්තුවන යම් ක‍්‍රියාවක් නොකළ හැරියහොත් මෙම ක‍්‍රියා අපරාධ හෝ වරදවල් වශයෙන් පිළිඹිබුවේ.මෙවැනි වරදවල් හෝ අපරාධ සිදුවූ බවට පොලිස් නිළධාරියෙකුට ආරංචියක් හෝ පැමිණිල්ලක් ලැබූ විගස වහාම ක‍්‍රියාත්මකවී පර්යේෂණ පැවැත්විය යුතුයි. මෙම පර්යේෂණ කඩිනමින් පවත්වා නඩු නිමිත්ත පිළිබඳ වාර්තාව අධිකරණයට  වාර්තා කළ යුතු වේ. ලෙස සැළනනු අද පවත්නා පොලිස් දෙපාර්තමේන්තුව 1833 දී ආරම්භ කරන ලද අතර 1865 දි පොලිස් ආඥා පනත ඇති කිරිමත් සම`ග එහි නව ජිවයක් ලැබු අතර එය දැන් පවත්නා තත්වයට ක‍්‍රමිකව වර්ධනය විය.

පොලිස් යන වචනය සකස් වී ඇත්තේ මෙසේය.

 P -       Polite             - අාචාරශීලී වීම

O -      Obidient        -කීකරු

L -       Loyality         - නීතිගරුක

I -        Intelligent    - බුද්ධිමත්

C -       Curiosity       - කුතුහලෙයන් අනූන

E -       Effieient        - කාර්යශූර්යය

අරුත් සහිත පද වල මුල් අකුරු එක්වීමෙනි.

 පොලිස් දෙපාර්තමේන්තුවේ කළමණාකාරිත්වය දෙස බලන විට එය පුලුල් වශයෙන් ජේෂ්ඨ කළමනාකරුවන් මැද පෙළේ කළමණාකරුවන් පළමු  පෙලේ කළමණාකරුවන් වශයෙන් ප‍්‍රධාන කොටස තුනකි. පොලිස්පති ඇතුලු ෙඡ්්‍යෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පළමු වැනි ඝනයට වැටේ. මෙම නිළධාරීන් දෙපාර්තුමේන්තුවේ ප‍්‍රතිපත්ති තිරණ වලට එළඹේ. මෙසේ ගන්නා ප‍්‍රතිපත්ති තීරණ පොලිස් මුලස්ථානය ම`ගින් පොලිස් කොට්ඨාශ භාර පොලිස්  අධිකාරී වරුන් වෙතටත් චක‍්‍රලේඛණ සහ උපදෙස් මාර්ගයෙන් දන්වනු ලැබේ. අවසාන වශයෙන් මෙම ප‍්‍රතිපත්ති කියවීම සඳහා පොලිස් ස්ථාන භාර නිළධාරීන් වෙත පැවරේ.

පොලිස් දෙපාර්තමේන්තුව මහජනයාට ඉතා කාර්යක්ෂම ක‍්‍රියා වලියක් සැපයිමට නම් මහජනයා කෙරෙහි මනා අවබෝධයකින් පසු විය යුතු ය.පොලිස් නිළධාරින් මහජනයා කෙරෙහි මානුෂිකව සලකමින් අපරාධ නිවාරණය කිරීමෙහි නිරත විය යුතු අතර, මහජනයා හා පොලිසිය අතර සුහද සම්බන්ධතා වැඩිවන ආකාරයට වෙනම ඒකකයක් පිහිටුවීමද ඉතා වැදගත් වේ. රටෙහි නිතිය හා සාමය රැුකීමේදි අපරාධ පර්යේෂණ ක‍්‍රියා වලියට හිමි වනුයේ වැදගත් ස්ථානයකි. මෙම අපරාධ පර්යේෂණ ක‍්‍රියා වලිය මුලුමනින්ම සිදු කරනුයේ පොලිසිය ම`ගිනි.එසේම යම් කරුණක් ඔප්පු කිරීමේදි සාක්ෂි ඉතා වැදගත් වේ. සාක්ෂි යනු ඔප්පු කිරීමේ මාධ්‍ය වන අතර සාක්ෂි ම`ගින් ඔප්පු කිරීමේදී සාක්ෂි ආඥා පනතෙහි ප‍්‍රකාරව එය කළ යුතුයි. එසේම සාක්ෂි සටහන් කර ගත යුත්තේ අපරාධ නඩු විධාන සංග‍්‍රහයට අනුකූලව යැයි සම්මතයක් ඇත. ඒ සම්බන්ධයෙන් 1979 අංක 15 දරණ අපරාධ නඩු විධි විධාන සංග‍්‍රහය වැදගත් වේ. අපරාධ නඩු විධි විධාන සංග‍්‍රහය හා සාක්ෂි ආඥා පනත අනුව ගන්නා සාක්ෂි ඉතා පුලුල්ව හා ගැඹුරින් යොදා ගත්තද ඒවා නඩුවේදී නෛතික ක‍්‍රමවේදනයන්ට අනුව ඔප්පු කළ යුතු ය. මෙම නෛතික රාමුව තුළ මනුෂ්‍යයාගේ පෞද්ගලික නිදහස ආරක්ෂාවීමට ඇති ඉඩ ප‍්‍රමාණය ඉතා ප‍්‍රබල වන ලෙසට මෙම සාක්ෂි පිළිබඳ නීතී සංග‍්‍රහ සකස් කර ඇත.

            කෙසේ නමුත් පොලිස් නිළධාරින් මෙම නෛතික රාමුවට පිටින් කටයුතු කරන අවස්ථා නැතුවා නොවේ.ඒසේම මහ ජනතාද නිතියට අවනත නොවී කැළෑ නිතිය රජ කරවීමට පෙළඹෙන අවස්ථාද හඳුනා ගත හැක. ලොව සෙසු පොලීසි සම`ග සසදන විට ලංකාවේ පොලිස් නිළධාරීන් ඉතා තියුණු බුද්ධියෙන් හෙබි  ඕනැම අපරාධයක් පිළිබඳ ඉක්මනින්ම තොරතුරු අනාවරණය කරගනිමින් වැරදි කරුවන් සොයා ගැනීමේ දක්ෂතාවයෙන් යුත් ආයතනයක් ලෙස පැහැඳිලිවම ඔප්පුවී ඇත.කෙසේ නමුත් ඇතැම් පොලිස් නිළධාරින්ගේ අමන කි‍්‍රයා හේතු කොටගෙන සමස්ත පොලීසිය යන නාමයටම කැළක් හටගෙන තිබේ.පගාව ගන්නන් ලෙස පොලිස් නිළධාරීන් හංවඩු ගසා ඇත්තේ මෙම ක‍්‍රියා කලාපයන් හේතුවෙනි. පොලිස් නිළධාරීන්ගේ මෙවැනි ක‍්‍රියා කලාපයන්හි ඇතුළාන්තයෙහි භාහිරට නොපෙනෙන පැතිකඩක් තිබිය හැක. එය ඇතැම් විට ලබන වැටුපෙන් සෑහිමට පත් නොවීම හෝ ආර්ථික ස්වභාවය මත එය ප‍්‍රමාණවත් නොවීම ආදි තත්වයන් බලපෑ හැක.නමුත් පොලිස් නිලධාරියෙකු වශයෙන්  රටට උසස් තත්වයේ යහපත් සේවාවක් කළ හැක්කේ අවංකව කැපවීමෙන් හා වගකීමෙන් සේවය කළහොත් පමණි.පොලිස් නිළධාරින් කරන කටයුතු වලදි අභිමානය නැමැති සංකල්පය ඉතා වැදගත් තැනක් ගනී.

No comments:

Post a Comment