Monday, July 6, 2015

                                              ජනප‍්‍රිය සංස්කෘතිය
                  

                                    ජන සංස්කෘතිය ජනප‍්‍රිය සංස්කෘතිය යන යෙදුම් නූතනයේ බහුලව භාවිත වන යෙදුම් බවට පත්වී තිබේ. නූතන ලෝකයේ ජනප‍්‍රිය සංස්කෘතිය පිළිබඳ සාකච්ඡුා කෙරෙන්නේ ජන මාධ්‍ය නිසා බිහිවූ නව ප‍්‍රවණතාවක් ලෙසයි. විද්‍යාවේ හා තාක්ෂණයේ අපූරු මෙවලම් ලෙස නිෂ්පාදනයන් වූ ජන මාධ්‍යයේ නැඟීම මෙම සංකල්පයේ බිහිවීමට හා වර්ධනයට මෙන්ම ව්‍යාප්තියට බලපානු ලැබීය. ජන මාධ්‍ය පාදක කරගෙන සමාජයට නව භාවිතයන් හා චර්යාවන් හඳුන්වාදෙන ජනප‍්‍රිය සංස්කාතිය 1950  -  1960 දශක වල භාවිතයට පැමිණි බව හඳුනා ගත හැක. නූතන විද්‍යුත් මාධ්‍ය ප‍්‍රභවය වීමෙන් පසුව බිහිවන නව සංස්කෘතික ප‍්‍රවණතාවක් ලෙසද ජනප‍්‍රිය සංස්කෘතිය හඳුනා ගත හැකි ය. සාහිත්‍ය කලාව සංගීතය ගීතය වැනි නිර්මාණාත්මක නිෂ්පදනයන්ට මෙම ජනප‍්‍රය සංස්කෘතියට අනුව හැඩගැසීමට සිදුවී තිබේ. ජනපි‍්‍රය සංස්කෘතිය විටෙක වාණිජත්වය මත පදනම් වේ. ඒ අනුව එහි මූලික අරමුණක් වන්නේ උපරිම ලාබ ලබා ගැනීමයි. විනෝදාශ්වාදන මාධ්‍ය නිර්මාණයන් දෙසටද මෙම වාණිජවාදී මුහුණුවර සෘජුවම බලපායි. එබැවින්ම ග‍්‍රාහකයාගේ මනමෝහනය වන ආකාරයේ සුසංයෝගී ක‍්‍රම උපකාරිකර ගැනිමටද නූතන නිර්මාණකරුවන්ට සිදුවී ඇත.
                 මෙම ජනප‍්‍රිය සංස්කෘතිය නැමැති සංකල්පය සංස්කෘතියේම  තවත් ආකාරයක් ලෙස හඳුනා ගැනීම සාවද්‍ය නොවේ.  මෙම සංස්කෘතිය යන්නෙහි අංග ගැනීම ඉතා අසීරු වූවකි.  ජනපි‍්‍රය සංස්කෘතියද දේශිය ජන සාමජයට පිවිසුණු නවාංගයක් ලෙස හඳුනාගත හැක. නමුත් මෙම නවාංග මෙරටෙහි විද්වතුන් අතර කතා බහට ලක්වූයේ හුදු විනෝදාස්වාදයක් ලබාදෙන සරළ පහත් සංස්කෘතියක් ලෙස බව ඒ පිළිබඳ සියුම්ව අධ්‍යයනය කිරීමේදී මනාව පැහැඳිලි වේ.
                බටහිරකරණයත් සමග ශ‍්‍රී ලංකාවට උරුම වු මෙම ජනප‍්‍රිය සංස්කෘතිය නම් සංකල්පය මේ වන විට දේශීයත්වය තුළ කිදා බැස ඇත. ජනප‍්‍රිය සංස්කෘතිය මෙතරම් ව්‍යාප්ත වීමට හේතුව තාක්ෂණයේ දියුණුවයි. පුවත්පත ගුවන් විදුලිය රූපවාහිනිය සිනමා නිර්මාණ ගීතය චිත‍්‍ර ආදිය සම`ග තාක්ෂණය බද්ධ වී ඇති ආකාරය නිසා වර්තමානයේ ජනපි‍්‍රය සංස්කෘතිය කෙතරම් ව්‍යාප්තව ඇත්දැයි වටහා ගත හැක. ජනප‍්‍රිය සංස්කෘතියේ ප‍්‍රබල මෙහෙයුම් උපකරණ ලෙස සංයුක්ත තැටි මයික‍්‍රෆෝන ස්ටීරීයෝ චිත‍්‍රාගාරය, විද්‍යුත් සංගිත භාණ්ඩ වර්ණාලෝක ආදියෙන් තොරව එම සංස්කෘතිය පිළිබඳව අධ්‍යයනය කිරිම පවා අර්ථ විරහිත වුවක් බවට පත්ව ඇත .

M.M.S.පියුමාලී
කැලණිය විශ්ව විද්යාලය

No comments:

Post a Comment